SRK ගේ අලුත්ම චිත්‍රපට

SRK නැති හින්දි සිනමාවක් ගැන හිතාගන්න පුලුවන්ද නේද?

බෑනෙ.

තාමත් අවුරුදු 58 ක් උනත් ඕනම චරිතයක් ආය සුපිරියටම කරන  SRK කියන්නෙ හින්දි සිනමාවට පායපු ලස්සනම තාරකාව කිව්වොතින් හරියටම හරි. දැන් ඉතින් රඟපාන දරුවොත් ඉන්න තාත්තා කෙනෙක් උනාට මොකෝ 90 ගණන්වල සෙට් එකටනම් ඉතින් Romance කිව්වම Shah Ruk Khan වගේ සීන් එකක්නෙ තියෙන්නෙ. ලියන එක්කෙනත් ඉතින් එච්චර තමයි.

ඉතින් ඒ හන්ද අපි හිතුවෙ කාලයක් තිස්සෙ වැඩිය පේන්න නැතුව ඉඳල 2023 අවුරුද්දෙ ඇත්තටම් හොඳයි කියන්න පුලුවන් වෙනස්ම විදියෙ චිත්‍රපට සෙට් එකක් එක්ක කරළියට පායපු අපේ King of Romance ගේ අලුත් චිත්‍රපට කීපයක් ගැන ඔයාලා එක්ක බෙදාගන්න.

මේවයින් සමහර ඒවනම් ඔයාල දැනට බලල ඇති වගේම අනිත් ඒවනම් ඉස්සරහට බලන්න හිතාගෙන ඉන්න ඒව වෙන්න පුලුවන්.

1. Pathaan

Pathaan movie එකත් එක්ක ආයෙ සිනමාවට එද්දි SRK ගේ චිත්‍රපට කිහිපයක්ම අසාර්තක වෙලා තිබුන බව අපිට අලුත් ආරංචියක් නෙවෙයි. ඒ සමහර චිත්‍රපට නම් අපි නම්වත් අහල නැති තරමට හිට් නොවිච්ච ඒව. ඒත් Pathaan Film එකත් එක්ක වෙනස්ම තරුණ කඩවසම් කමක් එක්ක ආව SRK ව ලෝකෙ වටේ දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත්ත බවටත් චිත්‍රපටය බොක්ස් ඔෆිස් ගිය බවටත් ඔයාල දැනටම දන්නවනෙ.

Pathaan එක්ක SRK ආයෙම කරලියට එන්න අවුරුදු හතක නිහඬතාවයක පස්සෙ. ඒ අවුරුදු හත ඇතුලෙ SRK ගේ චිත්‍රපට නැවත නැවත බලපු ප්‍රේක්ෂකයන්ට නම් ඒක ලොකු දෙයක් නොවුනට නලුවෙක්ට, ඒකත් බොලිවුඩයේ ප්‍රේමයේ රජුට නම් අවුරුදු හතක් කියන්නෙ ලොකුම ලොකු කාලයක්.

හැබැයි ඒ අවුරුදු හතේ නිහඬතාවයට පස්සෙ SRK ආයෙම ආවෙ ලොකුම ලොකු සද්දෙකුත් දාගෙන නිසා ආය ඒකෙ අඩුවක් පාඩුවක් උනේ නෑ කියල කියන්න ඕන.

2. Jawan

Pathaan හිට් වෙච්ච එකත් එක්ක SRK ගේ සුපිරිම ෆිල්ම්ස් සෙට් එකක්ම අපිට බලන්න අවස්තාව ලැබුණනෙ. බොලිවුඩය එයාලගෙ ෆිල්ම්ස් වල වටිනකම සහ වාණිජ වශයෙන් අසාර්තක වීම තේරුම් අරගත්තට පස්සෙ රෙඩ් චිලීස් වගෙ ලොකු කම්පනි එක්ක එකතුවෙලා All India Movies කරන්න පටන් ගත්ත ඒවයි ප්‍රතිඵලයක් විදියට අපිට මේ Jawan චිත්‍රපටය දකින්න ලැබුනා.

කොලිවුඩ් අධ්‍යකශකවරයෙක් වන ඇට්ලීත්, බොලිවුඩයේ King Khan එක්ක එකතු වෙලා කරපු Jawan කියන්නෙත් Pathaan තරම්ම සුපිරි හිට් එකක්. අනික මේ චිත්‍රපට දෙකේම තියෙන විශේෂත්වය උනේ SRK එක්ක එයාගේ බොලිවුඩ් ප්‍රේමවන්තිය වන ලස්සනම ලස්සන දීපිකාව දකින්න ලැබිච්ච එක ගැන.

ඉතින් ආය ත්‍රාසය ද භීතියද ආදරේද ඔක්කොම ඇති පදං!

3. Dhunki

  මේ දවස්වල ඉතින් කට්ටියව Tease කරගෙන යනවනෙ SRK ගේ අලුත්ම ෆිල්ම් එක වන  Dhunki හරහා. සින්දු එහෙමත් එකින් එක රිලීස් වෙන්න පටන් අරගෙන.

හැබැයි මේක නම් ඔය උඩින් කිව්ව Pathaan, Jawan වගේ චිත්‍රපට වලට වඩා වෙනස්. Pathaan සහ Jawan කියන්නෙ SRK ගේ   Don Version එක එලියට අරගෙන එන චිත්‍රපට වෙද්දි Dhunki කියන්නෙ SRK ගේ තියෙන අවයාජ බව, ආදරණීය බව සහ ආතල් බව පෙන්වන හරි ලස්සන චිත්‍රපටයක් කියන එක තමයි Trailers එහෙම දැකපු අයගෙ අදහස.

හැබැයි මේ චිත්‍රපටයට පදනම් වෙලා තියෙන්නෙ සංකිර්ණ කතාවක්. ඒ තමයි නීති විරෝධී විදියට විශේෂ රටවලට සංක්‍රමණය කරන ඉන්දියානුවන් ගැන.

මීට අමතරව තවමත් හරියට තහවුරු වෙච්ච නැති ඒත් 2024 අවුරුද්දෙදි අපිට  SRK ව දකින්න පුලුවන් චිත්‍රපට කීපයක් ගැනත් හා හෝවක් බොලිවුඩයෙන් ඇවිල්ලා අන්තර්ජාලයේ සඳහන් වෙල තියෙනව. ඉතින් ඔන්න මේවයි ඇත්ත නැත්ත මොකක් උනත් SRK Fans ලට ලබන අවූරුද්ද පුරාවටත්  තමන් ආසම කරන නලුව ඉන්න චිත්‍රපට කීපයක් දකින්න පුලුවන් වෙයි කියල බලාපොරොත්තු තියාගෙන ඉන්න පුලුවන්.

4. Operation Khukri

Operation Kukhri කියන 2024 අවුරුද්දෙ එන චිත්‍රපටයෙත් SRK රඟපාන්න ඉඩ තියෙන බව තමයි ආරංචි වෙන්නෙ. මේව එන්නෙ නිල නොලත් මාර්ග හරහා හන්ද එහෙමම වෙයි කියල කියන්න බැරි උනාට ඉතින් බලාපොරොත්තුවක් තියාගන්න එකේ වරදක් නෑනෙ.

Ayushmann Khurrana සහ Rajkummar Rao යන නළු නිළියන් ද මෙම චිත්‍රපටයේ රඟපාන අතර අශුතෝෂ් ගෝවාරිකර් විසින් අධ්‍යක්ෂණය කරන බව තමයි කියන්නෙ.. සියෙරා ලියොන් හි ඔපරේෂන් ඛුක්රි වටා කතාව ගෙතී තියෙන බවත් ඉන්දියානු හමුදාවේ සොල්දාදුවන් 233 දෙනෙක් අප්‍රිකාවේ කැලෑවේ මාස තුනකට ආසන්න කාලයක් ආහාර නොමැතිව සිර වෙලා ඉන්න කතාවක් මේ චිත්‍රපටයට තේමාව කරගෙන තියෙනව. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම 2000 දී යුද්ධයක් බවට පත්වෙනවා. මේජර් පුනියාගේ සමාගම සහ RUF (විප්ලවවාදී එක්සත් පෙරමුණ) අතර ගැටුමක්ආරම්භ වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත කරන නලුවො තුන් දෙනාම රඟපාන්නෙ සොල්දාදුවන් වගේලු. මට මතක් උනේ Main Hoon Na!

5. Hey Raam Remake!

කමල් හසන්ගෙ Hey Ram කියන චිත්‍රපටයේ Remake එකටත් SRK සම්බන්ධ වෙන බවට කට කතාවක් පැතිරෙනවා.

මේ කතාව ඇත්තටම ආවේ 2018 දි කමල් හසන් මාධ්‍යයට කිව්ව කතාවක් එක්ක. ඒ තමයි මේ Hey Ram කියන චිත්‍රපටය Remake කරන වගකීම SRK විසින් අරගත්ත බව. ඉතින් ඒ ඔස්සේ තමයි මිනිස්සු මේ Hey Ram Remake චිත්‍රපටයෙන් අපිට SRK ව දකින්න ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්නේ.

6. Izaar

සංජේ ලීලා බන්සාලි එක්ක SRK ගේ චිත්‍රපටයක් දකින්න ලැබුනොත් ඒක මොනවගේ එකක් වෙයිද? දේව්දාස් වගේ වෙයිද?

ඔන්න ඉතින් සංජේ ලීලා බන්සාලි සහ SRK එකතු උනාම මැවෙන හරිම කලාත්මක චිත්‍රපට දකින්න ආස අයටත් ලබන අවූරුද්ද දිහාවට ඒ වගේ චිත්‍රපටයක් බලන්න අවස්තාවක් ලැබෙන්න ඉඩක් තියෙන බව තමයි බොලිවුඩයෙන් එන ආරංචි මාර්ග වල සඳහන් වෙන්නෙ.

මේ චිත්‍රපටයේ නම ඉශාර්.

ඉන්දියානු ජාතිකයෙක් සහ නෝර්වීජියානු කෙල්ලක් අතර ඇතිවෙන ආදර කතාවක් ගැන තමයිලු බන්සාලි මහත්තය මේ චිත්‍රපටයෙන් කියන්න ලෑස්තිවෙලා ඉන්නෙ. ඉන්දියන් කොල්ලා අපේ SRK වෙද්දි නෝවිජියානු කෙල්ල කවුරු වෙයි කියලද ඔයාලා හිතන්නේ?

ඉතින් ඔන්න ඔය ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් අපිට ලබන අවුරුද්ද වෙනකම් ඉන්න වෙනව.ඒත් ඉතින් ඔය කියන විදියටම ඒව රිලීස් වෙයිද කියලත් අපි දන්නෙ නෑ.

ඉතින් අපි බලමු නේද ලබන අවුරුද්දෙ මේ එන්න තියෙන චිත්‍රපට එක්ක අපිට King Khan ව මොන විදියෙ මුහුණුවරකින් දකින්න ලැබේවිද කියල

Related Articles

Don't Miss


Latest Articles