අන්තර්ජාලයේ පරිස්සමින් සැරිසරන්න

අප නිතරම කාන්තාවන් ලෙස අපේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වනවාඉතින් නවීන කාන්තාවක් ලෙස නිතරම අන්තර්ජාලය පරිහරණය කරන ඔබට ආරක්ෂාව පිලිබඳ කොහොමද සැළකිලිමත් විය යුත්තේ කියා අප සොයා බලමු.

ශක්තිමත් මුරපද

මේක හරිම වැදගත් දෙයක්මතක තබා ගැනීමේ පහසුව තකා ඉතා සරල මුර පදයක් යොදනවාට වඩා ආරක්ෂාකාරී නැණවත් මුරපදයක් යෙදීම හරිම වැදගත්ශක්තිමත් මුර පදයක් නිර්මාණය කරගන්නේ අකුරුඉල්ලක්කම්සංකේත ආදිය හවුලේ යොදාගැනීම ඉතා වැදගත්කොතරම් ශක්තිමත් මුර පදයක් යෙදුවත් එය භාවිතා කරන වෙබ් පිටුව මත සේව් නොකිරීමටත් වග බලාගන්න.

නෙට් වර්ක් සිකියුරිටි

ඔබ භාවිතා කරන අන්තර්ජාල සේවාව සුරක්ෂිත කරගැනීම වඩාත් සුදුසුයිඒ නිසා හොඳම දේ සුරක්ෂිත අන්තර්ජාල සේවාවක් ලබාගැනීමයි.

ෆයර්වෝල් භාවිතය

ෆයර් වෝල් එකක් කියන්නේ ඔබේ පරිගණකයට හෝ වෙනත් අන්තරජාල අයිතමයකට හඳුනා නොගත් ඇතුළුවීම් සහ කඩා වැදීම් අවහිර කරන විද්‍යුත් බාධකයක්මින් ඔබේ සියලුම අන්තර්ජාල සම්බන්ධක සුරක්ෂිත කරවනවාවෙබ් කැමරාව පවා.

ස්මාර්ට් ක්ලික්

වත්මනේ බොහෝ තර්ජන පැමිණෙන්නේ නොමිලේ ලබා දෙන සේවාවන් ලෙසයිඑවන් සේවා මත ක්ලික් කිරීමට හෝ එම සේවාවන් තෝරා ගැනීමට පෙර බුද්ධිමත්ව සිතන්න.

ලිමිටඩ් ශෙයාර්

බොහෝ අන්තර්ජාල හොරුන් ගේ ප්‍රධාන ඇම වන්නේ යම් යම් දේ බෙදා හැරීම සඳහා ඔබව භාවිතා කිරීමයිඑම එක් ශෙයාර් කිරීමක් සමග ඔබගේ දත්ත වෙනත් ගිණුමකට මාරු වීමේ අවදානමක් තිබෙනවා.

ආරක්ෂාව ඔබ සතුයි

ඇන්ටි වෛරස් මෘදුකාංගයක් අනිවාර්යයෙන්ම ඔබේ පරිගණකය තුළ ස්ථාපිත කරන්නඑය ඉතාමත්ම වැදගත්ඔබ කෙතරම් අඩුවෙන් අන්තර්ජාලය භාවිතා කළත් ආරක්ෂාකාරී මෘදුකාංගයක් පරිගණකය තුළ තිබීම අනිවාර්යයි.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles