දීප්තිමත් මුහුණකට ලේසියෙන් සාදාගන්න scrub එකක්

මේ දවස්වල ඔබේ මූණ කෝමද ? 

නත්තල් කාලෙ වගේම 2024 අලුත් අවුරුද්දත් ලඟ ලඟම එන නිසා මූණට පොඩි වෙනසක් කරොත් හොඳයි නේද? 

ඔන්න අද අපි ලෑස්ති වෙන්නෙ ගෙදරදිම හරිම පහසුවෙන් හොයාගන්න තියෙන පොඩි පොඩි දේවල් කීපයකින් මූණට හොඳ දීප්තියක් ගෙනල්ල දෙන ස්ක්‍රබ් එකක් හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි. 

ස්ක්‍රබ් කිරීම මඟින් සමේ ගැඹුරින් තියෙන කුණු දූවිලි ඉවත් කරල බ්ලැක් හෙඩ් (black head) සහ වයිට් හෙඩ් (white head) ඉවත් කරන්න වගේම කුරුළෑ ලප කැළැල් ඇතිවීම අවම කරගන්නත් ඔබට පුළුවන්. 

හොඳයි අද අපේ ස්ක්‍රබ් එක හදාගන්න අපිට ඕන වෙන්නෙ කෝපි, සීනි සහ පොල්තෙල් ස්වල්පයක් විතරමයි.

කොපි වලට කුරුළෑ ලප කැළැල් අවම කරන්නත්, ඇස් වටා ඇතිවෙන අඳුරු ප්‍රදේශ ඉවත් කරන්නත්, සම ශක්තිමත් කර වයසට යෑමේ සළකුණු අවම කරන්නත් හැකියාව තියෙනවා. 

සීනි වලට සමේ තෙතමනය හොඳින් ආරක්ෂා කරන්නත්, සම සිනිඳු කරන්නත් පුළුවන්. 

ඒ වගේම පොල්තෙල් වලට ආසාදන වලින් සම ආරාක්ෂා කිරීමට වගේම කොලැජන් නිපදවීම උත්තේජනය කිරීමේ හැකියාවත් තියෙනවා. 

ඉතිං මේ සියල්ලම එකතු වුණු ස්ක්‍රබ් කිරීමක ප්‍රතිඵල කොච්චර හොඳ වෙන්න ඇතිද ? 

එහෙනම් අපි බලමු මේ ස්ක්‍රබ් එක පිළියෙල කරන්න අපිට අවශ්‍ය මොනවද කියල.

අවශ්‍ය ද්‍රව්‍ය

  • සීනි මේස හැඳි 02 ක්
  • කෝපි කුඩු මේස හැඳි 02 ක් 
  • පොල්තෙල් මේස හැඳි 01 ක් 02 ක් 

භාවිත කරන ආකාරය 

කුඩා වීදුරු භාජනයක් ගෙන එයට සීනි, කෝපි කුඩු සහ පොල්තෙල් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. 

දැන් සාදාගත් මිශ්‍රණය හොඳින් පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර හොඳින් සම්බාහනය කරගන්න. 

දැන් විනාඩි 03 ක් 04 ක් තබා සාමාන්‍ය ජලයෙන් හොඳින් සෝදා හරින්න ඔබට පුළුවන්. 

ඔබට තිබෙන්නෙ සාමාන්‍ය සමක් සහිත මුහුණක් නම් මේ ස්ක්‍රබ් එක සතියකට දෙවරක් පමණ භාවිතා කරන්න ඔබට පුළුවන්.

ඔබට තිබෙන්නෙ තෙල් සහිත හෝ කුරුළෑ සහිත සමක් නම් පොල්තෙල් යෙදීම තෙල් සහිත තත්වය වැඩි කරන නිසා ඒ වෙනුවට වතුර යොදාගන්න ඔබට පුළුවන්.

එහෙමනම් දීප්තිමත් මුහුණකට මේ සත්කාරය ඔබට කොයිතරම් උපකාර වුනාද කියල අපිටත් කියන්න අමතක කරන්න එපා

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles