නත්තලට ගෙදර හැඩකරන්න ගෙදරදීම සැරසිලි හදමුද?

නත්තල් කාලෙ කියන්නෙ අවුරුද්දෙ තියෙන විශේෂම කාලවල් වලින් එකක්නෙ. ජේසුතුමාගෙ උපත සිහිපත් කරන සුන්දර නත්තලේ සීතල එක්කම සාමයේ සහ සතුටේ පණිවිඩය අපේ ජීවිත වලට එකතුවෙනව.

නත්තල් ගහ, නත්තල් සැරසිලි, ගව ලෙන් වගේම පවුලේ හැමදෙනාම එකතු වෙන ලස්සන කෑම මේසය මේ සතුට වැඩිකරනවා.

පවුලේ හැමෝම එකතුවෙලා නත්තල් සැරසිලි කරද්දි, ආහාර පිළියෙල කරද්දි වගේම තම තමන්ගෙ විස්තර බෙදාගද්දි තියෙන වටිනාකම කියල නිමකරන්න බෑ.

අන්න ඒ නිසා ඔබේ පොඩ්ඩො එක්ක එකතුවෙලා ලේසියෙන්ම හදන්න පුළුවන් හරි අපූරු නත්තල් සැරසිලි ටිකක් ගැන කියන්නයි අපේ අද සූදානම.

Rustic Twig Ornaments

මේ නත්තක් සැරසිලි හදන්න ඔබට ඕනෙ වෙන්නෙ ලී කෝටු කීපයක් විතරයි.

තරු වල හැඩයට, හිම පියළි වල හැඩයට වගේම නත්තල් ගහක ත්‍රිකෝණ හැඩයට ලී කෝටු ලණු වලින් ගැටහහල අවශ්‍ය නම් විවිධ පාටවල් වල නූල් වලින් සහ කොළ වලින් හැඩගන්වා ගන්නත් පුලුවන්.

Ribbon christmas trees

නත්තල් ගහේ එල්ලන්න, ජනෙල් වල එල්ලන්න වගේ ඕන වෙන පුංචි නත්තල් ගස් තමයි මේ.

මුලින්ම ඔබ කැමති පාටවල් වලින් රිබන් පටි කීපයක් අවශ්‍ය වෙනව. මේ රිබන් පටි එකකට එකක් දිග වැඩිවෙන විදිහට විවිධ දිග ප්‍රමාණවලින් කපාගන්න ඕන.

දැන් පොඩි ලී කෝටු කෑල්ලක් අරන් උඩින්ම අඩුම දිග රිබන් පටියත් පිළිවෙලට පහළට දිගින් ටික ටික වැඩි රිබන් පටිත් ගැටහහන් එන්න ඕන. එතකොට ලී කොටුවෙ මැද්දෙන් තමයි රිබන් පටියේ ගැටය එන්නෙ. 

මේ විදිහට පුංචි නත්තල් ගහක් සකසගන්න ඔබට පුළුවන්. 

Mason Jar

ගෙදර ඉවත්කරපු ජෑම් බෝතල් ප්‍රයෝජනය ගන්න මේ තමයි හොඳම කාලෙ. 

ජෑම් බෝතල් වල ස්ටිකරය ඉවත් කරල හොඳින් පිරිසිදු කරගෙන මැදින් ඉටිපන්දමක් ගසාගන්න ඕන. ඊළඟට අඩිය වැසෙන විදිහට වැලි හෝ කුඩා ගල් කැට පුරවගෙන අවශ්‍ය නම් ජෑම් බෝතලේ කට වටේට රිබන් පටියක් ගැටහසා ගන්නත් පුළුවන්.

ඔබ කැමති පාටක් හෝ දිළිසෙන කුඩු ජෑම් බෝතලේ පාටකර ගන්න වුනත් හැකියාව තියෙනව.  

Star Yarn Ornaments

මේ සැරසිල්ලත් හරිම ලේසියෙන් හදාගන්න ඔබට පුළුවන්.

අවශ්‍ය වෙන්නෙ කාඩ්බෝඩ් කැබලි කීපයක් සහ පාට කීපයක වූල් නූල් ටිකක් විතරයි.

මුලින්ම කාඩ්බෝඩ් කැබැල්ල ඔබට අවශ්‍ය ප්‍රමාණයට තරු හැඩයට කපාගන්න. ඊළඟට, නූල් වලින් කාඩ්බෝඩ් කැබැල්ල ආවරණය කරන්න. 

Terra-Cotta Tannenbaum

මේ සැරසිල්ලත් ටිකක් වෙනස් අදහසක්.

ඔබේ නිවසෙ ඉවත දමන එහෙමත් නැත්නම් භාවිතයට නොගත්ත විවිධ ප්‍රමාණවල මැටි ඕකිඩ් පෝච්චි තියනවනම් මේ සැරසිල්ල කරන්න හරිම පහසුයි.

මුලින්ම, සෝදා පිරිසිදු කරගෙන වතුර වේලාගත් ඕකිඩ් පෝච්චි වල විශාලම පෝච්චිය අඩියටමත් කුඩා පෝච්චි උඩටත් සිටින විදිහට මුනින් අතට එක මත එක පෝච්චි තබා ගන්න. 

ඊළඟට, ඔබ කැමති විදිහට කොළ හෝ වෙනත් සැරසිල්ලක් යොදාගෙන මේ මල් පෝච්චි හැඩකර ගන්න පුළුවන්. 

මල් පෝච්චි පාට කරගන්න වුනත් පුළුවන්.

Cloth Peppermints

ගෙදර තියන ඉවත දාන ටින්, බෙලෙක්ක හෝ බෝතල් මූඩි ටිකක්, විවිධ පාටවල් වලින් රෙදි කැබලි ටිකක් සහ රිබන් පටි කීපයක් මේ නිර්මාණය කරන්න හොඳටම ප්‍රමාණවත්.

මුලින්ම රෙදි කැබැල්ල අතුරා එහි හරි මැදට වෙන්න බෝතල් පියන තබා ගන්න. දැන් දිග අතට ටොපියක් ඔතන විදිහට බෝතල් පියන ඔතා දෙපැත්තෙන් රිබන් පටියෙන් ගැට ගහගන්න. 

Christmas Mason Jar Sign

මේ නිර්මාණය කරගන්න ඔබට අවශ්‍ය වෙන්නෙ කාඩ්බෝඩ් හෝ ලී පුවරුවක්, තීන්ත, ප්ලාස්ටික් හෝ ඔබ කඩදාසි වලින් නිර්මාණය කරපු මල් සහ ඔබ කැමති වෙනත් සැරසිලි කීපයක් පමණයි.

මුලින්ම කාඩ්බෝඩ් හෝ ලී පුවරුව පාටකර ඒ මත ජෑම් බෝතලයක හෝ වීදුරු බෝතලයක හැඩයක් අඳින්න. 

ඇඳපු බෝතලයේ කට ආසන්නයේ ප්ලාස්ටික් මල් හෝ කඩදාසි මල් අලවා ගන්නත් කොළ අතු හෝ ඔබ කැමති වෙනත් සැරසිල්ලක් අලවා ගන්නත් පුළුවන්. 

ඉතිං මේ පාර නත්තලට ඔබේ පොඩ්ඩො එක්ක එකතුවෙලා මේ සැරසිලි කරල බලමුද?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles