ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය ගැන දැනගනිමු

ජාත්‍යන්තර භෞත චිකිත්සක දිනය සැප්තැම්බර් 08 වෙනිදාට යෙදී තිබුණි. එය සැමරීමට දිවයින පුරා භෞතචිකිත්සකයෝ විවිධ වැඩසටහන් , වැඩමුළු , දේශන සහ සායන සංවිධාන කර තිබුණි.

භෞතචිකිත්සාව යනු ආලෝකය , තාපය , චුම්භකත්වය , විද්‍යුතය , ධ්වනිය , ගුරුත්වාකර්ශනය , චාලක ශක්තිය වැනි ශක්ති ප්‍රභේදයන්තික ව්‍යායාමයක් යොදාගෙන රෝගියෙකුට කරන ප්‍රතිකාර ක්‍රමයකි.

බටහිර වෛද්‍ය ක්‍රමයට අයත් මේ භෞතචිකිත්සාවට දීර්ඝ ඉතිහාසයක් ඇත. භෞතචිකිත්සාවට රෝගියෙකු යොමු වූ පසු භෞතචිකිත්සකවරයා හෝ වරිය රෝගියා ඇගයීමකට ලක් කර කළ යුතු භෞතචිකිත්සක ප්‍රතිකාර තීරණය කරයි. එම කළ යුතු ප්‍රතිකාර අතර විවිධ ප්‍රතිකාර ප්‍රභේද තිබේ. එනම් ,

  • ප්‍රතිකාරමය ව්‍යායාම ( Therapentic exercises ),
  • විද්‍යුත් චිකිත්සාව ( Electrotheraphy ),
  • ජල චිකිත්සාව ( hydrotheraphy) ,
  • ඉරියව් ගතකිරීම ( positioning ),
  • ආධාරක ආශ්‍රයෙන් කරන ප්‍රතිකාර ( appliances )

යන භෞතචිකිත්සක ප්‍රතිකාර සියලුම රෝග තත්ව සඳහා භාවිත වේ. එනම් ළමා රෝග , කාන්තා රෝග , වැඩිහිටිවියේ රෝග , ක්‍රීඩා අනතුරු , ස්නායු රෝග , ශ්වසන රෝග , කැඩුම් බිඳුම් විකලාංග රෝග , රක්තවාත රෝග , ජාන රෝග වේ.

ඔබට තවත් පැහැදිලි කළහොත් භෞතචිකිත්සාව යොදන ප්‍රධාන රෝග කීපයකට උදාහාරණ ලෙස,

මස්තිස්ක ආඝාතය ( cerebral palsy ) , ගිලන්බාරි සින්ඩ්‍රෝමය (guillen baree syndroms ), මයෝපති ( mayopathy ), ටොටිකෝලස් ( toticollis ), අංශභාගය ( hemiplegia ) , පාකින්සන් (parkinson), පාරප්ලීජියා ( paralplegia ), විලුඹේ වේදනාව ( palnter fasciatis ), උරහිස් ඝනවීම ( frozen shoulder ), සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් ( cervical spondylosis ), ටෙනිස් එල්බෝ ( tenis elbow ), ගොල්ෆ් එල්බෝ ( golf elbow ), ටිගර් ෆින්ගර් ( tiger finger ), අස්ථි භශ්න ( fractures ), සන්ධි විසන්ධි ( dislocations ) , නියුමෝනියාව ( pneumonia ) , ටැලිපීස් ( Talapees ).

ජලයේ තිබෙන ඉපිලෙන ගුණය යොදාගෙන ජල චිකිත්සාව කරනු ලබයි.

නිවැරදි ඉරියව් පුහුණු කිරීමෙන් රෝගීන් සුව කළ හැකි අතර අනාබාධිකව ක්‍රියාකාරකම් වල යෙදීමට භෞතචිකිත්සාව රටේ පුරවැසියන්ට ඉතා වැදගත් වේ.

නොයෙකුත් බෙල්ට් වර්ග, කොලර් වර්ග, සපත්තු වර්ග, වෝකර් වර්ග, විශේෂිත පුටු, සිට ගැනීමේ උපකරණ ආදී ආධාරක ඇසුරෙන්ද භෞතචිකිත්සකවරයා රෝගී සේවාවට ඉමහත් දායකත්වයක් දක්වයි.

තවද ශ්වසන ආබාධ වලදී ඉතා වැදගත් කාර්යක් ඉටු කරන භෞතචිකිත්සකවරයා රෝගියාගේ දිවි ගලවා දීමට නැතුවම බැරි කෙනෙකි.

පෙනහලු සහ ශ්වසන මාර්ග වල සෙම ස්‍රාවය ගුරුත්වාකර්ශනය උපයෝගී කරගෙන ඉවත් කර හුස්ම ගැනීමේ පහසුව ඇති කරයි. පසුගිය කොරෝනා ආසාදිතයින්ට ජීවිත පරදුවට තබා රෝගීන්ට ප්‍රතිකාර කරමින් දැඩි සත්කාරවල නිරන්තරයෙන් දිවා රාත්‍රී වෙහෙස වී කළ පිරිස භෞතචිකිත්සකයෝය.

රෝගී වූ දින සිට සුව වී ප්‍රජාව අතරට යන තෙක් සියලු ප්‍රතිකාර සඳහා ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනුයේ භෞතචිකිත්සකයාය. ක්‍රීඩා අනතුරු වලදී පිටියට පිවිස නැවත ක්‍රීඩාවට එක්කරන විශ්මිත ක්‍රියාවලද නි‍රත වේ.

උසස්පෙළ හැදාරා ඉහළ z අගයක් ලබාගෙන සිටි උපාධියක් සහ සය මාසික සීමාවාසික පුහුණුවකින් පසු රෝහල්වලට අනුයුක්ත කරන භෞතචිකිත්සකවරු සියලුම මහ රෝහල් වල , මූලික රෝහල්වල සේවය කරයි.

කොළඹ ,පේරාදෙණිය සහ KDU විශ්ව විද්‍යාලවල පමණක් දැනට මෙම උපාධි පාඨමාලා ඇත.

දිවයිනේ ව්‍යාජ භෞතචිකිත්සකයන් විශාල සංඛ්‍යාවක් ඇති බැවින් ඔබ නිරතුරු භෞතචිකිත්සකයාගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය විමසන්න.

Related Articles

Don't Miss


Latest Articles