මලින් , බුලතින් ජීවිතේ සරු කරගත් දිරිය අම්මා

ස්වර්ණා ගේ ජීවිතයේ අනිත් පැත්ත හැරුඅන නිමේශය  ආවෙ හිතුවෙවත් නැති විදියට.  ස්වර්ණාගේ වැඩිමහල් පුතා  යාළුවොත් එක්ක මෝටර් සයිකල් වල ගමනක් යනකොට රිය අනතුරකට මුහුණ දීලා තිබුණා. මෝටර් සයිකලය පිටිපස්සේ වාඩිවෙලා ගියපු  ස්වර්ණ ගේ වැඩිමහල් පුතා රිය අනතුර  නිසා ඉතාමත් බරපතළ තුවාල ලබලා රෝහල් ගත කරන්න සිද්ධ වුනේ ස්වර්ණගේයි , එයාගේ ස්වාමිපුරුෂයාගේ යි ජීවිතේ   එකම තැන නවත්තලා.

හීනෙකින්වත් නොහිතපු විදිහට ස්වර්ණ ගේ පුතා  තාවකාලිකව  ස්නායු දුර්වලතාවයකින් පෙළෙන බව වෛද්‍යවරුන් නිගමනය කරලා තිබුණා.පුතාගේ වැඩ කටයුතු ස්වර්ණ ට තනියෙන් කරගන්න බැරි වුණු නිසා  ස්වාමිපුරුෂයා ඒවෙනකොට රාජකාරි කරමින් උන්න රාජකාරි ස්ථානයෙන් ඉවත් වුණා. 

ඒ තීරණෙත් එක්ක මුලදී ස්වර්ණලාගෙ පවුලට ආර්ථික අගහිඟකම් වල ලොකු ප්‍රශ්නයක් නොතිබුණත්,  මාස හයක් හතක් යනකොට ගෙදරට ගෙදරට මාසිකව මුදලක් එන්නැති ප්‍රශ්නෙත් ඉතාමත් හදට දැනෙන ගත්තා.

අඟුණකොළපැලැස්ස  කෘෂිකාර්මික ගමක් වුණත් ඒ වෙනකොටත් ස්වර්ණලාගේ පවුලේ  කෘෂිකාර්මික කටයුතු  වලට ලොකු නැඹුරුවක් තිබුණෙත් නැහැ. 

දවසක් ස්වර්ණ ස්වාමිපුරුෂයා ගෙදරට පිටිපස්සෙන් තියෙන  ඉඩක තිබුණු ඇල්බීසියා ගස් වගයක් පාහින ගමන් හිටියේ. 

” ඇයි ඔයා ඔය ගස් කපනනේ ?”

“මං බැලුවේ මේ ටිකේ මොකක් හරි වගාවක් දාන්න.. මඤ්ඤොක්කා ටිකක් දැම්මොත් හරි නේ…”

“එතකොටම ඇල්බීසියා ඇල්බීසිය දඬු ටික මොකද කරන්නේ?”

“ඒ ටික ඔය පාර අයිනෙ වත් තියමු. ඕනි කෙනෙක් අරන් යයි. නැත්තං නැත්තං ඉතිං ආයෙ අරගෙන පිටිපස්සෙන් දාමූ…”

“එපා… ඔයාට පුලුවන්නම් මට බුලත් ටිකකට මැස්සක්  හදලා දෙන්න…” 

දවස් දෙක තුනක ඉඳන් හිතේ තිබුණ කාරණාවක් ගැන ස්වර්ණ එහෙම කිව්වා. 

ඒ ගැන වැඩි  විමසීමක් නොකරම, ඒ  කියපු දේවල් එක්ක එකඟ වෙලා  ස්වර්ණාගේ ස්වාමිපුරුෂයා සැකසුම් ඒ විදියටම හදලා දුන්නා.

ස්වර්ණා  ඊට පස්සේ කරේ පාසල් කාලේ මිතුරියක් හමු හමු වෙන්න ගිහිල්ලා ඇගේ  මහගෙදර තිබුණු හොඳ වර්ගය වර්ගයේ බුලත් වැලකින්  අංකුර කිහිපයක් අරගෙන ආපු එක . හිතේ  විශ්වාස තදටම තියාගෙන ස්වර්ණ බුලත් දඬු ටික පැළ කරගත්තා. 

මාස  දෙක තුන හතර යද්දී මැහි බඳාගෙන බුලත් වැල් ටික ටික උඩට නැගුනා. ස්වර්ණාට දැනුනේ ජීවිතේ ටික ටික උඩට යනව වගේ. බුලත් වැල් ටික ටික හදන අතර දී අතර දී ස්වර්ණා කලේ බුලත්  විකුණන්න  පුළුවන් විදි හොයලා බලපු එක.

මදුරුවා බයික් එකත් පැදගෙන ස්වර්ණා ගමේ තිබුණු පොඩි කඩවල් වලට, බුලත්විට හදපු කඩවල් වලට ගිහින් විස්තර හෙව්වා. ඒ වගේම ටවුන් එකේ කඩ කිහිපයකටත්  ගිහිල්ලා විස්තර හොයලා බැලුවා. 

ලොකු ලාභයකට නොවුනත් සෑහීමකට පත්වෙන්න පුළුවන් ලාභයක් තියාගෙන පළවෙනි බුලත් තොගය  කඩනකොට වගාවට මාස හයක් ගිහිල්ලා. ඊට පස්සේ පස්සේ දවසෙන් දවස හිතපු නැති විදියට බුලත් වගාව සාර්ථක වුණා. වස විස නැතූව බුලත් හදන බව දන්නවා දන්න විශ්වාසයට ගමේ අයත් saranaga ගෙදරට ඇවිල්ල ම දවසට බුලත් කොළ 20 30 අරගෙන යන්නත් පුරුදු වුණා. 

මේ අතර ස්වර්ණා කෘෂිකර්ම උපදේශක කාර්යාලය ට ගිහිල්ලා බුලත්වලට වැලඳෙන්න පුළුවන් රෝග බුලත් වගාව සාර්ථකව කරගන්න මොනවද කරන්න ඕනේ ඒ වගේ කියන කාරණා ගැනත් හොයලා බලලා ඉගෙන ගත්තා. අපනයන කෘෂිකර්ම කාර්යාලය එක්කත් සම්බන්ධ වුණා.  බුලත් ගොඩ බැඳලා කඩවල් වලට දෙන වැඩේ කලේ ස්වර්ණාගේ ස්වාමිපුරුෂයා.  ඒ අතරට ස්වර්ණා   බුලත් විට හදලා පාර අයිනේ තියලා  විකුණන වැඩත්  පටන් ගත්තා. 

අවුරුද්දක් හමාරක් යනකොට ස්වර්ණ ගේ වැඩිමහල් පුතා යන්තම් අඩිය බිම තියලා ඇවිල්ලා ගානට සුවපත් කරගන්න අම්මගේ තාත්තගේ හයියට පුළුවන් වුණා.

මෙහෙම බුලත් වගාව කරන අතරේ ස්වර්ණා  හොයලා බැලුවේ  ගෙදර ඉදන් කරන්න පුලුවන් තවත් ව්‍යාපාර මොනවාද කියලා. 

එතකොට තමයි ස්වර්ණාට දැනගන්න ලැබුනේ ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයෙක් මැදිහත් වෙලා මල් වගාකරුවන් එකතු කරල සංගමයක් හදලා තියෙන  බව. 

දන්න යාලුවො කීප දෙනෙකුත් එක්ක එකතු වෙලා ස්වර්ණාත්  ඒ මල් සංගමයට බැඳුණා. ඒ වෙනකොටත්  සංගමය ඇතුලෙ ගොඩක් වැඩ කෙරෙමින් තිබුනේ. තාක්ෂණික කාරණා ඉගෙන ගන්න ගමන්, මල් සහ විසිතුරු මල්, විසිතුරු පත්‍ර වලට අදාළ වෙළෙඳපොළ ගැනත් ඉගෙන ගන්න එතනදී ස්වර්ණාට ඉඩකඩ ලැබුණා. 

කාන්තාවන් ගොඩ දෙනෙක් එකතු වෙලා කරන  වැඩ අසාර්ථකයි වගේ කතා කිව්වට ස්වර්ණා  වගේ කාන්තාවෝ හතළිස් දෙනෙක්, පනස් දෙනෙක් විතර බොහොම සාර්ථකව මෙම සංගමය එක්ක වැඩ කරන ගමන් හිටියේ.

 කරුණු කාරණා ටික ටික ඉගෙන ගන්න අතරේ  ස්වර්ණා හෙමින් හෙමින් ගෙදර මල් වගා කිරීමේ ව්‍යාපාරයත් ඇරඹුවා. විසිතුරු මල්,  විසිතුරු කොළ වර්ග ඒත් එක්කම පතොක් වර්ග  තමයි ස්වර්ණාගේ   පළවෙනිම ඉලක්කය වුණේ. ඒ මල්  සංගමය මැදිහත් වීමෙන් ලබා දුන්න දැල් ගෘහයකුත් ස්වර්ණාට  නොමිලෙම ලැබුණා. ඒකෙන් ස්වර්ණා  තව තවත් ධෛර්යමත් වුණා.

තාක්ෂණික කාරණා එක්ක, උනන්දුවෙන්  වැඩේ කරගෙන ගියපු නිසා ඉතාමත් කෙටි කාලයකින්  අඟුණකොළපැලැස්ස නගරයේ පවත්වපු මල්  ප්‍රදර්ශනයට සහභාගි වෙන  අවස්ථාත් ස්වර්ණාට  ලැබුණා. දවස් පහක් ඉවර වෙනකොට ශුද්ධ ලාභය විදියට ලක්ෂ කිහිපයක් උපයන්න ස්වර්ණාට පුලුවන්  වුණා.

 නොහිතපු විදියට විවර වුණු ඒ පාරත් එක්ක  ස්වර්ණාගේ පරණ ජීවිතේට අලුත් අරමුණක් ලැබුණා. දිගින් දිගටම මල් ප්‍රදර්ශන වලට සහභාගි වුණා.  ඒ ව වෙනකොටත් සාමාන්‍ය ජීවිතයට එකතු වෙන තරමට සුවපත් වෙමින් උන්න ස්වර්ණාගේ  පුතා අන්තර්ජාලය හරහා මල්,  විසිතුරු පත්‍ර ශාක,පතොක් ශාක , ඒත් එක්කම පතොක් පෝච්චි   අලෙවි කරන ඉඩ ස  හදලා දුන්නා. ජීවිතේ බින්දුවෙන් බින්දුවටම වැටෙන්න ගිය වෙලාවක  ලැබුණු පොඩි එළිය දිගේ ස්වර්ණා ජීවිතේ එළිය හොයා ගත්තා. 

වයසින් මුහුකුරා යනවා වුණත් තවමත්, ස්වර්ණලා ජීවිතේ පාට හොයාගෙන ඉස්සරහට යනවා. 

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles