දීපිකා පදුකොන්ගේ සිනමා දිවියට වසර පහළොවක්.

දීපිකා පදුකොන් වර්තමානයේ බොලිවුඩය කළඹවන සුපිරි තාරකාවයි.ඇගේ බොලිවුඩ් සම්ප්‍රාප්තිය සිදු වී දැන් වසර පහළොවක්.Om Shanthi Om සිනමා නිර්මාණය නිකුත් වී අවුරුදු පහලොවක් ගෙවුණේ නොවැම්බර් නවවැනිදාට

මේ චිත්‍රපටියේ ශාන්ති ප්‍රියා චරිතයට නවක නිළියක් අවශ්‍ය බව අධ්‍යක්ෂක ෆාරා ඛාන්,නිෂ්පාදිකාව වූ ගෞරි ඛාන් සහ ප්‍රධාන චරිතය නිරූපණය කළ ෂාරුක් ඛාන්ගේ අදහස වී තිබුණා.මේ සඳහා මලයිකා අරෝරාගේ උදව් ලබා ගනිද්දී විලාසිතා නිර්මාණ ශිල්පයේ ප්‍රවීණයෙකුගේ උදව් ඔවුන්ට ලැබී තිබුණා.ඔහු Wendell Rodricks ඔහුගේ ෆැෂන් ෂෝ එකක් තුළ මේ නිරූපිකාව මලයිකා දකින අතර ඇය ෆාරාට නිරූපිකාව ගැන යෝජනා කරනවා.තිර පරීක්ෂණයක්වත් නැතුව ඒ වාසනාව ලැබූ නිරූපිකාව දීපිකා පදුකොන්.

ඕම් කණිෂ්ට චිත්‍රපටි නළුවෙක්.ඔහු ගින්නකින් ජනප්‍රිය නිළියක බේරා ගන්නට උත්සාහ ගන්නවා.ඒ ගින්නෙන් ඔහු මිය යනවා.වසර තිහකට පසු ඉපදී ඔහු ඇගේ මරණයේ පලිය ගන්නට සැරසෙනවා.

මේ කතාන්දරය ඔබ හිසේ කෙස් ගණනට නරඹා ඇතිවාට සැක නෑ.

ෂාරුක් ඕම්ගේ චරිතය ද දීපිකා ශාන්තිගේ චරිතය ද රඟපාද්දී අර්ජුන් රාම්පාල් නිෂ්පාදකගේ චරිතය රඟපෑවා.මෙහි තිර පිටපත ෆාරා ඛාන්ගේ සහ Mushtaq Sheikh ගේ.2007 නොවැම්බර් නවවැනිදා තිරගත වීම ආරම්භ කළ Om Shanthi Om ඉන්දීය රුපියල් කෝටි 215 ට වැඩි ආදායමක් උපයා තිබෙනවා.53 වැනි ෆිල්ම් ෆෙයා උළෙලේ සම්මාන කිහිපයක්ම දිනා ගන්නටත් මෙය සමත් වුණා.

1957 වසරේ මදර් ඉන්දියා චිත්‍රපටිය රූගත කරද්දී නර්ගීස් ගින්නකට මැදි වූ බවත් සුනිල් දත් ඇය බේරා ගැනීමේදී තුවාල ලැබු බවත් කියැවෙනවා.මේ චිත්‍රපටිය නිර්මාණයට එය පාදක වූ බවයි සඳහන් වෙන්නේ.දිව්‍ය භාරතීගේ ජීවිත කතාවේ සෙවණැලි ද ඒ මත වැටුණු බව කියැවෙනවා.ෂාරුක් ඛාන් ඔහුගේ පලමු චිත්‍රපටිය දිව්‍ය භාරතී සමඟ රඟපෑ නිසා ඇගේ මරණය සම්බන්ධ කතාව ඔහු දැන සිටි බව ද කටකතාවල සඳහන්.

මේ සියල්ලම අතර මෙය madhumati චිත්‍රපටියේම රීමේක් එකක් ලෙසත් සමහර රසිකයන් පවසනවා.

“තමන් දෙයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවානම් මුළු ලෝකයම එය ඔයාට ලබා දෙන්න උත්සාහ කරයි”

මේ වචන කිහිපය ඔබටත් මතක ඇති.එය වඩා සුදුසු දීපිකාටයි.ඇය එතැන් පටන් ඇවිද ආ ගමන් මඟ මොනතරම් දිගු එකක් ද? වර්තමානය වෙද්දී බොලිවුඩයේ නැතිවම බැරි සාමාජිකාවක වන්නට ඇයට හැකි වූයේ වාසනාවට මුණ ගැසුණු ශාන්ති ප්‍රියා නිසා විය හැකියි.ජීවිතය ඇයට ලබා දුන් සමහර කටුක කාල සීරුවෙන් දරාගෙන ඇය තාරකාවක් ව වැජඹෙනවා.බොලිවුඩයේ වාසනාවන්ත ම නිලියක ලෙස ඇය හඳුන්වනවා.අද වෙද්දී ඇගේ අයකිරීම් ද ඉතාම ඉහළ තැනක පවතිනවා.එය වාර්තාවලට ද එක්වන්නක්.ඇය ලොව පුරා මිල අධිකම සන්නාම කිහිපයක සන්නාම තානාපතිනියයි.වාසනාව පමණක් නොව දැඩි කැපවීමත් මිටින් ගත් රංගන ශිල්පිනියක ලෙසයි ඈ හඳුන්වන්නේ.

එතැනින් ආරම්භ කළ ගමනේ ඇය Love Aaj Kal, Chhapaak, Padmaavat,Bajirao Mastani,Cocktail,Yeh Jawaani Hai Deewani,Chennai Express,Ram Leela,Happy New Year,Piku, වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසකට පණ පොවා තිබෙනවා.මෑතකදී ඉතා ජනප්‍රිය වූ Gehraiyaan හි අසම්මත ප්‍රේමයක් තුළ සදාකාලික බැඳීමක් වෙනුවෙන් සටන් කළ අලීෂා. චරිතය ද ඒ අතර විශේෂයි.

ප්‍රේමය නිසා ඇද වැටීම් වලට ලක් වී ඉන් අනතුරුව බොලිවුඩ් චිත්‍රපටියක් තරමට සුන්දර ආදර කතාවකට හිමිකම් කියමින් ඇය රන්වීර් සිං සමඟ විවාහ වූයේ 2018 දී.තවමත් ඒ ආදර කතාව නිරන්තරයෙන්ම පුවත් මවන ආදර කතාවක්.

දීපිකාගේ ගමන ආරම්භ කළ Om Shanthi Om ට සුබ පහළොස් වසරක්! දීපිකාට පහළොස් වසරටම වඩා හොඳ අනාගතයකට සුබ පැතුම්!

Related Articles

Don't Miss


Latest Articles