මාස කිහිපයකට පසු…
මහිල් උන්නේ තායිලන්තය බලා යන්නට සැරසෙමිනි.
සමන්ත අයියාගේ උදව්වෙන් තායිලන්තයේම සුප්‍රසිද්ධ හෝටල් ජාලයක ජ්‍යේශ්ට තෙරපිස්ට්වරයෙකු ලෙස යන්නට මහිල්ට තමන්ගේ වසර ගණනක පලපුරුද්දත් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබගත් ඩිප්ලෝමා පාටමාලාවත් මනා පිටිවහලක් විය.
එහෙත් ඒ සියල්ලටම වඩා තමාට රටින් යන්නට හේතුවක් වූයේ තාරාගේ අනපේක්ශිත සමුගැනීම බව නොසිතා ඉන්නටමහිල්ට හැකියාවක් තිබුනේ නැත.තාරා එව්න් මොහොතක එලෙස වට්සැප්.පණිවිඩයක් පමණක් එවා තමන්ගෙන් සමුගන්නට පුලුවන් අන්දමේ ආත්මාර්තකාමී රුදුරු හිතක් ඇත්තියක බව තමාට මුලින් හිතාගන්නට බැරි වූ බව ඇත්තකි. දුරකතන පොලොවේ ගසා, කාමරයේ වූ සියලු බඩු මුට්ටු අවුල් කර දමන්නට සිතුනද එය නිවැසියන්ගේ ප්‍රශ්න දහසකට උත්තර දෙන්නට හේතුවන් වන බව දන්නා නිසාවෙන්ම මහිල් කලේ කොට්ටයේ තදින් මුහුණ හොවාගෙනකඳුලු වලට ඔහේ නිදහසේ ගලන්නට ඉඩ දීමයි.
ඉන්පසුව එලඹුනේ වේදනාවේ කෙලවරකටම මහිල්ව රැගෙන යන්නට හේතු වූ කාලයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. විටෙක සියල්ල අත හැරදමාමහණ වෙන්නටහ්, තවත් විටෙක සියදිවි නසාගන්නටත් සිතුන අවස්තා අනන්තය.
ඒ සියල්ල මැද මහිල් නොකඩවා ආයුර් ස්පාහි රැකියාවටත් වයිබ්ස් කැෆේ හි ගී ගයන්නටත් ගියේ අහම්බයකින් හෝ වැරදීමකින් හෝ තාරා එහි එතැයි යන බලාපොරොත්තුවෙනි. රාජකාරි නිම වී යන රාත්‍රියට හොරෙන්ම තාරාගේ නිවස ඉදිරිපිට පාරෙන් ගියේ වැරදීමකින් හෝ ඇයව දකින්න ලැබේයැයි බලාපොරොත්තුවෙනි.
වැඩ රාජකාරි අතරමැද ලැබෙන කෙටි විවේකයේදී දුරකතන අතට ගෙනපිරික්සුවේ තාරා වැරදීමකින් හෝ කෙටිපණිවිඩයක් දුරකතන ඇමතුමක් ගෙන තිබේදැයි බලන බලාපොරොත්තුවෙනි.
“මම එදා මැසේජ් එක එව්වෙ බොරුවට අනේ ඔයාව බය කරන්න හිතාගෙන” කියා තාරාගේ කිකිණි සීනුහඬ යලි ඇසෙන්නර ලැබේයැයි සිතුවිල්ලක් හිතේ කෙලවරක හොඳ සුසුම් හෙලමින් හුන් බව රහසක් නොවේ.
එහෙත් ඒ සියල්ල බිඳ වැටුණු බලාපොරොත්තු පමණක්ම විය. තාරාගෙ දුරකතනයෙන් ඉන්පසු කිසිම දිනයක මහිල්ගේ දුරකතනයට ඇමතුමක්වත් කෙටි පණිවිඩයක්වත් ආවේ නැත. තාරා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් ද අක්‍රිය කර තිබුන නිසාවෙන් තාරාගේ ජීවිතයේ සිදුවන්නේ කුමක් ද කියා කිසිත් අදහසක් ලබාගන්නට මහිල්ට හැකියාවක් තිබුනේ නැත.
තාරා නොදන්නවා නමුත් වයිබ්ස් කැෆේහි සෑම හවස් වරුවකම පාහේ මහිල්ගේ ගීතවත් හඬත් බලාපොරොත්තු සහගත දෙනෙතත් තාරා එනතුරු මග බලමින් උන්නේ. දෙනුවන් මැවුම්කාර බවටත්, ඩැෆඩිල් මලක් සිත සොරාගෙනගිය බවටත් පවසද්දී වුව මහිල්ගේ සිත තාරා වෙනුවෙන්ම උපත ලද ආදරයේ අනෝරා මල් වැස්සකින් පිරී ඉතිරී යමින් තිබුනි.
එහි කිසිම තැනක තාරා ගැනතරහක්, වෛරයක් නොතිබුනි.
හිතහදාගන්න මොනනතරම් අපහසු වුවත් තාරාගේ යහපත සලසා ඇයව හදවතේ ඇතුලු කොණක පරිස්සමට අගුලු ලන්නට මහිල් සිතුවේ මේ සියල්ල මැද ය. තාරා යලි එතැයි සියුම්.බලාපොරොත්තුවක් තිබු ඇය තමාව හැර ගොසින් තිබෙන්නේ සදහටම බව මහිල් දින එකින් එක ගෙවෙද්දී තේරුම් ගත්තේය.
තාරා වට්සැප් පණිවිඩය එවා අවසානයේ කියා තිබූ අන්දමට “මට සමාවෙන්න මහිල්.මම ඔයාව රැවැට්ටුව කියල හිතන්න එපා මහිල්. මම මේ තීරණේ ගත්තෙ වැඩියත්ම ඔය ගැන හිතලා” මදැයි කියාතමා සිතෙන් කී වරක් නම් ඇසුවාද?
තාරා තමන්ව රැවටුවාද කියා නොදන්නා නමුත් ඇය ඇය වෙනුවෙන් ගත හැකි හොඳම තීරණය අරගන්නට ඇති බව මහිල් කාලයත් සමග සෙමෙන් තේරුම් ගත්තේය. එහි වදක් නැති බවත් තමා ඇයට සැබවින්ම ආදරය කරා නම් ඇයගේ ඒ තීර්ණය ගරු කල යුතු බවටත් ඇය බලාපොරොත්තු වන ජීවිතය ගෙවන්නට ඇයට ඉඩ සකසා දියබවටත් සිතුවේය.
මහිල් වේදනා ගංගාවක ගිලී ඉද්දී තාරා පූර්ණ සන්සුන් බවකිනුත් සතුටකිනු ත්චිරායු සමග ඇරඹුණු අලුත් ජීවිතය භාරගත්තා යැයි කියන්නට නොහැක. චිරායු ඔහු පොරොන්දු වූ පරිද්දෙන්ම පව්ලට, තාරාට මුල් තැන දෙන වඩා ආදරණීය, තාරා බලාපොරොත්තු වූ අන්දමේම සැමියෙකු බවට පරිවර්තනය වුවද තමා විසින් චිරායුගෙන් වසං කොට තබාගත් අතීතයේ සෙවණැලි නැවත වාරයක් තම වර්තමානයට අරගෙන එන්නට මහිල් කටයුතු කරාවිය යන බිය හිත ඇතුලේ තිබුනි.
ඒ හැඟීම දිනකට කී වතාවක් නම්.තමාව ගිනිබත් කරන්නට සමත් වේද යන්න ගැන අදහසක් තාරාට නොතිබුනි.
සිදු වූ සියල්ල චිරායුට එලෙසම පැවසීම මේ මොහොතේ ඔහුගෙන් ලැබෙන ආදරය සහමුලින්ම නැතිවෙන්නට හේතුවක් විය හැකි බව තාරා දැන උන්නාය. තමා විසින් මෙය නොකීවහොත් චිරායුට මෙය දැනගත හැකි එකම ක්‍රමය මහිල් විසින් එය කීම බවද තාරා දැන උන්නාය.
විටෙන් විට සිතමත්තට අවුත් තාරාව බියපත් කලේ ඒ බියයි ඒ සැකයයි. වරදක් කිරීම සහ දැන දැනම කෙනෙකුව රැවටීමේ විපාකය නම් ජීවත්වන සෑම මොහොතකම හෘදසාක්ශිය ඉදිරියේ දණ නමන්නට වීම බව තාරා අලුතෙන් ඉගෙන ගනිමින් උන්නාය.
ගෙදර දුරකතන නාද වන වාරයක් පාසා මෙන්ම තැපැල් කරු දකින වාරයක් පාසා මහිල් විසින් තමාත් ඔහුත් අතර වූ සම්බන්ධය ගැන කියවෙන කුමන හෝ පණිවිඩයක් එවා ඇතැයි යන බිය තාරාව තිගස්සවන්ට හේතුවක් විය. තමාට ජීවිතයේ ඉදිරි කාලයම ගෙවන්නට වෙන්නේ මේ බියත් සැකයත් හිත දරාගෙන බව ත් චිරායු සමග කිසිවක් කතාරන්නට අවශ්‍ය ශක්තිය ගලපාගන්නට තාරාට හැකිවූයේ නැත.
අනෙක් අතට “මොන දේ වෙලා හරි දුයි පුතයි අතරෙ තිබුන ප්‍රශ්න විසඳිච්ච එකම.ලොකු දෙයක්නෙ. මගේ හිතටත් හරි නිවනයි පුතේ දැන්” කියා අම්මා කියද්දී ඒ හැඟීමෙන් ඇයව මුදවාලනු පිණිස කටයුතු කරන්නට තාරාට හැකිවූයේ නැත.
“ජීවිතේ ඔහොම.ප්‍රශ්න එනව බව. මොන දේ උනත් උඹ කලබල වෙන්නෙ නැතුව ඩිවෝස් වෙන්නෙ නැතුව ඉඳපු එකම වටිනව. ලෙඩ වෙලා උඹ සලකපු විදිය දකිද්දි චිරායුට උගෙන් වෙච්ච අතපසුවීම් තේරුම් ගත්ත හන්දනෙ මොන දේ උනත් උඹල දෙන්න දැන් සන්තෝසෙන් ඉන්නෙ. නැතිවෙච්ච දේවල් ඔක්කොම දැන එන්ජෝයි කරන්න බැරිය” කියා අමන්දා කියද්දී මහිල්ගේ බොඳවුණ ජායාවක් හිත පුරා එහෙ මෙහෙ යද්දීත් තාරා නැගුවේ මද ආඩම්බර සිනාවක් පමණි.. එහෙත් හිත ඇතුලේ හිඳ හෘද සාක්ශිය සමච්චලයට හිනාවෙන හඬ මගහරින්නට තාරාට පුලුවන් උනේ නැත.
එකම පුතු රට යෑම ගැන, තමාගෙන් වෙන්වීම ගැන නිශාමනී අම්මලාට වෙන් වූ දුකකින් යුතු කඳුලකින් ඇහැ තෙමාගත්තද හිත ඇතුලෙන් උන්නේ සතුටෙනි.
අවසානයේ කොල්ලා මොන දේ උනත් ඇහුවේ තමන් කියූ දේය. “තායිලන්ඩ් වගේ රටවල් වල මල්ලිලගෙ ජොබ් වලට හොඳ ඔෆර්ස් තියෙනව මල්ලි. අනික ඔයාගෙ එක්ස්පීරියන්ස් එකම වටිනවනෙ” කියා සමන්ත කියූ දේට මහිල් හිස සැලුවේත් අවනත වුනේත් තමන්ටඇති ආදරය නිසා බව නිශාමනී සිතුවාය. එය එසේ නොවන වග පවසා අම්මා දුකට පත් කරන්නට නුවුමනා නිසාම මහිල් සියල්ල නිහඬව දරාගත්තේය.
ගෙදරින් පිටවයන්නට පෙර අවසන් වරට තම නිදන කාමරයට ගිය මහිල් ඇඳ අසල බිත්තියට හෙත්තු කර තිබූ ගිටාරයඇඟිලි තුඩින් අල්ලා මහාහුස්මක් පිටකරේය.මේ ගිටාරය තාරා සමග බැඳුණු සෑම මතකයකම පාහේ තමන්ගේ අසලින් උන් බව මහිල්ට අමතක කරන්නට නොහැක. එහෙත් අද තමා ඒ ගිටාරය මේ ලංකාවේ තනිකර යන්නේ තාරාව දමා යනවා පරිද්දෙන්මය.
මතකයෙන් මිදෙන්නට අපහසු බව ඇත්තකි. එහෙත් මතකය හා බැඳුණ වස්තූන් ලඟ තබා ගැනීම එය වඩා අපහසු කරන්නකි. අනෙක් අතට ආයෙම වරක් ජීවිතයේ ගීත ගයන්නට නම තමා තාරාව සහමුලින්ම අමතක කර යුතු බව මහිල් නොදන්නවා නොවේ.
ගීයක් ගයන හැම වාරයකම තාරාව හිතට ඒම ඇයට හිතෙන් පිටමං වන්නට ඉඩක් නොදෙනවා නොවේද?
තායිලන්තය බලා පිටත්ව යන්නට තිබූ දිනයේ රාත්‍රියේ මහිල්ව ගුවන් තොටුපලට ඇරලවන්නට නිශාමනීත්, ශාන්තත්, පවනි සහ සමන්තත් එහි ගියහ. සියල්ලන්ටම වැඳ සමාචාර කර පිටවීයේ පර්යන්තය වෙතගොස් ආපසු හැරී හිතවතුන් දෙස බැලූ මහිල් අත ඔසවා සමාචාර කරේය.
ආයෙ දිනක තමා මෙරට එනවානම් එන්නේ තාරාව හිතෙන් සහමුලින්ම අමතක කර බවටත් ඒ දුකෙන් සහමුලින්ම මිදී බවටත් මහිල් තමාට පොරොන්දු විය.
ගුවන් යානට නැග කෙලවර අසුනක වාඩි වී ඉද්දී මහා දුකකින් හිත පිරී යනු මහිල්ට දැනුනි. ඒ දුකෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නට තාරාගෙන් එකම එක දෙයක් අහන්නටත් ඇයට යමක් පවසන්නටත් තිබුනා නම් හොඳය.
අසුනට බර වී මහිල් වඩා හොඳින් දෙනෙත් තද කර උනි. අහන්නට ඇත්තේත් කියන්නට ඇත්තේත් එකම එක දෙයක්.පමණකි.
“මං නුබෙමද අහන හිතින්
නුබ මගෙමද හිතනවනම්
මන් විතරද අහන මුවින්
මගෙ විතරද කියනවනම්
සාගරේ හඩ දිගේ
මේ ගඟ ගලනවනම්
මං නුබේ නුබ මගේ
අපි අපේ විතරනම්
සඳ අහසට රළු පොළව දුරයි කියනවා
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා
කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්
අපි ගැන දන්නා කවිරුත් තව නෑ
අපි අපේ විතරනම්
අපි අපේ විතරනම්”
අවසානයි.