සංවේදී මිනිසකු වෙන්න, ප්‍රබන්ධ කියවන්න

  • සහකම්පනය සහ ප්‍රබන්ධ

කියවීමෙන් මනසට විවේකයක් ලැබෙන නිසා එය විවේකය ගතකිරීමට ඉතා හොඳ ක්‍රමයක් බව අප දන්නවා .ඒත් ඊට අමතරව පුද්ගලයන්ගේ සහ කම්පනය ඉහළ නංවන්න එය හේතු වනවා .ඒ කියන්නේ අන් අයෙකුගේ සංවේදනය අවබෝධ කරගන්නටත් ,ඒ ඔස්සේ යහපත් ප්‍රතික්‍රියා දක්වන්නටත් හැකියාව
ලැබෙනවා .

  • අපරාධ සහ සහකම්පනය

පුද්ගලයන් අපරාධ වලට යොමු වන්නේ මෙම සහකම්පනය නොමැති වීම හේතුවෙන් .සහකම්පන ගුණාංග ඉහළ යන්නේ නම් ඔහු හෝ ඇය උසස් මානසික ගුණාංග වලින් යුතු මනුෂ්‍යයකු බවට පත් වෙනවා .

  • මෙන්න මෙහෙමයි හොයාගත්තේ

මේ අධ්‍යනය කලේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික මනෝ විද්‍යා අධ්‍යන අංශය මඟින් .ඔවුන් පළමුව කලේ තෝරාගත් පිරිසකට ප්‍රබන්ධ කතා කියවනවාද නැද්ද කියා විමසමින් ප්‍රශ්නාවලියක් ලබා දීමයි .පසුව ඔවුනට පින්තූර 36ක් පෙන්වනු ලැබුවා .මේ පින්තුරවල තිබුණේ පුද්ගලයන්ගේ ඇස් .එම ඇස් අයත් පුද්ගලයන් කල්පනා කරමින් ඉන්නේ මොනවාද යන්නයි නැරඹු අයට සටහන් කරන්න තිබුණේ . මෙහිදී පෙනී ගියේ ප්‍රබන්ධ කතා වැඩිපුර කියවන අය අන් අයගේ හැඟීම් වඩාත් නිවැරදිව තේරුම් ගත් බව වනවා .එනම් ඔවුන් සහ කම්පනයෙන් ඉහලයි .

  • සුවබර මිනිස් ප්‍රජාවක්

විශේෂයෙන්ම ජාතින් අතර සහයෝගය වැඩි කිරීමටද ,විවිධ ගැටුම් අඩු කිරීමටද ප්‍රබන්ධ යොදා ගත හැකියි .ගැටළු රැසක් පැන නගින්නේ අනවබෝදය නිසා වීම විශේෂත්වයක් .එයද පරික්ෂාවට ලක් වූ අතර සහභාගී වූවන්ට Sahila Abdullah විසින් රචිත Saffron Dreams නම් ප්‍රබන්ධය කියවීමට ලබා දෙනු ලැබුවා .එය මුස්ලිම් ජන වාර්ගික ගැටළු ගැන කතා කරන පොතක් .ඇමෙරිකාවේ ජිවත් වන පාකිස්තාන මුස්ලිම් යුවලක් ගැන එහි කියවෙනවා .මේ පොත කියවූ අයගෙන් බහුතරය මුස්ලිම් ඇමරිකානු සංස්කෘතික ගැටලුව හඳුනා ගත්තා .එසේම කලින් ජාතිවාදී මත වල සිටි අයද එම මත වාද වලින් ඉවත් වීම විශේෂයක්

මනස සියල්ලටම මුල බව අප දන්නවා .ඉතින් සුවබර මනසකින් යුතු සහකම්පනයෙන් ඉහළ මිනිසෙකු
ලෙස ලොව බබලවන්නට පොත් ඇසුරු කරන ඔබට අනිවාර්යෙන්ම පුලුවන්.

චම්මි

Related Articles

Don't Miss


Latest Articles