කොරියන් තරුණයන්ට රැවුල නැත්තේ ඇයි?

අපේ රටේ බොහෝ ගැහැනු ළමයින්ගේ Celebrity crush අතරේ ඉහළින්ම ඉන්නේ කොරියන් නළුවෝ.Kim soo Hyun ,Lee min ho,Park seo joon වගේ නලුවෝ බොහොමයක් විතරක් නෙවෙයි BTS සංගීත කණ්ඩායමටත් ලෝකයේ ඉන්න ගැහැනු ළමයින්ගේ දැඩි ආකර්ෂණය හිමි වෙනවා.කඩවසම්,ආදරණීය පෙනුමක් තියන මේ නළුවන්ට අපේ රටේ Social Media වල නිතරම වැඩෙන මඩ ප්‍රහාරයක් තමයි “රැවුල නැති කොල්ලෝ..” මේ රැවුල නැති වීම ඔවුන්ගේ ලිංගිකත්වය සහ ලිංගික ශක්තිය ගැන ප්‍රශ්න කරන්න උවමනා හේතුවක් කියලා හිතන තරමට සමහරුන්ට විහිළුවක්.

ඒත් ඇත්තටම ඇයි කොරියන් කොල්ලන්ට රැවුල නැත්තේ? අද අපි කියන්නේ මේ සඳහා හේතු වෙන ඇත්තම කාරණා ගැන.

1.ජානවල ස්වභාවය

රැවුල වැවෙන්න ජාන බලපනවා.ටෙස්ටොස්ටෙරෝන් හෝමොනය හිසකෙස් සඳහා වන සංවේදී බව රැවුල වැවෙන්න හේතුවක්.ඒත් කොරියානුවන්ගේ ටෙස්ටොස්ටෙරෝන් සඳහා හිසකෙස් සංවේදිතාව අඩුයි.ඒ නිසා ඔවුන්ගේ රැවුල වැවෙන වේගය අඩුයි.

2.වයසට යාමේ වේගය.

Koren boys

අනිත් රටවල්වල පිරිමින්ට සාපේක්ෂව කොරියානුවන්ගේ වයසට යාමේ වේගය මන්දගාමීයි.රැවුල වැවීම වයසට සමානුපාතික නිසා කොරියන් තරැණයන්ට රැවුල ඇති වීම ඉතා දුලබයි.

3.සංස්කෘතිය

කොරියාවේ සංස්කෘතිය අනුව ඔවුන් රැවුල වවන්නේ නැහැ.රැවුල වවන්නේ දුප්පත්කම,කම්මැලිකම,අපිරිසිදුකම නිසා බවයි ඔවුන් විශ්වාස කරන්නේ.ඒ නිසා තමන් සතුව එවැනි ලක්ෂණ නැති බව තහවුරු කරන්න කොරියානුවෝ රැවුල වවන්නේ නැහැ.

4.කාන්තාවන්ගේ ආකර්ෂණය

කොරියන් ගෑනු ළමයි තමන්ගේ පාට්නර් රැවුල නැතිව ඉන්නවට තමයි වැඩිපුර කැමති.ඒ නිසා කොරියන් තරුණයෝ රැවුල වවන්න කැමත්තක් දක්වන්නේ නෑ.ඒ වගේම තමයි කොරියන් තරුණයන්ගේ මුහුණේ pores පවතින්නෙත් නෑ.ඔවුන් ඉතා ඉහළ රූපලාවණ්‍ය නිෂ්පාදන සම වෙනුවෙන් භාවිතා කරන අතර රෝම ඉවත් කරන සැත්කම් පවා සිදු කරන්නේ ඔවුන්ගේ රූපය ගැන එතරම් සැලකිලිමත් වෙන නිසා.

5.රැකියාවේ නීති.

Korean boys

කොරියාවේ බොහෝ ආයතන වල රැවුල කැපීම අනිවාර්යය නීතියක්.රැකියාවක් නැති තරුණයන් හඳුනාගැනීමේ ලක්ෂණයක් රැවුල වවා තිබීම.ඒ වගේම කොරියානුවෝ මානසික අවපීඩනයේ ලක්ෂණයක් විදියටත් රැවුල වැවීම හඳුන්වන හින්දා සේවා ස්ථානවල රැවුල වැවූ තරුණයන්ට ඉඩ නැහැ.

ඒ වගේම තමයි කොරියන් ජාතිකයන් රැවුල නිතරම Shave කරනවා.රැවුල අනවශ්‍ය අංගයක් කියලා ඔවුන්ගේ සංස්කෘතිය තුළ මුල් බැහැගෙන තියන නිසා රැවුල වැවූ තරුණයන් කොරියාව තුළ ඇත්තේම නැති තරම්.

එක එක රටවල සංස්කෘතිය සහ ඔවුන්ගේ ප්‍රියතාවයන් වෙනස්.ඔවුන් කඩවසම් බව මනින සාධක වෙනස්.කොරියානු තරුණයන්ට “රැවුල නැති සමනලයෝ” වගේ කතා කියන අපේ තරුණයන්ට ඔවුන් “ඩිප්‍රෙෂන් වුණු මිනිස්සු, රස්සාවක් නොකරන කම්මැලිකාරයෝ” කියනවා වෙන්නත් පුලුවන්.
ඒ නිසා එකිනෙකාගේ අනන්‍යතාවලට,එකිනෙකාගේ සංස්කෘතිමය ලක්ෂණවලට ගරු කරන්න පුරුදු වෙමු.අපට අමුතු බව හැඟෙන දේවල් ගැන සොයා බලන්න පුරුදු වෙමු.

අපහාස කරන සමහර කාරණාවල ඇත්තටම අපහාස කරන්න දෙයක් නැති බව එතකොට අපට අවබෝධ වෙයි.

Related Articles

Don't Miss


Latest Articles