සැමියාට අසීමිතව පෙම් බැදි පද්මාවතී රැජිනගේ අසීමිත කැපකිරීම රැගත් Padmaavat -2018

ලොවපුරා බොහෝ දෙනාගේ කතා බහට ලක්වූ ,ආදායම් වාර්තා බිඳ දමමින් ලොව පුරා තිරගත වූ සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක් ලෙස ” පද්මාවත් චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්

16 වන සියවසයට අයත් රාජකීය තේමාවකින් සමන්විත මෙහි කතා නායිකාව පද්මාවතී කුමරියයි. ඇයට රංගනයෙන් පණ පොවන්නේ සුරූපි නිළි දීපිකා පදුකෝන් වන අතර ඇය සමඟ රන්වීර් සිං , ශාහීඩ් කපූර් ආදි බොලිවුඩ් තරුද රංගනයෙන් දායක වනවා

16 වැනි සියවසේ ලංකාවේ සිටි ප්‍රාදේශීය පාලකයකුගේ දියණියක් වන පද්මාවතී කුමරිය රූපශ්‍රීයෙන් වගේම බුද්ධිමත්කමින්ද පරිපූර්ණ වූ කුමාරිකාවකි. ඇය පිළිබඳව තොරතුරු දැන ගන්නා රාජස්ථානයේ මේවාඩි රාජ්පුත් රජු වූ මහරාජා රාවල් රථන් සිං ශ්‍රී ලංකාවට පැමිණෙනවා.ඉන් අනතුරුව ඇයගේ සිත දිනාගෙන ඇයව විවාහ කර ගන්නවා. පද්මාවතිය රාවල් රථන් සිං රජුගේ දෙවැනි බිසව වුවත් රජු පද්මාවතියට අසීමිතිව ආලය කරන්නට ඇගේ අසමසම රූපය හා බුද්ධිමත්භාවය හේතු වෙනවා.

ඉතා සුන්දර දිවියක් ගත කරන සුරූපි පද්මාවතිය ගැන තතු අනෙක් රාජ්‍ය කරාත් පැතිර යන්නේ විදුලි වේගයෙන්.එකල දිල්ලිය පාලනය කල දරදඬු පාලයකයෙක් වන අලවිද්දීන් කෙල්ජී අනෙක් රාජ්‍ය සමග සටන් කරමින් තම තමන්ගේ රාජ්‍ය බලය වැඩි කරගැනීමට වෙර දැරූ පුද්ගලයෙක් ලෙස නම් දරා සිටියා.
පද්මාවතී බිසව ගැන තතු දැනගත් විට ඈව තමන් සතු කරගැනීමේ ඉතා ආත්මාර්තකාමි හැඟීමක් ඔහුට පහල වෙනවා. එය සිතුවිල්ලක් පමණක් බවට පත් වෙන්නට නොදී විශාල සේනාවක් සමඟ වින්තෝරය ආක්‍රමණය කරන අලවිද්දීන්, කූඨ උපක්‍රමයන් මගින් පද්මාවතී බිසවගේ සැමියා වන මහරාජා රාවල් රථන් සිං රජුව ඝාතනය කරනු ලබනවා.

සැමියාගේ මරණයෙන් පසුව ඔහුට අසීමිතව ආදරය කල පද්මාවතී බිසවගේ ඉරණම කෙසේ වෙයිද? තම සැමියා කෙරෙහි වූ නොසන්සිඳෙන ආදරය හදවතේ තබා ගත් පද්මාවතීව බිසව හිමි කර ගැනීමේ අධිටනින් යුධ වදින අලවුද්දීන් නම් කෲර පාලකයාගේ සිතැඟි ඉටු වෙයිද ?
මේ චිත්‍රපටය ඔබ නැරඹිය යුතුම එකක් වන්නේ ඒ නිසා.ඔබ නොහිතන අවසානයක් කරා ඇදී යන මේ චිත්‍රපටය ඉතා විශිශ්ට ගණයේ නිර්මාණයක් ලෙස ඔබට සිතේවි

කෝටි ගණනාවක අධික නිශ්පාදන පිරිවැයක් දරමින් නිපදවූ මෙම චිත්‍රපටය වියදම් අධිකම හින්දි චිත්‍රපටය ලෙසත් ඉහලම පිරිවැයක් දරා නිපදවූ ඉන්දියානු චිත්‍රපට අතුරින් එකක් ලෙසද නම් කර තිබෙනවා

සංජේ ලීලා භන්සායි විසින් අධ්‍යක්ශනය කරන ලද මෙම චිත්‍රපටය 2017 දෙසැම්බර් මස නිකුත් වීමට තිබූනද විවිධ මතබේදාත්මක තත්වයන් නිසා නිකුත් වීම කල් දමා 2018 වසරේ ජනවාරි මස නිකුත් කරන ලදි.

කාන්තා ඔබ නොපමාව නැරඹිය යුතු චිත්‍රපටයක් වන මෙය ඔබේ හදවතේ නොමැකෙන සලකුණක් සටහන් කරනු නොඅනුමානයි !

Related Articles

Don't Miss


Latest Articles