මව්කිරි දීමේ දී ගැටළු ඇති වන්නට හේතු

දරුවෙකු මේ ලෝකයට බිහි කළ අම්මාවරුන් හැම කෙනෙක් ම මව්කිරිවල වටිනාකම හොඳින් ම දන්නවා. දරුවෙකුගේ නිරෝගී කායික මානසික වර්ධනයට මව්කිරිවලින් ලබාදිය හැකි ශක්තිය වෙනත් කිසිම ආදේශකයකින් ලබාගන්නට බැහැ. ඒත්, සමහර අම්මලාට තියෙන ලොකුම ගැටළුවක් තමයි බබා කිරි බොන්න උනන්දු මදිකම. එහෙමත් නැත්නම් බබාට උවමනා තරමට බොන්න මවට කිරි එරෙන්නෙ නැතිකම. සමහර අවස්ථාවල දි අම්මා දරුවාට කිරි දුන්නත්, දරුවා අම්මගෙන් කිරි  උරා බිව්වත් මවුකිරි තුළින් දරුවාට අවශ්‍ය‍ ප්‍රමාණයට පෝෂණය ලැබෙනවා ද, එහෙමත් නැත්නම් කිරිවල ප්‍රමාණවත් තරම් පෝෂණයක් අඩංගු වනවා ද යන්නත් විශේෂයෙන් ම  සැලකිලිමත් විය යුතු තත්වයක්. මව්කිරි දීමේ දී  ඔබ ට ඇතිවන මේ කවර ආකාරයේ ගැටළුවක් වුණත් ඉතා ඉක්මණින් විසඳාගැනීමට ඔබ සමත්විය යුතුයි.

  • මානසික ආතතිය සහ කාංසා තත්වයන්
  • ශරීර අභ්‍යන්තර රෝග තත්වයන්
  • මව විසින් භාවිත කරන ඇතැම් බෙහෙත් වර්ග
  • අධිරුධිර පීඩනය
  • මවගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය
  • වැඩිපුර කෝපි පානය කිරීම
  • පෝෂ්‍යදායී නොවන ආහාර ගැනීම
  • ගර්භණීභාවයට සම්බන්ධ වෙනත් සංකූලතා
  • දරුවාගේ මොළයේ හෝ ස්නායු පද්ධතියේ යම් යම් ආබාධ තත්වයන්
  • ගර්භනී සමයේ දී ප්‍රමාණවත් ව නොවැඩුණු දරුවකු වීම
  • දරුවාට තිබෙන වෙනත් රෝග තත්වයන්
  • කිරි උරාබීමේ නොහැකියාව හෝ අඩු හැකියාව හෝ අනෙකුත් ශාරීරික ආබාධ

දරුවාට මව්කිරි ක්‍රමානුකූලව ලබාදීමට ඇති මෙවැනි කවර අන්දමේ බාධාවක් වුවත් ඉතා ඉක්මණින් ම විසඳාගැනීමට ඔබ ඔබේ සහකරු ඇතුළු වැඩිහිටියන්ගෙන්, ‍පවුල් සෞඛ්‍ය උපදේශිකාවගෙන්, ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් සහ සහයෝගය ලබාගැනීම අතිශයින් ම වැදගත් වනවා. සාමාන්‍යයෙන් නිරෝගී කිරිදෙන මවක් දිනකට කිරි මිලිලීටර් 650ත්750ත් අතර ප්‍රමාණයක් නිපදවනවා. මේ කිරි ප්‍රමාණය නිපදවන්නට ඇයට වැයවන ශක්තිය හොඳින් හඳුනාගනිමින්, ඒ ගැන සැලකිලිමත් වෙමින් පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම කිරිදෙන මව්වරුන්ට ඇතිවන ගැටළු බොහොමයකට හොඳ ම විසඳුම බව වෛද්‍යවරුන් නිරන්තරයෙන් ම අවධාරණය කරනවා.

 – නිරංජලා –

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...