එකමත් එක කාලෙක එක රාජධානියක බොහොම ධනවත් සහ ඉහවහා යන කුතුහලයෙන් පිරුණු රජෙක් හිටියා. . මේ රජතුමා පාරක් මැද විශාල ගල් පර්වතයක් තබා තිබුණා. ඔහු අසල සැඟවිලා මේ ගල් පර්වතය දිහාව බලාගෙන ඉන්න එක පුරුද්දක් කරගත්තා. ඔහු ඒ විදියට බලාගෙන හිටියේ කවුරුන් හෝ යෝධ පර්වතය මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කරයිද කියලා දැනගන්න.
රජුගේ ධනවත්ම වෙළඳුන් සහ රාජ සභිකයින් කිහිප දෙනෙක් මේ ඉස්සෙල්ලම මේ ගල් පර්වතය පහු කලා. එය එතැනින් ඉවත් කරන්න සූදානමක්වත් නොතිබුන ඔවුන්, එහෙම කරනවා වෙනුවට එක වටේ ඇවිදගෙන ගියා. ඒ විතරක් නෙවෙයි පාරවල් නඩත්තු නොකිරීම ගැන කිහිප දෙනෙක් මහ හඬින් රජුට දොස් කියාගෙන ඊට පස්සේ එතැනින් ගියා. ඒත් . ඔවුන්ගෙන් එක් කෙනෙක්වත් ගල් පර්වතය ඉවත් කරන්න උත්සාහ කළේ නැහැ.
අන්තිමට හවස් වෙනකොට එක ගොවියෙක් ආවා. ඔහුගේ දෑත් එළවළු වලින් පිරිලයි තිබුනේ. ඔහු ගල්තලාව ලඟට ඇවිල්ලා ඒ දිහාව බලාගෙන හිටියා. ඊට පස්සේ තමන්ගේ ලඟ තිබුන බර ඉවතට තියලා ගල් පර්වතය තල්ලු කරන්න උත්සාහ කලා. බොහෝ වේලාවකට පස්සේ ඔහුට සාර්තක වෙන්නත් පුලුවන් වුනා.
ඊට පස්සේ ගොවියා තම බඩු තොගය එකතු කර තම ගමන යාමට සූදානම් වෙනකොට දැක්කා පර්වතය ලඟ වැටිලා තිබුන පසුම්බියක්. ගොවියා ඒක විත කරලා බැලුවා. මුදල් පසුම්බිය පිරිලා තිබුනේ රන් කාසි සහ රජුගේ සටහනකින්. රජුගේ සටහනේ සඳහන් වූයේ මුදල් පසුම්බියේ රත්තරන් ගල් පර්වතය පාරෙන් ඉවතට ගෙන යාම වෙනුවෙන් ලැබෙන තෑග්ගක් කියලා
අපෙන් බොහෝ දෙනෙකුට කිසිදා නොතේරෙන දේ රජු ගොවියාට පෙන්නලා දුන්නේ ඒ විදියට. සෑම බාධකයක්ම අපගේ තත්වය වැඩිදියුණු කිරීමට අවස්ථාවක් ලබා දෙනවා. බාධාවක් ආවම අපි ඒ හැම දේකින්ම අලුත් යමක් ඉගෙනගන්නවා. ඒ බාධාව නිසා අපේ ඉලක්ක අරමුණු වලට යන එක ප්‍රමාද වුනත්, ඉන් අපිට පන්නරයක් ලැබෙනවා. ඒ නිසා බාධක නිසා ජීවිතය අත් හරිනවා වෙනුවට බාධා ඉක්මවාගෙන ඉස්සරහට යන්න උත්සාහ කරමු.