පෞද්ගලික සෞඛ්‍ය ආරක්‌ෂා කර ගැනීම සඳහා වැදගත් වන්නා වූ යහපත් චර්යාවන් අතුරින් ස්‌නානය හිමි වන්නේ ප්‍රධානතම තැනක්. ලංකාව වැනි රටක ජීවත්වන අපට ස්‌නානයෙන් ලැබෙන සැනසිල්ල ඉමහත් සැනසිල්ලකි. ස්නානය තුළින් පිරිසුද් වීම පමණක් නොව මාංසපේශී ලිහිල් වීම, පටකවලට තෙතමනය ලබාදීම, ඛනිජ ලවණ සමට ලැබීම, විෂ පදාර්ථ බැහැර වීම සහ තුවාල සුවවීම වේගවත් වීම ද සිදු වේ.
දිනපතා ස්‌නානය කිරීම සෞඛ්‍ය රැකගැනීම සඳහා ඉතාම වැදගත් වන නමුත් ස්‌නානය කළ යුතු කාලසීමාව ද ඉතා වැදගත්. ආයුර්වේදයට අනුව නම් ස්‌නානය කළ යුත්තේ උදෑසනය. මධ්‍යහනයට පෙර ස්‌නානය කිරිම සුදුසු බව ආයුර්වේද මතයයි. නමුත් ස්නානය කරන වේලාව තමන් කරන රක්ෂාව, තමාගේ සෞඛ්‍ය තත්ත්වය මත රඳා පවතියි. රෝගී අවස්‌ථාවලදී ස්‌ථානයෙන් වැළකී සිටීම සුදුසුවේ.
ස්‌නානය කිරීමේදී වඩා උණුසුම් ජලය හෝ වඩා සිසිල් ජලය සුදුසු නොවේ. වඩාත්ම හිතකර වනුයේ ශරීර උෂ්ණත්වයට සමාන උෂ්ණත්වයක පවතින ජලයයි. ස්‌නානය කරන අවස්ථාවේදී කඩින් කඩ සීතල ජලයද උණු ජලයද මාරුවෙන් මාරුවට භාවිතා කිරීම මගින් රුධිර සංසරණය ඉතා යහපත් අතට හැරෙන බවට නව විද්‍යාත්මක වාර්තා දක්වයි. ස්‌නානය කිරීමේදී වතුරමල යට ගතකළයුත්තේ උපරිම වශයෙන් විනාඩි 20 ක වැනි කාලයකි.
ආයුර්වේදයට අනුව ස්‌නානය කිරීමේදී යොදාගත යුතු , මදටිය කොළ පොතු, අමු කහ, කොහොඹ කොළ, ඇත්තෝර කොළ, වෙනිවැල් ගැට ආදී විෂබීජ නාශක පිරිසිදු කාරක ඖෂධ වර්ග යොදා ගත හැකි බව දැක්වේ. වැර යොදා සම මත සබන් හෝ පිරිසිදු කාරක ආලේප කිරීම මඟින් සම මත ඇති ආරක්ෂක බැක්ටීරියා ස්ථරය ඉවත්වී ආසාදනවලට ගොදුරු විය හැක. එසේම සමට හානිකර නොවන සුමුදු පිරිසිදු කාරක යොදා ගත යුතුවේ.
නීරෝගීමත් බව උදෙසා ස්‌නානය කිරීමෙන් අනතුරුව ශරීරය හා හිස හොඳින් පිස දැමිය සිදුකළ යුතු අතර ඒ සඳහා පිරිසිදු රෙදි කඩක් භාවිත කළ යුතු බවත් අමතක කරන්න එපා.
– කල්හාරී –