තරුණ යුවතියන් පරදා අවුරුදු 60 දී රූප රාජිනියක් වූ සුරුපණියගේ ජයග්‍රහණයේ රහස..

ජීවිතේ දිනන්න වයසක් නෑනෙ. අධිශ්ටානය, කැපවීම තියෙනවනම් අපිට ඕනම වයසකදි ජීවිතේ දිනන එක ඉස්සරහට යන එක මහ ලොකු Game එකක් නෙවෙයි.

සමහරවෙලාවට අපි ජීවිතේ කරන්න ඕන දේවල්, සැබෑ කරගන්න ඕන සිහින වලට Deadline දානවා.

“30 වෙන්න කලින් බඳින්න ඕන”

“30 වෙද්දි ලමේක් ඉන්න ඕන”

“25 වෙද්දි ඉගෙන ගෙන ඉවර වෙන්න ඕන”

“40 වෙද්දි තමන්ගෙම කියල ගෙදරකුයි වාහනේකුයි තියෙන්න ඕන” කියල අපි ඕන තරම් ජීවිතේට Deadline දාගෙන තියෙනව. මේ Deadline practical උනත් නැතත් අපි අනිත් හැමදේම අමතක කරල උත්සහ කරන්නෙ මේව ඉශ්ට කරගන්න. සමහරවෙලාවට එකක් හරි ඉශ්ට කරගන්න බැරිඋනොත් අපි සෑහෙන මනසෙන් කඩා වැටෙනව. ජීවිතේම විනාශයි, මම ෆේල් මනුස්සයෙක් කියල අපි හිතනව.

හැබැයි එහෙම හිතන මිනිස්සු ඉන්න ලෝකෙක තමන්ට පුලුවන් කියල තිබුන අධිශ්ටානය නිසාම අවුරුදු 60දි Miss Buenos Aires (Argentina) for Miss Universe කියන සුන්දරී තරඟයෙන් දිනපු කාන්තාවක් ගැන ආජන්ටිනාවෙන් අපිට අහන්න ලැබෙනව.

කවුද මේ Alejandra Rodriguez?

මෙයාගෙ නම  Alejandra Rodriguez. 

මේ Alejandra ට මේ රූප සුන්දරී තරගෙට එද්දිත් වයස 60ක්. ඒ වගේම මේ තරගෙන් දින්නට එයාට දෙන්න තිබුනෙ එසේ මෙසේ තරගයක් නම් නෙවෙයි. අවුරුදු 18 ඉඳල අවුරුදු 73 වෙනකම් වයසෙ ඉන්න ගොඩක් කාන්තාවන් එක්ක තරග කරල තමයි Alejandra මේ ජයග්‍රහණය ලබාගත්තෙ.

බුවනෝස් අයර්ස් වල තියෙන ලා ප්ලාටා කියන පුංචි නගරයේ ජීවත්වෙන Alejandra වෘත්තියෙන් නීතිඥවරයෙක් සහ  Journalist කෙනෙක් විදියට තමයි වැඩ කරන්නෙ.New York Post පත්තරේට අනුව උසස් අධ්‍යාපනය ලබල ඉවර වෙච්ච ගමන්ම Journalist කෙනෙක් විදියට වැඩ කරන්න පටන් ගත්තෙ Alejandra පස්සෙ කාලෙකදි තමයි මේ නීතිවේදය හදාරලා නීතිඥවරියක් වෙලා තියෙන්නෙ. ඒ ඉස්පිරිතාලෙක නීති උපදේශක කෙනෙක් වෙන බලාපොරොත්තුවෙන්.

හැබැයි Alejandra ගේ ජීවිතේ විශාලතම හැරවුම් ලක්ෂ්‍ය වුණේ ඒ එකක්වත් නෙවෙයි, Beauty Pageants ගැන තියෙන Beauty Standards ඔක්කොම කඩල බිඳල දාලා අවුරුදු 60දි ලබාගත්ත

Miss Buenos Aires (Argentina) for Miss Universe කියන

ජයග්‍රහණය.

Alejandra Rodriguez ගෙ ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් වෙන්නෙ ඇයි?

අවුරුදු 60 මනුස්සයෙක් රූප සුන්දරී තරගයකින් දිනනව කියන එක ඇත්තටම පුදුම වෙන්න හිතෙන කාරණාවක් නම් තමයි හැබැයි Alejandra Rodriguez ලබාගත්ත මේ ජයග්‍රහණය ඓතිහාසික වෙන්නෙ ඒ හේතුව නිසාම විතරක් නෙවෙයි. 

“Miss Buenos Aires (Argentina) for Miss Universe” තරග ඉතිහාසයේ දීර්ඝ කාලයක් පුරාවටම තරග කරන්න ලැබුනෙ වයස අවුරුදු 18 – 27 අතර වයසෙ තරුණ ගෑණු ළමයින්ට විතරයි. හැබැයි තරග සංවිධානයේ සහ නීති රීති වල වෙච්ච වෙනසක් එක්ක 2023 අවුරුද්දෙ නිවේදනය කරා 2024 අවුරුද්දෙ ඉඳල තරගයට සහභාගි වෙන්න වයස සීමාව සඳහ ඉහල සීමාවක් නැති බව.  අවුරුදු 18ට වැඩි ඕනම කාන්තාවකට සහභාගි වෙන්න පුලුවන් බව.

Alejandra Rodriguez තරගෙ දින්නට පස්සෙ මොනවද කිව්වෙ?

“මගේ මේ ජයග්‍රහනය Beauty Standards එක්ක මෙහෙයවන Beauty Pageants වලට ලොකු වෙනසක් වෙයි.සුන්දරත්වය කියන්නෙ ශාරීරික සුන්දරත්වය විතරක්ම නෙවෙයි.  ඒකට තව බලපාන ගොඩක් දේවල් තියෙනව. මේ වගේ වයසකදි මෙහෙම තරගෙකට එන්න Confidence එකක් තියෙන්න ඕන. මේ පරම්පරාවෙ මෙහෙම දෙයක් ආරම්භ කර පලවෙනු මනුස්සය වෙන්නෙ මම. මට ඒක ලොකු ආඩම්බරයක්, ගෞරවයක්. මම හිතන්නෙ මේ තරගය දිනන්න විනිසුරුවරුන්ගෙ පවා උදව්ව මට ලැබුන.

රූප රැජින තරගයකට සහභාගි වෙන්න සහ දිනන්න මගේ වයසෙ කන්තාවකට තියෙන උනන්දුව එයාලා දුටුවා”

Miss Buenos Aires (Argentina) for Miss Universe

තරගෙ අවසානයේ Alejandra Rodriguez තමන්ගෙ අදහස් මාධ්‍යයට බෙදාගත්තෙ අන්න ඒ විදියට. 2024 අවුරුද්දෙ මැයි මාසයේදි විශ්ව රූ රැජින සඳහා තෝරගන්නා තරගයට යන්නත් තමා දැන් සූදානම් වෙන බව තමයි ඇය පවසන්නේ.

“2024 අවුරුද්දෙ විශ්ව රූ රැජින තරගය සඳහා සමස්ත ආජන්ටිනාවෙන්ම රූප සුන්දරියන් තෝරගන්නා තරගයට සහභාගි වෙන්න මම බලාපොරොත්තු වෙනව. ඒ වගේම ජයග්‍රහණය කරන්න උපරිම උත්සහය මම දරනවා”

ඉතින් අවුරුදු 60දිත් මේ 18 – 20 කෙල්ලො එක්ක හරි හරියට තරගයක් දෙන්න හේතුවෙච්ච තමන්ගෙ නිරෝගී සුන්දර සිරුරේ රහස, හොඳ ආහාර පාන ගන්න එක, නිරෝගීව ඉන්න එක බව Alejandra Rodriguez වැඩිදුරටත් පවසනවා.

ඇත්තටම අපි හිතනවනෙ “ජීවිතේ දේවල් වෙන්න ඕන ඒ කාලෙට” කියල. හැබැයි ඒ සමහර දේවල් අපි නිකන් බොරුවට දාගත්ත Deadline කියල පෙන්නන හොඳම හොඳ උදාහරණයක් තමයි මේ Alejandra Rodriguez ගෙ කතාව.

අපි හැමෝටම තියෙන්නෙ වෙනස් වෙනස් ජීවිත. අපේම සහෝදරයා, හොඳම යාලුව ජීවිතේ ගිය ගමනම. ඒ ඒ කාලවලදි අපිත් යන්න ඕන කියල හිතන මිනිස්සු ඉන්න ලෝකෙක රූප සුන්දරී තරගයක අවුරුදු 18 ගැහැණු ලමයි එක්කත් තරග කරල දිනන්න පුලුවන් කියල හිතපු අධිශ්ඨානයක් තියෙන්න අපූරු කාන්තාවක් විදියට Alejandra Rodriguez අපිට කියල දෙන්නෙ ඉතාම වටින කතාවක්.

ඒ තමයි,

තමන්ගෙ ජීවිතය තමන් ගෙවන්න ඕන තමන්ගෙම කාල සටහනකට අනුව. තමන්ගෙ ජීවිතේ ජයග්‍රහණ ලබන්න, ඉගෙනගන්න, රැකියාවකට යන්න, අලුත් දෙයක් පටන්ගන්න, අලුත් දෙයක් උත්සහ කරන්න නියමිත වයසක් අපිට නෑ.

අපි සූදානම් වීම, අපේ අධිශ්ටානය සහ කැපවීම විතරයි ඇත්තටම ජීවිතේ දිනන්න අපිට ඕන!

ඉතින් ජිවීතේ ඉස්සරහට තියෙන හැම මොහොතකම මතක් කරන්න “මේ ඔයා යන්නෙ ඔයාගෙ ගමන, ඒ ගමන ඔයා ඔයා කැමති විදියට, ඔයාට පුලුවන් විදියට යන්න”

ඒක තමයි වඩාත් වටින්නෙ!

Related Articles

Don't Miss


Latest Articles