බෝරින් නැතුව දවස පටන් ගන්න ඔයාට පුංචි ටිප්ස් ටිකක්

කොච්චර Positive විදියට හිතන, කොච්චර හොඳට වැඩකරන මනුස්සයෙක්ට උනත් උදේම නැගිටින එක නම් ඉතින් පොඩ්ඩක් අමාරු බව ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.

ඊටත් වඩා අමාරුයි එහෙම උදේම නැගිටල, ඇර නිදිමත බේරෙන මූනෙන් දවසට මූණ දෙන එක.

ඉතින් අපි හිතුවා අද ඔයාලා එක්ක බෙදාගන්න Boring වෙන්නෙ නැතුව දවස පටන් ගන්න පුලුවන් විදි කිහිපයක් ගැන.

මොකද දවසක ආරම්භය තමයි ඒ දවසට හොඳ අත්තිවාරමක් සපයන්නෙ. ඉතින් මුලදිම ඒ අත්තිවාරම හොඳට දාගත්තම ඔයාලට හරි පහසුයි දවස ලස්සනකට කලමනාකරනය කරගෙන යන්න.

1. කාල කලමනාකරණය

උදේට කාල කලමනාකරණය කරන එක අමාරු වැඩක් බව ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ උනාට උදේට කාලය කලමනාකරණය කරගෙන ඔයාට ඔයා වෙනුවෙන් පොඩි වෙලාවක් හරි වෙන් කරගන්න පුලුවන් නම් ඔයාට පොඩි විවේකයක් ගන්න පුලුවන්.

දවසක් හොඳින් පටන්ගන්න හේතුවන වැදගත්ම සාධකය වෙන්නෙ කාලයනෙ. ඉතින් උදේට ඔයා මේ කාලය පාවිච්චි කරන්නෙ කොහොමද කියන එක හරි වැදගත්.

මොකද එහෙම නැතුව ගියොත් ඔයාගෙ උදේ පටන් ගන්නෙම ආතතියක් එක්ක. මුලින්ම මේක පොඩ්ඩක් කරන එක අමාරු වෙන්න පුලුවන්. උදේ නැගිටල ගෙදර අයට කෑම හදල, කැම හදපු පිඟන් කෝප්ප හෙම අස් කරගත්තට පස්සෙ ආයෙ තව වැඩක් පටන් ගන්න කලියෙන් ඔයා ඔයා වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරගන්න.

නිදහසේ තේ එකක් බොන්න. පුලුවන් නම් පොඩ්ඩක් එලියෙ ඇවිදින්න යන්න.  උදේම නැගිටල මහන්සි වෙලා වැඩ කරපු එකේ ඔයාගෙ ඇඟට පොඩ්ඩක් Shut down වෙන්න ඉඩ දෙන්න

2. යෝග සහ භාවනා

උදේම යෝග වල සහ භාවනා කටයුතු වන නිරත වෙන්න පුලුවන් නම් ඒකත් දවස ලස්සනට පටන් ගන්න උදව්වක් වෙනවා. අපේ ඇඟ මේ වගේ දේවල් කරද්දි සතුටට හේතුවන එන්ඩොර්ෆින් මුදා හරින බව ඔයාලා අහල ඇතිනෙ.ඉතින් Daily උදේට ඔයාගෙ Morning Routine එකට මේ වගේ යෝග හරි භාවනා අංගයක් හරි එකතු කරගන්න පුලුවන් නම් සතුටෙන් ඉන්න පුලුවන් වගේම ඔයාගෙ මනස සෑහෙන Relax වෙනවා.

උදේ පාන්දර කලබලකාරී නගරයක සද්ද බද්ද වලින් මිදිල මනසට සහ සිරුරට සැහැල්ලුවක් අරගෙන එන්න, දවස ප්‍රබෝධමත්ව අරඹන්න මේ දේත් කරල බලන්න

3. සෞඛ්‍ය සම්පන්න උදේ ආහාරයක්

උදේට රජෙක් වගේ කන්න කියල කියනව අහල ඇතිනෙ. රෑ කෑම අරගත්තට පස්සෙ අපි පැය ගනනාවක් නිදා ගන්න නිසා අපේ ඇඟ ශක්තිමත් වෙන්න, දවසෙ වැඩ කටයුතු වලට ප්‍රබෝධමත්ව මුහුණ දෙන්න උදෑසන ආහාරය හරිම වැදගත්.

ඉතින් උදෑසනකට රජෙක් වගේ කෑවට කන්න ඕන හොඳ දෙයක් බව අමතක කරන්න එපා. ශරීරයට අහිතකර දේවල් උදේ පාන්දර බඩට දාගන්න එක නම් දවස හොඳට ගෙවන එක මගින් නවත්තන්න හේතු වෙනවා.

ඒ නිසා පෝෂ්‍ය පදාර්ත බහුල, ඉතාම හොඳ ආහාර වේලකින් දවස ප්‍රබෝධමත්ව අරඹන්න

4. දින චර්‍යාව

ඔයා රැකියාවකට යන කෙනෙක් උනත්, නිවසේ ඉන්න කෙනෙක් උනත් ඔයාටම ආවේණික Daily Routine එකක් ඔයාට තියෙනවනෙ. ඉතින් උදේ නැගිටල කලබල වැඩ ටික ඉවර කරගෙන ඔයා බලන්න දවසේ ඉතුරු වෙලාවෙ ඔයාට කරන්න තියෙන්නෙ මොනවද කියල. ඒ දේවල් වල ප්‍රමුඛත්වය මත සටහන් කරගන්න. ඒ පිලිවෙලට වැඩ ටික කරගෙන යන්න.

මේකට ඔයා කරන්න ඕන වැඩ විතරක්ම නෙවෙයි. ඔයා කන්නෙ කීයටද, නාන්නෙ කියටද වගේ දේවල් වුනත් එකතු කරගන්න. Routine එකක් ඇතිකරගන්න.

දවස අවසාන වෙද්දි ඔයා බලන්න ඔයාගෙ Routine එකේ Tasks කීයක් ඔයා Successfully Complete කරලද කියල

5. ශරීරයේ වෙනස්කම්

ගොඩක් වෙලාවට උදේම නැගිටල කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලද්දි අපි පොඩ්ඩක් අවුල් යනවනෙ. ඒ නැතත් ඔලුවෙ වෙන වෙන ප්‍රශ්න කරදර තියෙන වෙලාවල නින්දෙන් නැගිටින්නෙම අවුලෙන් වෙන එකත් අපිට සාමාන්‍යයි.

හැබැයි මීට අමතරව ඔය Bad Hair Days වගේ දේවල් උනත් අපිට දවස Boring නැතුව සන්තෝසෙන් පටන් ගන්න බාධාවක් වෙන්න පුලුවන් නෙ. ඉතින් මේ වගේ දේකින් මිදෙන්න ඔයාට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුලුවන්.

උදේ නැගිට්ට ගමන් ඔයා ලස්සන දෙයක් ගැන හිතන්න. ඔෆිස් යන්න ලෑස්ති වෙන ගමන් ඔයා ආස සින්දුවක් වගෙ අහන්න. හොඳ දේවල් ගැන හිතන්න. Bad Hair Day එකකට ඔයාගෙ මුලු දවසක්ම පාලනය කරන්න ඉඩ දෙන්න එපා. Bad Hair Day එකක් උනත් ඔයාගෙ විදියට Rule කරන්න

6. සන්තෝසෙන් හැම මොහොතක්ම ගෙවන්න

නාන ගමන් සින්දුවක් කියන්න. ඇඳුම් අයන් කරන්න. සින්දුවක් අහන්න වගේ ඔයාගෙ හිතට සතුටක් ගෙන දෙන දෙයක් කරන්න. පරක්කු නැත්තම්, වෙලාව තියෙනම් පොතක් පතක් වගේ කියෙව්වත් කිසිම අවුලක් නෑ.

ඒ වගේ දේකට පුලුවන් ඔයාගෙ දවසෙ Start එකම හරිම ලස්සන දෙයක් කරන්න. ඔයාගෙ දවස ඔයා ඔයාගෙ විදියට පටන් ගන්න.

ඉතින් දවස ප්‍රබෝධමත් කරගන්න, සතුටෙන් ගෙවන්න ඕන කරන යතුර තියෙන්නෙ ඔයා ළඟමයි!

Related Articles

Don't Miss


Latest Articles