ආදරය අහිමිවීමේ වේදනාව ගැන කියා දෙන Dia

දියා කියන්නෙ හරිම Introvert, වැඩිය තමන්ගෙ හිත අස්සෙ තියෙන දේවල් කාත් එක්කවත් බෙදාහදාගන්නෙ නැතුව පාඩුවෙ ඉන්න කෙල්ලෙක්. මෙයා Bio technology ඉගෙන ගන්න විශ්ව විද්‍යාල සිසුවියක්. මෙයාලා ඉන්නෙ බැංගලෝරයේ. මේ දියා වැඩි සද්ද බද්ද නැති කෙල්ලෙක් වුනාට මොකෝ එයාට Crush එකක් තිබුණා.

එයාගෙ නම රෝහිත්. මේ රෝහිත් ඉන්නෙ රට යන්න බලාගෙන. හිත අස්සෙන් රෝහිත්ට මොන තරම් ආදරෙයි කිව්වත් දියාට කවදාවත් පුලුවන් වෙන්නෙ නෑ රෝහිත් රටෙන් පිටවෙන්න කලින් තමන්ගෙ හිතේ තියෙන හැඟීම රෝහිත්ට කියන්න.

ඒ කතාව වෙන තැනක වුනානම් එතනින් ඉවරවෙන්න තිබුනා. ඒත් දෛවය ප්ලෑන් කරගෙන ඉඳල තියෙන්නෙ ඒ කතාව ඒ විදියට ඉවර කරන්න නම් නෙවෙයි.

අවුරුදු තුනකට පස්සෙ දියාටරෝහිත්ව ආයෙ හමුවෙනව මුම්බායිවලදි. දියා දැන් ඉන්නෙත් මුම්බායි වල එයාගෙ රැකියා කටයුතු වෙනුවෙන් තමයි එයා මුම්බායි වලට ආවෙ.

අවුරුදු තුනකට කලින් හිත අස්සෙ හංගගෙන උන්න ආදරේ ටිකෙන් ටික එලියට එන්න මේ හමුවීමට පුලුවන් වෙනවා. ටික ටික යාලුකම ආදරේකට පෙරලෙද්දි රෝහිත් දියාට තමන්ගෙ හිතේ තියෙන කැමැත්ත ප්‍රකාශ කරනවා. මේ වගේ සුන්දර හමුවීමක් එක්ක ජීවිතේ ගෙවිල යද්දි දියා සහ රෝහිත් දවසක් මහ රෑක ගමනක් ගිහින් එද්දි මොකක්මහරි අවාසනාවකට දියා සහ රෝහිත් ගමන් ගත්ත වාහනේ ඇක්සිඩන්ට් වෙනවා.

ආයෙ සිහිය එද්දි දියා ඉන්නෙ ඉස්පිරිතාලෙ.

දියා එතකොටයි දැනගන්නෙ ඒ ඇක්සිඩන්ට් එකෙන් තමන් බේරුණාට රෝහිත් බේරිල නැති බව.

ඒ දියාට දරාගන්න අමාරු වෙන පණිවිඩයක්. මේ නිකන්ම නිකන් මනුස්සයෙක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සෙ තමන්ගෙ ක්‍රශ් එක. අවසානයේ කොහොමහරි හිමිකරගත්ත ආදරයේ අයිතිකාරයා. ඒ ආදරේවත් ඒ ආදරේ දුන්න මනුස්සයවත් නැතුව මේ ජීවිතෙන් පලක් තියෙනවද?

රෝහිත්ගේ මරණය පිළිගැනීමට නොහැකිව, ඩියා දැඩි ලෙස මානසික අවපීඩනයට පත් වෙනවා. ඒ කම්පනය එක්ක ආපහු බෙංගලෝරයට පිටත් වන දියා එහේදි දුම්රිය හරස් මාර්ගයකදී සියදිවි නසා ගන්න තීරණය කරනවා. ඒත් ඒ උත්සහය නතර වෙන්නෙ හදිසියෙම එන කෝල් එකකින්.

 ඒ කෝල් එක එන්නෙ ආදිගෙන්. “මට ආයෙ කතාකරන්න එපා” කියල දියා ආදිට තරහෙන් කිව්වත් ජීවිතේ සමහර දේවල් විශේෂයෙන්ම වෙන්න තියෙන දේවල් අපිට ඒ විදියට අපිට ඕන ඕන විදියට වෙනස් කරගන්න බෑනෙ.

ඉතින් දෛවය මේ කතාවෙ තැන් කිහිපයකදිම අනපේක්ෂිත විදියට දියා සහ ආදිව මුණගස්වනව. ආදි දියා ටිකෙන් ටික යාලු වෙනවා. ආදි උදව් වෙනව දියාට එයා ඉන්න මානසික අවපීඩන තත්ත්වයෙන් මිදෙන්න. අවසානෙ බිඳිල උන්නු තමන්ව ආයෙමත් පිළිසකර කරන්න උදව් වුන ආදිට දියා ආදරය කරන්න පටන් ගන්නව.

එකපාරක් ආදරය නිසා බිඳිච්ච හිත හදපු ආදරේ හිත අස්සෙ පුරවගෙන බැංගලෝර් ඉඳල මුම්බායි වලට එන දියාට මූණ දෙන්න වෙන්නෙ හිතුවෙවත් නැති දේකට.

“රෝහිත් මැරිල නෑ”

ඇක්සිඩන්ට් එක නිසා කෝමා එකම උන්න රෝහිත් ගැන දියාගෙ හිත රිද්දන්න බැරි නිසා ඇත්ත හංගපු බව දියා දැනගන්න ඒ මොහොතේ.

දියා ආදිට කතා කරල කියනව. රෝහිත් මියගිහින් නැති බව. හිත කොච්චර බිඳුනත් ආදි කියන්නෙ හරි හොඳ කොල්ලෙක්. “රෝහිත් තමයි ඔයාට හොඳටම ගැලපෙන්නෙ. ඒ නිසා මාව අමතක කරන්න” කියල කියන්න තරම් ආදි පරාර්තකාමී මනුස්සයෙක් වෙනවා.

රෝහිත්ගෙ අම්මා අකමැති වුනත් දියා රෝහිත්ව බලන්න එනවට දියා යනවා. රෝහිත් දකිනව දියා ඉන්නෙ දුකක් හිත අස්සෙ හංගගෙන බව. ඒ දුකට හේතුව ආදිඅ අතෑරල දාල එන්න වුන එක බව රෝහිත් තේරුම් ගන්නවා.

ඒත් මේ ඉන්නෙ තමන් ආදරය කරපු කෙල්ල.

අවුරුදු ගානක් තමන්ව ක්‍රශ් එකක් කරගෙන ඉඳල ඊටත් කාලෙකට පස්සෙ තමන් එක්ක ආදරයෙන් බැඳුන කෙල්ල. තමන් ඇක්සිඩන්ට් උනේ එයා එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහින් එද්දි.

ඒ හැඟීම්, ඒ අතීතෙ මෙච්චට ඉක්මනට අමතක කරල දාන්න පුලුවන්ද? අනික් එක තමන් මැරුන කියල දැනගෙන දියා කොහොමද එච්චර ඉක්මනට වෙන කෙනෙක්ට ආදරේ කරේ?

ඔයාලා හිතන්නෙ මොකද්ද රෝහිත් ඒ විදියට හිතන්න ඇතිද?

එහෙම නැත්තම් එයා පරාර්තකාමී වෙලා දියාට ආදි ලඟට යන්න දෙයිද?

මේ චිත්‍රපටය අවසානයේ දියාගෙ ආදරය හිමිවෙන්නෙ කාටද?

ඒ ගැන දැනගන්න ඔයා මේ චිත්‍රපටය බලන්නම ඕන. ආදරයට සතුට වගේම දුක, වේදනාව සහ බලාපොරොත්ති බිඳ වැටීමත් ජීවිතයට අරගෙන එන්න පුලුවන් බව කියවෙන අපූරු චිත්‍රපටයක් තමයි දියා කියන්නෙ.

ඉතින් චිත්‍රපටය නරඹලා අපිට ඔයාගෙ අදහස් බෙදාගන්න අමතක කරන්නත් එපා.

Related Articles

Don't Miss


Latest Articles