රාත්‍රියේ දී කෙසෙල් ආහාරයට ගැනීම සුදුසුද?

ලොකු කුඩා කොයි කවුරුත්  පෝෂ්‍යදායී රසවත්  පලතුරු වර්ගයක් වන කෙසෙල් ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා. පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රති ඔක්සිකාරක පිරි කෙසෙල්  සිරුරේ රුධිර පීඩනය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක වන පොටෑසියම් වලින් පොහොසත් වේ. කෙසෙල් යනු ස්වභාවික ප්‍රතිශක්තිය වඩන පලතුර කි. බඩවැල තුල ඇති බැක්ටීරියා  තුරන් කර බඩ දැවිල්ල අඩු කල හැකිය. කෙසෙල් වල ඇති අධික කෙඳි අන්තර්ගතය මල බද්ධය වළක්වා ගැනීමට උපකාරී වේ. අඩු වුණු ශක්ති මට්ටම වැඩි දියුණු කිරීම සඳහා ඉතාම සුදුසුයි. බොහෝ සෞඛ්‍ය  ප්‍රතිලාභ ඇති මෙම රසවත් පලතුර දවසේ ඇතැම් වෙලාවන් වලදී ආහාරයට ගැනීමට සමහරුන් මැලි වෙති. නිදසුනක් වශයෙන්, පැරණි කතාවට අනුව රාත්‍රී කාලයේදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්සක් ඇතිවිය හැක. ඇත්තෙන්ම රාත්‍රියේ දී කෙසෙල් ආහාරයට ගැනීම ආරක්ෂිත ද?

කෙසෙල් පෝෂණයෙන් අධික පලතුරක් බැවින් දිරවා ගැනීම සඳහා දිගු කලක් ගතවේ. ඔබට කෙසෙල් ආහාරයට ගැනීමට අත්‍යාවශ්‍යම නම් ඔබ නින්දට යෑමට පෙර පැය 2-3 ක් වත් පෙර ආහරයට ගත යුතුය.

විශේෂයෙන්ම ‍රාත්‍රී කාලයේ  දී සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස ඇති රෝගීන් විසින් කෙසෙල් හෝ සිට්‍රෙස් ගණයට අයත් පලතුරු ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු බවට පොදු පිළිගැනීමක් ඇත. රාත්‍රියේදී  ආසාදනවලට ගොදුරු වීමට ඇති හැකියාව වැඩි බව සහ නින්දට යෑමට පෙර කිසිවක් ආහාරයට නොගත යුතු බව ද සත්‍යයකි. මන්ද රාත්‍රියේදී අපගේ ශරීරයේ ආහාර දිරවා ගැනීමට ඇති හැකියාව අඩු ය.

කෙසෙල් වල නිදා ගැනීමට උපකාර වන ප්‍රමාණවත තරම් මැග්නීසියම් ඇත.  එහෙත්, ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව හා උණ ඇති අය, කෙසෙල් ආහාරයට ගැනීමේ දී ප්‍රවේශම් විය යුතු අතර ඔවුන්ගේ වෛද්‍යවරුන් හමුවී උපදෙස් ලබා ගැනීම වඩාත්ම සුදුසු වේ. මෙනිසා අනිවාර්යයෙන්ම රාත්‍රී කාලයේ දී කෙසෙල් ආහාරයට ගැනීමේ දී කල්පනාකාරී වන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles