නත්තල් කේක් හරියටම හදමුද?

නත්තල් කෑම මේසෙ කීවම අපිට එකපාරටම මතක් වෙන කෑම මේසෙ මැද්දෙ තියෙන නත්තල් කේක් වල රස ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

ඔන්න ඉතිං රසම රස නත්තල් කේක් එකක් හරියටම හදාගන්න විදිහ ඔබට කියල දෙන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. 

ඉස්සල්ලම බලමු ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල

අවශ්‍ය ද්‍රව්‍ය (20 -25 ත් අතර පිරිසකට)

  • මුද්දරප්පලම් 300g
  • වේලන ලද ඇප්‍රිකොට් 150g
  • මික්ස්ඩ් පීල් 75g
  • සීනි ද්‍රාවණයක ගිල්වන ලද චෙරි 150g
  • රටඉඳි 180g (මේ පළතුරු වර්ග සොයාගන්න අපහසු නම් ඔබට සොයාගන්න පහසු වේලන ලද පළතුරු වලින් 885g ක ප්‍රමාණයක් ගන්න)
  • ඇපල් යුෂ කෝප්ප 01 යි මේස හැඳි 02 ක් හෝ බ්‍රැන්ඩි කෝප්ප ⅓ යි ඇපල් යුෂ කෝප්ප ⅔ ක් 
  • බටර් 115g
  • දුඹුරු සීනි කෝප්ප 1 ½ ක්
  • තෙල් කෝප්ප ½ ක් (එළවළු තෙල් හෝ කැනෝලා තෙල් නම් වඩා හොඳයි)
  • ගෝල්ඩන් සිරප් මේස හැඳි 03
  • ලුණු තේ හැඳි ½
  • සාදික්කා, කුරුඳු පොතු, වසාවාසි සහ කරාබුනැටි එක්කර හොඳින් කුඩුකර සාදාගත් කුඩු මිශ්‍රණයෙන් තේ හැඳි ½
  • කුරුඳු කුඩු තේ හැඳි ½
  • සාදික්කා කුඩු තේ හැඳි ½
  • බිත්තර 03
  • බේකිං පවුඩර් තේ හැඳි ½
  • පිටි කෝප්ප 1 ⅔ 
  • වෝල්නට්, ආමන්ඩ් හෝ කජු කෝප්ප ¾ (අත්‍යාවශ්‍ය නැත)
  • බේකින් තැටියක්, ෆොයිල් කඩදාසි සහ තෙල් කඩදාසි

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන එයට වියළි පලතුරු ටික දමා ඇපල් යුෂ හෝ බ්‍රැන්ඩි මිශ්‍රණය සමඟ හොඳින් කලවම් කර විනාඩි 1 ½ ක් පමණ මයික්‍රොවේව් හෝ ඩබල් බොයිල් ක්‍රමයට රත්කරගන්න,

මයික්‍රොවේව් උඳුනෙන් හෝ ලිපෙන් ඉවතට ගෙන හොඳින් මිශ්‍රකර පැයක් පමණ වසා තබන්න.

සෙල්සියස් 160 හෝ ෆැරන්හයිට් 320 උෂ්ණත්වයෙන් අවන් එක රත්වීමට තබන්න. 

බේකින් තැටිය සූදානම් කර පසෙකින් තබන්න.

භාජනයක් ගෙන එයට බටර් සහ සීනි දමා සීනී හොඳින් දියවී මෘදු මිශ්‍රණයක් ලැබෙන තුරු මිශ්‍රකර (බීට් කරන්න) ගන්න

එයටම තෙල් එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න.

ලුණු කුළුබඩු මිශ්‍රණය සහ මේකින් පවුඩර් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

වරකට එක බැගින් බිත්තර එක්කර හොඳින් මිශ්‍රකර ගන්න.

මේ මෘදු මිශ්‍රණයට පිටි එකතු කර හැඳි ගා ගන්න

දැන් මේ මිශ්‍රණයට පැයක් පෙඟවූ වියළි පළතුරු මිශ්‍රණය දමා හැන්දෙන් මිශ්‍රකර ගන්න

කේක් තැටියක දමා ෆොයිල් කඩදාසියකින් වසා පැය 2 ½ ක් පමණ බේක්කර ගන්න. ෆොයිල් කඩදාසිය ඉවත්කර තවත් විනාඩි 30 – 45 ක් පමණ බේක්කර ගන්න.  

උඳුනෙන් ඉවතට ගෙන නිමෙන්න තබා මද රස්නෙන් ආහාරයට ගන්න. 

Related Articles

Don't Miss


Latest Articles