ඉන්ටර්විව් එකකට එන්න කියලා කෝල් එකක් හරි ලියුමක් හරි ආවම පොඩි ගැස්මක් දැනෙනවා නේද? බයවෙන්න එපා. මේ ටිප්ස් ටික අනුගමනය කරන්න. ඔබ අනිවාර්යයෙන්ම සමත් වෙනවාමයි!
- නිවැරදිව පිළිවෙලට සහතික පත් අසුරා ගන්න. අලුත් ෆයිල් කවරයක විෂයගොනුවේ පිළිවෙලට ඒවා අසුරා ගන්න.
- සුදුසු ඇඳුමක් තෝරා ගන්න. තද වර්ණයෙන් යුතු විසිතුරු ඇඳුම් භාවිතයෙන් වලකින්න.
- ආභරණ වැඩිපුර පැළඳීමෙන් වලකින්න.
- නිවසේදී පුංචි පෙර පුහුණුවක් පවත්වන්න.
- ආයතනය පිලිබඳ අධ්‍යනයක යෙදෙන්න.
- නියමිත වෙලාවට විනාඩි පහළවකට පමණ පෙර අදාළ ස්ථානය වෙත යන්න.
- පෙනෙන නොපෙනෙන පුංචි සිනහවකින් මුව සරසාගෙන සිටින්න.
- දුරකථනය ක්‍රියාවිරහිත කර තබන්න.
- පරීක්ෂණ මණ්ඩලයට ඍජුව මුහුණ දෙන්න.
- ඇස් සම්බන්දතාව තබා ගන්න.
- වටපිටබැලීම්, දෙපා සෙලවීම්, කොණ්ඩය සකස් කිරීම, අත් එකිනෙක ඇතිල්ලීම, උගුර පෑදීම වැනි දෑ සිදු නොකරන්න.
- අසන ප්‍රශ්න වලට පැහැදිලි පිළිතුරු ලබා දෙන්න.
- ගැටළු සහිත අවස්ථා වලදී පැහැදිලි කිරීම් ඉල්ලා සිටින්න.
- සිනාමුසුව සිටින්නට වගබලා ගන්න.
- සුබපතමින් සමුගන්න.
– චම්මි –