අවපැහැ ගැන්වුණු සම පැහැපත් කරන කෝමාරිකා ජෙල්.

අවපැහැ සමට පැහැපත් බවක් ලබා දෙන ස්වභාවික සත්කාර අතරේ කෝමාරිකා ජෙල්වලට තියෙන්නේ ඉහලතැනක්. අද අපි ඔබට කියන්නේ නිවසේදීම කෝමාරිකා ජෙල් හදන හැටි.

මෙය ශීතකරණයේ තබා දවස් කීපයක් පාවිච්චියට ගන්න පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

කෝමාරිකා පිත්තක්
ජලය
ජෙලටින් තේ හැන්දක්

කෝමාරිකා ජෙල් සාදා ගන්නා ආකාරය

  • කෝමාරිකා පිත්තේ කිරි යන්න උඩට හරවා තබන්න.
  • එය සෝදා කැබලිවලට කපා ගන්න
  • විනාඩි විස්සක් පමණ වතුරේ දමා තබන්න.
  • කෝමාරිකා කෑල්ල කපා මදය සූරා ගන්න.
  • බ්ලෙන්ඩරයක් ආධාරයෙන් බ්ලෙන්ඩ් කරගන්න
  • බ්ලෙන්ඩ් කරද්දී පෙණ වගේ එන්න පුලුවන්.ඒ නිසා විනාඩි විස්සක් පමණ තබන්න.
  • මඳ රස්නය සහිතව භාජනයක් රත් කරගන්න.
  • එයට කෝමාරිකා යුෂ දමා ගන්න.
  • විනාඩි දහයක් හොඳින් රත් කරගන්න.
  • කෝමාරිකා වලට අවශ්‍ය පරිදි ජෙලටින් තේ හැන්දක් පමණ එකතු කරන්න.
  • කෝමාරිකා ජෙලටින් වලට වඩා ප්‍රමාණයෙන් වැඩි කරගන්න එපා.
  • මඳ රස්නය සහිතව විනාඩි දහයක් පමණ රත් කරගන්න
  • ජෙල් එක බවට පත් වෙනතුරු හොඳින් හැඳි ගාන්න.
  • ලිප නිවා ජෙල් එක නිවෙන්න අරින්න.

කෝමාරිකා ජෙල් රස්නෙට සිරුරේ ආලේප කරන්න එපා.නිවාගෙන ෆ්‍රිජ් එකට දාගෙන දවස්4ක් 5ක් පාවිච්චි කරන්න පුළුවන්.මුහුණට ආලේප කරනව නම් ෆේස්වොෂ් එකක් පාවිච්චි කරලා මේක ආලේප කරන්න.ඇඟේ ආලේප කරනකොට බොඩි වොෂ් එකක් පාවිච්චි කරන්න.ජෙල් එක ආලේප කරලා හොඳට මසාජ් කරන්න.පැයක් දෙකක් ගල්වලා තියන්න.ආයේ හෝදනකොට ෆේස්වොෂ් අවශ්‍ය නෑ.තෙත මාත්තු කරලා ෆේස්ක්‍රීම් හෝ බොඩි ක්‍රීම් ආලේප කරන්න.

සතියට දවස් දෙකක් හෝ තුනක් මේක කරන්න පුලුවන්.

කෝමාරිකා වලින් ජෙල් එකක් නිවසේදීම හදන ආකාරය මේ වීඩීයෝ එකෙන් ඔයාලට වඩාත් පැහැදිලි වෙයි.

තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර.

Related Articles

Don't Miss


Latest Articles