ජීවිතේ ජයගන්න මහන්සි වෙන ඔයා වෙනුවෙන් ටිප්ස් කීපයක්

ජීවිතේ ජයගන්න නම් මහන්සි වෙලා වැඩ කරන්න ඕන බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. මහන්සිවෙලා වැඩ කරොත් තමයි ජීවිතේ ජයගන්න පුලුවන් බව අපි ඉගෙන ගත්තෙ පුංචි කාලෙමයි. මහන්සි වෙලා වැඩ කරනව කියන එකෙත් පොඩි සතුටක්, ආතල් එකක් නැත්තෙම නෑ නෙවෙයිනෙ. හැබැයි මහන්සි වෙලා වැඩ කරනව කියන එක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනෙ. එක එක මිනිස්සුන්ගෙ කැපෑසිටි එක එක එක විධියයි නිසා මහන්සි වෙලා වැඩ කරනව කියන එකත් එක එක අයගෙන් එක එක අයට වෙනස් වෙනවා.

ඉතින් මේ ලිපියෙන් අපි අද ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ මහන්සිවෙලා වැඩ කරල ජීවිතේ දිනන්නෙ කොහොමද කියල. මෙතන තියෙන පුංචි ටිප්ස් කීපය මහන්සිවෙලා වැඩ කරල ජීවිතේ දිනන්න හිතාගෙන ඉන්න ඔයාට උදව්වක් වේවි කියල අපි බලාපොරොත්තු වෙනවා.

වෙහෙස මහන්සි වෙලා වැඩ කරන එක වැදගත් වෙන්නෙ ඇයි?

වෙහෙස මහන්සි වෙලා වැඩ කරන එක වැදගත් වෙන්නෙ ඒක අපේ වෘත්තිය ජීවිතයට ඉතාම වැදගත් වෙන නිසා. වෙහෙස මහන්සි වෙලා වැඩ කරන එකෙන් ඔයාට ලැබෙන ප්‍රතිලාභ මොනවද?

1-      වෙහෙස මහන්සි වී වැඩ කිරීම සාර්ථකත්වයට දායක වෙනවා.

2-      වෙහෙස මහන්සි වී වැඩ කිරීම අපේ පෞද්ගලික සහ වෘත්තීය සංවර්ධනය ප්රවර්ධනය කරනවා.

3-      වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් අපිට ගෞරවයක් ලැබෙනු ඇත, මොකද අනිත් අයට අපිව ආදර්ශයක් වෙන නිසා.

4-      වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් අපිට ජයග්‍රහණය, ආත්ම තෘප්තිය ගැන හැඟීමක් ලැබෙනවා.

5-      වෙහෙස මහන්සි වී වැඩ කිරීම අපිට ධනාත්මකව හා විශ්වාසයෙන් ඉන්න පුලුවන්.

6-      වෙහෙස මහන්සි වී වැඩ කිරීම අපිව වඩාත් අධිෂ්ඨානශීලී, වගකීම් සහගත සහ පරිණත කෙනෙක් බවට පත් කරනවා.

7-      වෙහෙස මහන්සි වී වැඩ කිරීම අපේ සිහින සැබෑ කර ගැනීමට සම්පත් උපයා ගැනීමට උදව් වෙනවා.

8-      වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් සමාජයට ප්‍රතිලාභ ලැබෙනවා.

9-      වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් අපි කාලය උපරිමයෙන් භාවිතා කරන බව සහතික කරනවා

10-  වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් අපි නිෂ්ඵල දේවල් කිරීමෙන් වලක්වනවා.

වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්නෙ කොහොමද?

ඔයා ආදරය කරන දෙයක් කරන්න

වෘ ත්තියක් උනත් තෝරගනිද්දි අපි තෝරගන්න ඕන අපි ආස කරන දෙයක්. අකමැති දෙයක් වෙනුවෙන් කාලය වැය කරන්න අපි කැමති නෑනෙ.ඉතින් රස්සාවක් උනත් කැමැත්තෙන් කරන්න පුලුවන් දෙයක් වෙන්න ඕන.

ආදරය කරන දෙයක් කරද්දි අපි ඒක කැමැත්තෙන් මහන්සිවෙලා කරනවනෙ. ඉතින් ඔයා දැනටම කරන්නෙ ඔයා අකමැති දෙයක් නම් ඉස්සෙල්ලා ඔයා කැමති රස්සාවක් හොයාගන්න. එතනින් තමයි ඔයාට ඉස්සරහට යන්න, දියුණු වෙන්න පුලුවන් කම ලැබෙන්නෙ.

ඔයා අවංකවම උනන්දුවක් දක්වන වෘත්තීය මාර්ගයක් තෝරා ගැනීම වැදගත් වෙන්නෙ මෙන්න් මේ නිසා. ඔයා කරන දේ ගැන උනන්දු වන විට, ඔයාට ඒ වෙනුවෙන් ඵලදායීව වැඩ කරන්න ලේසියි.

Motivate වෙලා ඉන්න

Motivate වෙනව කියන එක ඉතින් ඔයාගෙ හිත ඇතුලෙන් වගේම බාහිර සාධකවලිනුත් ඇති වෙන්න පුලුවන්. ඒ කිව්වෙ හොඳට වැඩ කරන කෙනෙක් දිහා බලල Motivate වෙන්නත් පුලුවන්. ඉතින් ඔයා කරන රස්සාව ඔයාව සතුටෙන් තියන ඔයා ආස කරන දෙයක් නම් ඒකම ඇති ඔයාට හොඳට Motivate වෙලා වැඩ කරන්න.

පැහැදිලි ඉලක්ක තියාගන්න

හැම තිස්සෙම ඔයාට Achieve කරන්න පුලුවන් ඉලක්ක තියාගන්න අමතක කරන්න එපා. මොකද ඔයා දන්නවනම් ඔයා මහන්සි වෙලා වැඩ කරොත් මේ ඉලක්ක වලට යන්න පුලුවන් කියල ඔයා ඒ වෙනුවෙන් මහන්සි වෙනවනෙ. ඉතින් හැමතිස්සෙම ඔයාට ගැලපෙන සහ ඔයාට සපුරා ගන්න පුලුවන් ඉලක්ක තියාගන්න අමතක කරන්න එපා.

Plan එකකට වැඩ කරන්න

ඔයාගේ ලොකු ලොකු ඉලක්ක පුංචි කොටස් වලට කඩා ගන්න. එතකොට ඒ හැම දෙයක් ගැනම හොඳ සැලකිලිමත් බවකින් බලල වැඩ කරන්න ඔයාට ඉඩ කඩ ලැබෙනව. එතකොට වැඩේ පහසු වෙනව වගේම හොඳට කරගන්නත් පුලුවන්. සැලැස්මක් හදාගන්න එකෙන් ඔයාට ඉස්සරහ පාර හරියට පෙන්නනව වගේම වැඩ පහසු කරනවා.. පැහැදිලි සැලැස්මක් තිබී බාධක ජය ගැනීම පහසු කරනවා.

ඔබේ කාලය කළමනාකරණය කරන්න

ඵලදායිතාව සඳහා කාල කළමනාකරණය ඉතා වැදගත්. වැදගත්කම සහ හදිසිතාව මත පදනම් වෙලා තමයි අපි අපේ වැඩවලට මූලිකත්වය දෙන්න ඕනවැඩ ප්ලෑන් කරන එක කලබල වෙලා ඉන්න වෙලාවක කරන්න එපා.හොඳට ෆෝකස් එක දෙන්න පුලුවන් වෙලාවක කරන්න.

Positive මිනිස්සු එක්ක කාලෙ ගෙවන්න

Positive මිනිස්සුන්ට පුලුවන් අපේ මනසට සහ අපේ එදිනෙදා ජීවිතේට හොඳ විදියට බලපෑම් කරන්න. හැම දෙයක් දිහාම වැරදියට බලන, නෙගටිව් විදියට හිතන මිනිස්සු ඔයාගෙ පොසිටිව් එනර්ජි එක නැති කරන්න, එහෙම නැත්තම් අඩු කරන්න හේතුවක් වෙන්න පුලුවන්.

ඒ හන්දා හැමතිස්සෙම ආශ්‍රය කරන්න සුදුසු ධනාත්මකව හිතන මිනිස්සුන්ව ජීවිතේට ලං කරගන්න අමතක කරන්න එපා.

කෙටි විවේකයක් ගන්න

ඵලදායිතාව පවත්වා ගන්න ඔයගෙ ඇඟට රෙස්ට් එකක් තියෙන්න ඕන. ඒ හන්ද මහන්සි වෙනව කියල පොඩි රෙස්ට් එකක්වත් ගන්නෙ නැතුව වැඩ කරන්න එපා. හරියට දවසක්ම වැඩ කරල අපි අපේ ලැප්ටොප් ඕෆ් කරනව වගේම දවස අවසානයේ අපි අපේ ඇඟත් ශට් ඩවුන් කරන්න ඕන. ඒකට තමයි අපි හොඳ විවේකයක් ගන්න අවශ්‍ය වෙන්නෙ. ශාරීරිකව විතරක් නෙවෙයි මානසිකවත් අපිට විවේකය අවශ්‍ය බව අමතක කරන්න එපා.  

අවධානයෙන් වැඩ කරන්න

මොන වැඩේ කරත් ඔයා හොඳට අවධානයෙන් වැඩ කරන්න අමතක කරන්න එපා.අවධානය දෙන්න බෑ කියල තේරෙනවනම් ඒ මොහොතේ ඒ වැඩේ නොකර ඉන්න. මොකද එහෙම නොවුනොත් ඔයාට එකම වැඩේ දෙපාරක් කරන්න වෙන බව අමතක කරන්න එපා. ඒ නිසා හැමතිස්සෙම වැඩක් කරද්දි හොඳට අවධානය දීලා ඒ වැඩ කරන්න

 ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න:

තිරසාර ඵලදායිතාවයක් ලබාගන්න මානසික සහ ශාරීරික නිදහස සහ ඉතාම වැදගත්.  ප්‍රමාණවත් නින්දක් ලැබීම, සමබර ආහාර වේලක් ගැනීම සහ ව්‍යායාම හෝ විවේක ගැනීමේ ක්‍රම දින චර්යාවට ඇතුළත් කර ගන්න ඔයා කටයුතු කරන්න ඕන අන්න ඒ නිසා.

ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න, අනාගතයේ ඉස්සරහට යන්න. හැබැයි අමතක කරන්න එපා මොන වැඩේ තිබුනත් ඔයා ඔයා ගැන, ඔයා ආදරේ කරන මිනිස්සු ගැනත් බලන්න ඕන බව.

රස්සාවකට ඔයා රිප්ලේස්මන්ට් එකක් විතරයි. හැබැයි ජීවිතේ ඇතුලෙ ඔයාට රිප්ලේස්මන්ට් නෑ!

Related Articles

Don't Miss


Latest Articles