ප්‍රශ්න කියන්නෙ අපේ ජීවිතේ හැමදාම හමුවෙන දෙයක් නේ. ප්‍රශ්න නැති ජීවිතයක් නෑ. අපි සමහරවෙලාවට හිතනවනෙ “අනේ අරය නම් හරි සන්තෝසෙන් ජීවත් වෙනව එයාලට ප්‍රශ්න නෑනෙ” කියල.
ඒ උනාට අපි නොදන්න විදියෙ ප්‍රශ්න එයාලටත් තියෙන්නෙ පුලුවන්. ඉතින් ප්‍රශ්න කියන්නෙ ඕනම කෙනෙකුට අමුතු දෙයක් නෙවෙයි. හරිම හුරුපුරුදු දෙයක්.
ජීවිතේකට ප්‍රශ්න තියෙන්න ඕන. ප්‍රශ්න එනකොට තමයි අපි ජීවිතේ තියෙන වටිනකම අඳුනගන්නෙ.ප්‍රශ්න වලින් තමයි අපි ජීවිතේ ඉගෙන ගන්නෙ.
එකම ප්‍රශ්නෙ දිහා දෙන්නෙක් දකින්නෙ දෙවිදියකට වෙන්න පුලුවන්. කෙනෙක් නෙගටිව් විදියට දකින ප්‍රශ්නයක්, විසඳුමක් නැ කියල හිතන ප්‍රශ්නයක් තවත් කෙනෙක් හරිම පොසිටිව් විදියට භාරගෙන විසඳගන්න පුලුවන්.
ඔන්න එක රටක මනුස්සයෙක් හිටියලු. මෙයා ඇතිකරල තියෙනව බූරුවො. දවසක් මේ මනුස්සය වැඩිපුරම ආස කරන බූරුව ලොකු වලකට වැටිල තියෙනව.
බූරුවව ගොඩට ගන්න මොන තරම් උත්සහ කරත් මේ මනුස්සයට පුලුවන් වෙලා නෑ. ඉතින් හිත් අමාරුවෙන් උනත් මෙයා හිතල තියෙනවා “මම බූරුවව මේ වල ඇතුලෙම පස් වලින් යට කරල දානව. මොකද කොහොම කරත් ඌට ගොඩ එන්න බැරි එකේ ඌ වල ඇතුලෙම දුක් විඳල මැරිල යනවනෙ” කියල.
ඉතින් ඔහොම හිතපු මේ මනුස්සය තමන් ඉන්න තැන තියෙන පස් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ වලට දාන්න පටන් අරගෙන.
මෙයාගෙ පරමාර්තය උනේ ඒ පස් වලට යටකරල බූරුවව මරල දාන එක.
හැබැයි බූරුව ඒ ප්‍රයත්නය දැක්කෙ හරිම පොසිටිව් විදියකට. තමන්ගෙ ස්වාමියා උඩ ඉඳල දාන පස් කකුල් වලින් තල තල හෙමින් සැරේ උඩට එන්න බූරුවට පුලුවන් උනා.
ඒ නිසා අද ඉඳල අපිත් ප්‍රශ්නයක් ආවම ඒ දිහා පොසිටිව් විදියට බලන්න පුරුදු වෙමු.
ප්‍රශ්න කියන්නෙ හිතට කරදර ගෙන එන දෙයක් තමයි. ඒ උනාට කලබල වෙලා, දුක් වෙලා, නෙගටිව් වෙලා ප්‍රශ්න සාර්තකව විසඳගන්න අමාරුයි.
ඉතින් අපි ප්‍රශ්නයක් ආවම ඒ දිහා වෙනස් විදියට, වෙනස් ඇහැකින් බලන්න පුරුදු වෙමු.
අලුත් විදියට ප්‍රශ්න විසඳගන්න උත්සහ කරමු!