සිරුරේ බරෙන් කිලෝ එකක් අඩු කරන්න නම් ඔබ කොපමණ කැලරි ප්‍රමාණයක් දහනය කළ යුතුද ?

ශරීරයේ අනවශ්‍ය බර අඩු කර ගැනීම ගැන අවධානය යොමු කරන ඔබ දහනය කළ යුතු කැලරි ප්‍රමාණය පිලිබඳවත් සැලකිලිමත් විය යුතු වෙනවා.ඔබේ ශරීරයෙහි පවතින බර අනුව බර කිලෝ එකකින් අඩුකර අඩුකර ගැනීම සඳහා කොපමණ කැලරි ප්‍රමාණයක් දහනය කරගත යුතු දැයි ඔබ දැන සිටීම අනිවාර්යයි.මේ කරුණු පිළිබඳව නිසි දැනුවත් භාවයකින් යුතුව ඔබ කටයුතු කරනවානම් බර අඩු කර ගැනීම ඔබට ඉතාම පහසු වේවි

බර කිලෝ එකකින් අඩුකර අඩු කර ගැනීම සඳහා කොපමණ කැලරි ප්‍රමාණයක් දහනය කළ යුතුද ?

මේදය කිලෝ ග්‍රෑම් එකක කැලරි 7700 ක ප්‍රමාණයක් අඩංගු වෙනවා.එසේනම් ඔබ ඔබේ ශරීරයෙන් මේදය කිලෝග්‍රෑම් එකක් අඩු කිරීමට නම් කැලරි 7700ක ප්‍රමාණයක් දහනය කළ යුතුයි.

ඔබ දහනය කරන කැලරි ප්‍රමාණය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගන්නට නම් දහනය වන කැලරි ප්‍රමාණය මෙන්ම ඔබ ශරීරයට ලබා ලබා ගන්නා කැලරි ප්‍රමාණය ගණනය කිරීමට ඔබ දැන සිටිය යුතුයි.ඔබ ලබාගන්නා ආහාර වල ඇති කැලරි ප්‍රමාණය දැන ගැනීමට විවිධ ක්‍රම තිබෙන අතරම ඔබ දහනය කරන කැලරි ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට ව්‍යායාම කරන අතරතුර දී ඒ සඳහාම නිපදවූ උපකරණයන් භාවිතා කළ හැකියි

ආහාර වල කැලරි ගණනය කරන්නේ කොහොමද ?

මේ සඳහා විවිධ ක්‍රම හඳුන්වා දී තිබෙනවා.ඒ ඕනෑම ක්‍රමයක් මගින් ඔබට මේ පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි වේ

පලවන ක්‍රමය ( මේදය ග්‍රෑම් කැලරි බවට පත් කිරීම )

බොහෝ ආහාර ලේබල් වල එහි අඩංගු මේදය ප්‍රමාණය සඳහන් කර තිබෙනවා.මේදය ග්‍රෑම් 1 ක කැලරි නමයක් අඩංගුවන නිසා අදාල නිෂ්පාදනයේ හෝ ආහාරයේ අඩංගු මේද ප්‍රමාණය නව ගුණයකින් වැඩි කිරිම මගින් එහි අඩංගු කැලරි ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි

දෙවන ක්‍රමය ( කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන ග්‍රෑම් කැලරි බවට පත් කිරීම )

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 1 ක කැලරි හතරක් අඩංගු වනවා.පෝෂණ ලේබලයේ ඇති කාබෝහයිඩ්‍රේට ප්‍රමාණය හතර ගුණයකින් වැඩි කිරිම මගින් අදාල නිෂ්පාදනයේ ඇති කැලරි ප්‍රමාණය ගණනය කරගත හැකියි

බොහෝ ආහාර ලේබල් වල ප්‍රෝටීන් ප්‍රමාණය ග්‍රෑම් වලින් ද දක්වා තිබෙනවා .කාබෝහයිඩ්‍රේට් වල මෙන්ම ප්‍රෝටීන් ග්‍රෑම් එකකද කැලරි හතරක් අඩංගු වනවා .අදාල නිශ්පාදනයේ ඇති ප්‍රෝටීන ප්‍රමාණය හතර ගුණයකින් වැඩි කිරීම මගින් එහි අඩංගු වන කැලරි ප්‍රමාණය ගණනය කර ගැනීමට හැකියි

තුන්වන ක්‍රමය ( ග්‍රෑම් සහ කැලරි අතර වෙනස වටහා ගන්න )

ග්‍රෑම් එකක් යනු කිලෝ ග්රෑම් එකකින් දහසකට සමාන බර මෙට්‍රික් ඒකකයක් වන අතර කැලරි යනු ආහාර මගින් මිනිසුන්ට ලැබෙන ශක්ති ඒකකයකි.ඒ අනුව ග්‍රෑම් එකක් සහ කැලරි එකක් යනු එකිනෙකට වෙනස් කළ නොහැකි මිනුම් ඒකකයන් වේ

ආහාර ග්රෑම් එකක කැලරි ප්‍රමාණය එහි අඩංගු පෝෂක අනුපාතයන් මත රඳා පවතිනවා.කාබෝහයිඩ්‍රේට මේද සහ ප්‍රෝටීන යන ප්‍රධාන සාර්ව පෝෂ්‍ය පදාර්ථ තුන මගින් මිනිස් සිරුරට ශක්තිය ලබා ගත හැකි වෙනවා.

ඔබට ආහාර කිරා මැන බලා ග්‍රෑම් කැලරි බවට පරිවර්තනය කළ නොහැකියි.ඔබට යම් ආහාරයක හෝ නිෂ්පාදනය කළ කැලරි ප්‍රමාණය ගණනය කිරීමට අවශ්‍ය නම් එහි ආහාර ලේබලය පරීක්ෂාකර බලා ඉහත පෝෂ්‍ය පදාර්ථ වල අඩංගු කැලරි ප්‍රමාණයෙන් වැඩි කර අදාල ආහාරයෙ හෝ නිෂ්පාදනයේ අඩංගු කැලරි ප්‍රමාණය ගණනය කරගත හැකියි

ඉහත ක්‍රම වලට අනුව ආහාර වල අඩංගු කැලරි ප්‍රමාණය ගණනය කර ගැනීම මගින් ඔබේ බර අඩු කර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කර ගැනීමට ඔබට පුළුවන්

Related Articles

Don't Miss


Latest Articles