නත්තලට චිත්‍රපට තුනක්

නත්තල් කාලේ කියන්නේ හොඳට කාලා බීල ආතල් එකේ ෆිල්ම් එකක් බලල ඉන්න කාලයක් නේ.

ඉතින් අපි හිතුවා මේ නත්තල් කාලේ ඔයාලට බලන්න පුලුවන් ලස්සන නත්තල් චිත්‍රපට කීපයක් ගැන කතාකරන්න. මේව මේ අලුතෙන්ම රිලීස් වෙච්ච නත්තල් චිත්‍රපට.

ඔයාලා දන්නවද දන්නෙ නෑ Hallmark ආයතනය නත්තල වෙනුවෙන්ම හරිම ලස්සන, ආදරණීය, බෙදා හදා ගැනීම ගැන අපූරු පණිවිඩ අරගෙන එන නත්තල් චිත්‍රපට රැසක් හැම අවුරුද්දකම ලෝකෙට තෑගි කරනවා.

ඉතින් ඒ වගේම හරිම රසබර සහ උණුසුම් හැඟීම් අරගෙන එන නත්තල් චිත්‍රපට කිහිපයක් තමයි මේ.

1. Best. Christmas. Ever

චාලට් සහ රොබී සැන්ඩර්ස් ජීවත් වෙන්නෙ තට්ටු නිවාසෙක. දෙන්න ගෙවන්නෙ හරි සරල ජීවිතයක් කිව්වොත් හරි. ඒ වුනාට මේ දෙන්නගෙ මේ සරල ජීවිතේ චාලට්ගෙ කොලේජ් එකේ යාලුව වෙන ජැකීගෙ පට්ට පරිපූර්ණ ජීවිතේ කියන හැඟීම් වලාකුලෙන් වැහිල තියෙන්නෙ.

කොච්චර කරත් ඉතින් අපෙ යාලුවෙක් අපිට වඩා මාරම පර්ෆෙක්ට් ජීවිතයක් ගෙවද්දි අනේ ඇයි මට එහෙම නැත්තෙ කියන එක ඕනම කෙනෙක්ට හිතෙනවනෙ. ඉතින් චාලට්ටත් ඒ හැඟීම එහෙමම තියෙනවා.

මේ ජැකී හැම අවුරුද්දෙම නත්තලට ලියුමක් එවනවා. එයා කොච්චර සන්තෝසෙන් ඒ අවුරුද්ද ගෙව්වද, එයාට ලැබිච්ච දේවල් අරකද මේකද කියල. ඉතින් චාලට්ට පොඩ්ඩක් ඕකට අවුල්.

චාලට්ට නිකන් හිතෙන්නෙ තමන්ගෙ පවුල මෙලෝ රහක් නෑ කියල.

තමන්ගෙ දූ ඩෝරාගෙ මුලු ලෝකෙම කොමික් චිත්‍රපට වලින් පිරිලා. පුතාගේ ලෝකෙ ඉන්නෙ එයාගෙ සෙල්ලම් වඳුරා. මහත්තයට ඔක්කොටම වඩා උවමනාව තියෙන්නෙ ගෙවල් මාරු කිරිල්ලක් ගැන.ඕන් ඔහොම අවුලෙන් ඉද්දි තමයි මෙයාලට් චාලට්ගෙ යාලුව ජැකීගෙ ගෙදර යන්න වෙන්නෙ නත්තලට. ගිහිල්ල ආපහු ඉක්මනට එන බලාපොරොත්තුවෙන් උන්නට මොකෝ නොහිතපු විදියට හිම වැටිච්ච හන්දා මෙයාලට එදා එහෙ නවතින්න වෙනවා.

චාලට් හැබැයි පොඩ්ඩක් සැකෙන් ඉන්නෙ. මොකෝ එයාට ජැකීගෙ හස්බන්ඩ් වෙච්ච වැලෙන්ටිනෝව එච්චර දිරවන්නෙ නෑ. ඉතින් මේ ජැකී සහ වැලෙන්ටිනෝ දෙන්න මොනවහරිම තමන්ගෙන් හංගන ලොකු දෙයක් තියෙනව කියල හිතන චාලට් හැමෝටම හොරෙන් අනුන්ගෙ ගෙයක් අස්සේ අනුන්ගෙ රහස් හොයන්න පටන් ගන්නවා.

ඒ ගමන නවතින්නෙ හිතුවෙවත් නැති විදියෙ දෙයක් දැනගන්න ලැබිලා.

ඒ නොහිතපු දේ එක්ක චාලට් ට ඒ නත්තල ඇත්තමට Best Christmas Ever කියන්න පුලුවන් වෙයිද?

ඒක දැනගන්න අපි මේ චිත්‍රපටය බලන්නම ඕන.

2. Family switch

මම නම් මෙතෙක් බලපු සුපිරිම නත්තල් චිත්‍රපටයක් කියල කියන්න පුලුවන් Home alone.  ඉතින් මේ Family Switch කියන්නෙත් අන්න ඒ වගේම ලස්සන නත්තල් චිත්‍රපටයක්.

මේක අයිතිවෙන්නෙ කොමඩි කියන කැටගරියට. ඉතින් කොහොමත් නත්තල් කියන්නෙ සන්තෝසෙ පිරි ඉතිරෙන කාලයක් හන්දා ඔන්න මේ චිත්‍රපටයත් බලන්න අමතක කරන්න එපා.

ලොස් ඇන්ජලීස් වල ජීවත් වෙන වෝකර් පවුල, ජෙස්, බිල්, සිසී, වැට් සහ මයිල්ස් කියන්නෙ කොහොමත් එකිනෙකාට වඩා හරි වෙනස් සෙට් එකක්. නත්තල ඒමත් එක්ක මේ පවුල් දෙකේ දෙමව්පියන්ට ඕන වෙනවා මේ එකිනෙකාගෙන් ඈත්වෙලා ඉන්න තමන්ගෙ ලමයිව පොඩ්ඩක් ලං කරන්න.

ඉතින් ඔහොම ඉද්දි තමයි මෙයාලා දුර්ලභ ග්‍රහලෝක සංසිද්ධියක් නරඹන්න ග්‍රහලෝකා ගාරවලට යන්නේ. හැබැයි එහෙම ගියාට ආපහු එන්නේ ඒ ගිය මිනිස්සු නම් නෙවෙයි.

කට්ටිය කට්ටිය මාරු වෙලා. එහෙම නැත්තම් Switch වෙලා.

කොහොමද? හිතාගන්න පුලුවන්නේ

ඉතින් ඔතන ඉඳල අපිට ආයෙ බලන්න වෙන්නෙ “කොහොමද මං ආපහු මම වෙන්නෙ?” කියල ප්‍රශ්නෙ හිත අස්සෙ පිරිච්ච මිනිස්සු අනුන්ගෙ ඇඟකින් අනුන්ට අයිති වැඩ කරන්න මහන්සි වෙන විදිය. හරි ජොලි ඉතින්!

මතකද අර ස්කුබි ඩූ චිත්‍රපටයක එකක් තිබුනා කට්ටිය Switch වෙලා. කෙල්ලො කොල්ලො මාරුවෙච්ච සිද්ධියක්.

ඊට හපන් මේක!

ඉතින් මොකද හිතන්නේ ඔයාලා හිතනවද මේ මිනිස්සුන්ට පුලුවන් වෙයි කියල මෙහෙම මාරුවෙච්ච ජීවිත එක්ක නත්තල සන්තෝසෙන් ගෙවන්න?

මට එක දෙයක් නම් පොරොන්දු වෙන්න පුලුවන්. එයාලගේ ජීවිතවලට මොනව උනත් මේ චිත්‍රපටිය බැලුවොත් ඔයාලටනම් නත්තල පුදුම සන්තෝසෙකින් ගෙවන්න පුලුවන්!

3. Catering Christmas

ඔව් නමට ගැලපෙන්නම මේක මේ කෑම Cater කරන කීපදෙනෙක් ගැන සම්බන්ධ චිත්‍රපටයක් තමයි. හැබැයි පුදුම රසවත්.

Molly Frost ට තියෙනව පුංචි කේටරින් බිස්නස් එකක්. බිස්නස් එක පොඩි උනාට මොකෝ මොලී හරි දක්ෂ විදියට ලස්සනට තමන්ට ලැබෙන වැඩ ටික කරන කෙල්ලෙක්. මොලී වගේම එයාල ජීවත්වෙන ගමේ හැමෝම නත්තල් කාලෙට කෑම කේටර් කරන්න ඇහැ ගහගෙන ඉන්න උත්සවයක් තියෙනවා. ඒ තමයි නිව් හැම්ප්ශයර් වල අවුරුද්දකට වතාවක් එන ලොකුම උත්සවය. ට්he Harrison Foundation Christmas Fundraiser කියල තමයි මේ උත්සවේට කියන්නෙ. මේක ඇරේන්ජ් කරන්නෙ ඒ පලාතෙ ඉන්න ධනවත් කාන්තාවක්.

වෙනදට මේ කාන්තාව තමයි උත්සවේ සංවිධානෙ කරන්නෙ. ඒ උනාට මේ අවුරුද්දෙ එයාට උදව් කරන්න එයාගේ බෑනෙක් වෙච්ච කාර්සන් හැරිසන් එනවා.

මොලී එක්ක මේ කේටරින් වැඩේ භාරගන්න තව කණ්ඩායමක් තරග කරනවා. ඒ වුනාට එකම එක වතාවක් විතර්ක් මොලීව හම්බුවෙච්ච ඔය වත්කම් ඒව මේව ගැන වැඩි තැකීමක් කරන්නෙ නැති කාර්සන් එයාගෙ නැන්දට කියනවා “මොලීට ඔය වැඩේ භාරදුන්න නම් හොඳ නැද්ද? ඒක එයාටත් උදව්වක්නෙ තව බිස්නස් හොයාගන්න” කියල.

ඒ වුණාට මොලී දන්නෙ නෑ කාර්සන් කියන්නෙ හැරිසන් පවුලෙ කොල්ලෙක් කියල.

දෙන්න හම්බුවෙන්නෙ කුස්සියෙදි. මොලී රැවටෙනවා කාර්සන් කියන්නෙ තමන්ගෙ අත් උදව්වට ඉන්න කොල්ල කියල. ඒ වගේම මොලීගෙ ඔලුව උඩ ලොකු බරක් පැටවිල තියෙනවා මේ වැඩේ හරියට කරන්න ඕන කියල. මොකෝ හැරිසන් නෝනව ලේසියෙන් සන්තෝස කරන්න බෑ.

ටික දවසක් ගියාට පස්සෙ තමයි මොලී දැනගන්නෙ තමන් එදා කුස්සියෙදි අත් උදව් අරන් තියෙන්නෙ හැරිසන් ෆවුන්ඩේශන් එකේ අනාගත හිමිකරුගෙන් කියල. ලැජ්ජාව වගේම හැරිසන් නෝන මේක දැනගත්තොත් මොන වගේ දෙයක් වෙයිද කියන බයත් හිතේ තිබුනට මොකෝ අන්තිමේ දෙන්න එක්කහු වෙලා උත්සවේ ලස්සනට ඉවර කරනවා.

මොලී හිතාගෙන ඉන්නෙ හැරිසන් නෝන තමන්ව මේ වැඩේට අරගත්තෙ තමන්ගෙ වැඩ ගැන සතුටු නිසා කියල. ඒත් නොහිතපු මොහොතක “මම ඔයාට මේ වැඩේ භාරදුන්නෙ අපේ කොල්ල ඔයාට මේක දෙන්න කියල කිව්ව හන්දමයි” කියල හැරිසන් නෝන වැඩිය නොහිත හිතන කතාව මොලීගෙ හිත රිද්දනවා.

ඒ හිත් බිඳීම මොලීවයි කාර්සන්වයි සදහටම ඈත් කරලා දාවිද? ඒ නත්තල මොලීගෙ හිත බිඳිච්ච නත්තලක් බවට පත්වේවිද?

දැනගන්න, මේ ලස්සන චිත්‍රපටය බලන්න කියල ඔයාලගෙන් මම ඉල්ලනවා.

මේ චිත්‍රපට තුනම ඔයාලට නෙට්ෆ්ලික්ස් ඔස්සේ බලන්නත් පුලුවන්!

Related Articles

Don't Miss


Latest Articles