ඉඳි ආප්ප බුරියානි

ගෙදර ඉඳිආප්ප හැදුවම ඉතිරිවෙන ඉඳි ආප්ප වලින් රසම රස කෑමක් හදමුද ?උදේට හෝ රාත්‍රී ඉඳිආප්ප හදලා දුන්නු ඔබ ඊළඟ ආහාර වේල සඳහා ඉඳි ආප්ප බුරියානි එකක් හැදුවොත් ගෙදර අය ඇත්තටම පුදුම වේවි නේද ?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඉඳි ආප්ප 20
  • සිහින්ව ලියාගත් කැරට් ගෙඩි 1
  • ළුණු කොළ මිටක්
  • ලුණු ,ගම්මිරිස්
  • ප්ලම්ස් ග්‍රෑම් 50
  • තෙල් හෝ බටර්
  • කහ ස්වල්පයක්

සාදන ක්‍රමය:

ඉඳි ආප්ප කුඩා කැබලි වලට කඩන්න .දැන් තෙල් හෝ බටර් ලිප තබා රත්කර කැරට් සහ ළුණු කොළ දමා තෙම්පරාදු කරන්න .පසුව ඉඳි ආප්ප ,ලුණු ,ගම්මිරිස් හා කහ එකතු කර හොඳින් කලවම් කර ගන්න .ඉවතට ගැනීමට පෙර ප්ලම්ස් එකතු කරන්න .

චිකන් කරියක් ,සලාද සමග ආහාරයට එක්කර ගන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss



Latest Articles

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...