නිවැරදි වෙලාව දැනගෙන වතුර බොන්න..

ශරීරය නීරෝගී පැවැත්මට ජලයෙන් ලැබෙන්නෙ කොයිතරම් වැදගත් දායකත්වයක්ද කියන කාරණාව අපි හොඳින්ම දන්නවනේ.

ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා නිසිලෙස පවත්ව ගෙන යන්න, සංවේදී පටක ආරක්ෂා කරන්න වගේම ශරීර උෂ්ණත්වය නිසිලෙස පවත්ව ගෙන යන්නත් ජලයෙන් ඉටුවෙන සේවය කිසිසේත්ම අවතක්සේරු කරන්නවත් අමතක කරන්නවත් බැහැ.

අන්න ඒ නිසයි දිනකට ශරීරයට අවශ්‍ය අවම ජලය ප්‍රමාණයවත් ගැනීම අනිවාර්‍යයි කියල පර්‍යේෂකයන් පෙන්වා දෙන්නෙ. 

හැබැයි, හරි ප්‍රතිඵල ලබාගන්න නම් ජලය පානය කළ යුතු නියමිත වෙලාවක් තියෙනව කියල ඔබ දැනන් හිටියද?

ඔන්න අද ලිපියෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නෙ ඒ ගැනයි. 

සාමාන්‍ය විදිහට වතුර බොද්දි මේ වෙලාවල් වලටත් වතුර බොන්න අමතක කරන්නත් එපා කියල අපි ඔබට මතක් කරන්න කැමතියි. 

බලමු එහෙනම් වතුර බොන්න හොඳම වෙලාව මොකක්ද කියල.

උදෑසන අවදි වීමෙන් පසු

ඔබේ ශරීරයේ සියළුම අවයව ප්‍රාණවත්ව තබා ගැනීමට වගේම රාත්‍රී නින්දේදී ශරීරයෙන් නිපදවූ විෂ ඉවත්කර දවසට අලුත් සහ නැවුම් ආරම්භයක් ගන්න හිස්බඩ බොන වතුර වීදුරුවෙන් ලැබෙන්නෙ හොඳ උදව්වක්. 

කෑමට පෙර

ආහාර දිරවීම පහසු කරන්න ඔබ ආහාර ගන්න විනාඩි 30 කට පෙර පානය කරන වතුර ඔබට උදව් කරනවා. 

නමුත් ආහාර ගැනීමට ඉතාම ආසන්නව, ආහාර ගන්න අතරතුර හෝ ආහාර ගැනීම නිමකළ සැනින්ම වතුර බීමෙන් ආහාර ජීර්ණය සඳහා උපකාරී වෙන අම්ල තනුක ස්වභාවයට පත්වී ආහාර ජීර්ණය කිරීමේ ක්‍රියාවලියට බාධා ඇතිකරනවා. 

ආහාර ගැනීමෙන් පැයකට පසු ජලය පානය කිරීම ආහාර වල ඇති සියළුම පෝෂක ශරීරයට අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදුවීමට හොඳ සහයක් ලැබෙනවා. 

නෑමට පෙර

නෑමට පෙර ජලය පානය කිරීමෙන් රුධිර පීඩනය අඩුකිරීමට සිදුකරනවා.

ඒ නිසා එක්වරම සීතල හෝ උණුසුම් ජලයට නිරාවරණය වීම නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු රාශියකින් වැළකෙන්න වගේම ශරීර උෂ්ණත්වය නිසිපරිදි පවත්වා ගන්නත් උපකාරී වෙනවා. 

නින්දට පෙර

නින්දට පෙර ජලය පානය කිරීමෙන් නින්දේදී ශරීරයේ රුධිර ගමනාගමනය ක්‍රමවත්ව පවත්වා ගැනීම සිදුවෙනවා. 

එමඟින් නින්දේදී ඇතිවිය හැකි හෘදයාබාධ වැනි තත්වයන් ඇතිවීමේ ඉඩකඩ අවම කරන අතර නින්දේදී තරල මට්ටම අඩුවීම වැනි තත්වයන් ඇතිවීමේ ඉඩකඩත් අවම කරනවා. 

සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙක්ට දවසකට අවශ්‍ය වතුර ප්‍රමාණය අවම වශයෙන් වතුර වීදුරු 08 ක් පමණ කියලනේ වෛද්‍යවරු සඳහන් කරන්නේ. 

විවිධ කාලගුණික සහ සෞඛ්‍ය හේතු මත මේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. 

හැබැයි අපි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ වතුර වීදුරු 8 කොයි කොයි වෙලාවල් වලදි බීවොත් හොඳයිද කියන ගැටළුව. ඉහත සඳහන් කරපු අවස්ථා හතරෙදි ඇරෙන්න ඔන්න වතුර බොන්න මතක් කරගන්න හරිම ලේසි පුරුද්දක් වශයෙන් ඇතිකරන්න පුළුවන් වෙලාවල් 8 ක් ගැන තමයි අපි ඊළඟට කතා කරන්නෙ. 

මේ මේ වෙලාවල් වලදි වතුර බීවොත් ඔබ නොදැනීම අවශ්‍ය වතුර ප්‍රමාණය මඟ නොහැර ඔබට ලැබේවී. 

පළවෙනි වතුර වීදුරුව උදෑසන අවදි වූ පසු හිස්බඩම පානය කරන්න.

ඊළඟ වතුර වීදුරුව උදෑසන ආහාරය ගැනීමෙන් අවම වශයෙන් පැයකට පසුව පානය කරන්න. 

ඊළඟට, දහවල් ආහාරයට පැය භාගයකට පමණ පෙර වතුර වීදුරුවක් බොන්න.

දහවල් ආහාරයෙන් අවම වශයෙන් පැයකට පස්සෙ වතුර ඊළඟ වතුර වීදුරුව බොන්න ඔබට පුළුවන්. 

හවස් කාලයේ නෑමට හෝ ඇඟ සේදීමට කලින් වතුර වීදුරුවක් පානය කරන්න.

ඊළඟට රාත්‍රී ආහාරයට පැය භාගයකට පසුවත්,

රාත්‍රී ආහාරයෙන් පැයකට පසුවත්,

අවසාන වතුර වීදුරුව නින්දට යාමට කලිනුත් පානය කරන්න ඔබට පුළුවන්. 

ඉතිං මේ විදිහට වතුර බීවොත් ඔබ නොදැනුවත්වම ඔබට අවශ්‍ය වතුර ප්‍රමාණය ඔබේ සිරුරට ලැබිල තියේවි.

එහෙනම් සුවෙන් ඉන්න හරියට වතුර බොන්න කියල ඔබට මතක් කරන ගමන්ම අපි සමුගන්නවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles