චිත්‍රපටියක් ගැන ලියනවට වඩා මම හිතුව අද කතාකරනව කියල මේ දවස්වල සමාජ මාධ්‍යයවල පිස්සුවෙන් වගෙ කතාකරන සංජේ ලීලා බන්සාලිගෙ අලුත්ම Netflix Series එක වෙන Heeramandi ගැන කතාකරන්න.
මේ දවස්වල මොන Social Media Platform එකට ගියත් ගොඩක් අය කතාකරන Series දෙකක් තියෙනව. දෙකම Netflix Series. එකක් තමයි Heeramandi. අනික Bridgerton Season 3. ඉතින් Bridgerton ගැන ඉදිරි ලිපියකින් අරගෙන එන්න හිතාගෙන අද අපි Heeramandi ගැන කතාකරමු.
ධනවත්කම, සම්ප්රදාය ගැන බහුලවම කතා කරන ඉන්දියානු Period Dramas තුළ, “Heeramandi” දුර්ලභ මැණිකක් ලෙස ඉස්මතුවෙන්නේ ඉතිහාසයේ කිසිම දිනක කතා බහකට ලක් නොවුණ වීරවරියන්ගේ ජීවිත අපි ඉදිරියේ නිරාවරණය කරන ගමන්.
සංජේ ලීලා බන්සාලි විසින් නිර්මාණය කර අධ්‍යක්ෂණය කරන ලද මෙම හින්දුස්ථානි Drama Series එක විනෝදාස්වාදයේ වගේම කලාත්මක බවේ සීමාවන් ඉක්මවා යන අතර, බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනයට එරෙහිව ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ කැලඹිලි සහිත යුගයේ ලාහෝරයේ රතු එළි දිස්ත්‍රික්කය වන Heeramandi වල ජීවත්වුණ කවදාවත් ඇතුලාන්තයෙන් දිළිහුනේ නැති කාන්තාවන් ගැන අපූරුවට කතාකරනවා.
Heeramandi කියන්නෙ ආදරය සහ කුතුහලය පිරිච්ච කතාවක් විතරක්ම නෙවෙයි.තමන්ගෙ ඉරණම වෙනස් කරගන්න, සමාජ සම්මතයන් ගැන නොසලකා හැරිය, Tawaif වරුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගැන කතාවක්.
කාන්තාව කියන්නෙ ජීවිත කාලය පුරාවටම ජීවිතේ ඇතුළතිනුත් පිටතිනුත් යුධ වදින කොට්ඨාශයක් බව කියවෙන කතාවක්. පුරුෂාධිපත්‍යය සහ ඒ පීඩනය විසින් ආධිපත්‍යය පතුරන තැනක, මෙම කාන්තාවන්ගෙ වටිනකම් අඩු කරන්න අධිෂ්ඨාන කරගත් ලෝකයක හීන දකින්න, ආදරේ කරන්න, අරමුණු ඉෂ්ට කරගන්න මහන්සි වෙච්ච, යුද්ධ කරපු කාන්තාවන් ගැන කතාවක්.
මෙම කතා මාලාව දිගහැරෙන්නේ පරම්පරා ගණනාවක් පුරා දිවෙන ෂාහි මෙහෙල්වල “ලොක්කි” එහෙම නැත්තම් “හුසූර්” වන මල්ලිකාජාන්ගේ කතාවෙන්. මල්ලික ජාන්ට තියෙන්නෙ හරිම සංකීර්ණ ලෝකයක්. ඒ වගේම ඇය තමන්ගෙ වටෙ ඉන්න අයගෙ ජීවිත ඇතුලෙ තමන්ගෙ ජීවිතේ රැකගන්න ආදරය හෝ ශාරීරික අවශ්‍යතා කියන නාමයෙන් කරන පාවදීම් වගේම පරිත්‍යාගයන් එදා වගේම අදටත් වලංගු බව හරිම අපූරුවට හෙලි කරන්න සංජේ ලීලා බන්සාලිට පුලුවන් වෙලා තියෙනවා.
ආචාරශීලී බිබ්බෝජාන් ගෙ ඉඳල අහිංසක උනත් වෙනස්, කැරලිකාර සිතුවිලි තියෙන කවියෙක් වෙන්න බලාගෙන ඉන්න මල්ලිකාජාන්ගෙ දූ කුමරිය – ආලම්සෙබ් දක්වා මේ කතා මාලාවෙ රඟපාන හැම කාන්තා චරිතයකින්ම පෙන්වා දෙන්නෙ විපත්ති හමුවේ ස්ත්‍රීන් කොච්චර ශක්තිමත් වෙනවද කියන කතාව.
මේ කතා මාලාවේ කේන්ද්‍රය වෙන්නෙ සහෝදරත්වයේ තේමාවක් – දුෂ්කරතාවල ගින්නෙන් ගොඩනැගුණු සහ හවුල් අරගලවලින් පෝෂණය වූ බැඳීමක්. ඔවුන්ගේ මතභේද නොතකා, මල්ලිකාජාන් සහ ඇගේ සහෝදරිය වහීදා ඔවුන්ව විනාශ කරල දාන්න උත්සාහ කරන සමාජයකට එරෙහිව එක්සත් වෙලා ඉන්නව. ඇතුලාන්තයෙන් කොච්චර පෞද්ගලික ප්‍රශ්න තිබුණත් මෙයාලා හැමෝම එකමුතුවෙනව ඒ පිටතින් එන තමන්ට එරෙහි බල අරගලයෙදි. මේ කාන්තාවන්ගේ ගමන සහයෝගීතාවයේ බලය පිළිබඳ සාක්ෂියක් වන අතර, කාන්තාවන්ට එකතුවෙලා, විශාලතම බාධක පවා ජය ගන්න පුලුවන් බව අපිට අපූරුවට මතක් කරලා දෙනවා.
නමුත් සමහර විට “Heeramandi” වල වැදගත්ම දේ වෙන්නෙ කතා මාලාවෙන් පෙන්වන එහි ස්ත්රීවාදයේ නිර්දෝෂී බව. කාන්තාවන් බොහෝ විට පැත්තකට ඇද දමනු ලබන ලෝකයක, මෙම කතා මාලාව ඒ කාන්තාවන්ගෙ බලාපොරොත්තු, බිය සහ අභිලාෂයන් සඳහා හඬක් ලබා දෙමින් ඔවුන් අවධානයට ලක් කරනවා. කවියට ඇති ආශාව පසුපස හඹා යාමට සම්මුතියට පිටුපා සිටින ආලම්සෙබ් වගේම තමන්ගෙ අම්මගෙ ඝාතනයට යුක්තිය සොයන ෆරීදාන් වැනි චරිත තුළින් අපට සෑම කාන්තාවක් තුළම පවතින ශක්තිය සිහිපත් කරනවා. ඒ වගේම හැම කාන්තාවකටම තමන්ගෙම කියල සටනක් තියන බව මතක් කරලා දෙනවා.
ඒ විතරක් නෙවෙයි, “Heeramandi” ස්ත්රීවාදයේ ඡේදනය පිළිබඳ සංවේදී මතක් කිරීමක් කියල කිව්වොතින් වඩාත් නිවැරදියි. ආදරය ඉදිරියේ පාවා දීම හන්දා සිහින බිඳ වැටිච්ච , අවසානයේ ඒ වේදනාව නිසාම මියගිය ලජ්ජෝගේ සිට මෙම කතා මාලාව පන්ති සහ කුල භේදයෙන් ඔබ්බට ගිය කාන්තා අත්දැකීම්වල අන්තර් සම්බන්ධිත බව බොහොම අපූරුවට පෙන්වල දෙනවා.
Heeramandi කියන්නෙ වෙනසක් සඳහා පෙළඹවීමක්. ලෝකෙ මොන තැනක හිටියත් ඒ සෑම තැනකම ඉන්න කාන්තාවන්ට තමන්ගෙ බලය නැවත ලබා ගන්න සහ තමන්ගෙ ඉරණම නැවත ලියාගන්න කරන මතක් කිරීමක්. ආදරය හා අහිමි වීම, ජයග්‍රහණය සහ ඛේදවාචකය සමඟ පොරබදන මේ චරිත කතා මාලාවකින් වුණත් කාන්තාවන්ට කරන්නෙ මතක් කිරීමක්.
මේ රඟපෑමක් වුණාට ඒ රඟපෑම, ඒ චරිත ඇතුලෙ අපිට හමුවෙන්නෙ අපිවමයි. කාලය වෙනස් වුණාට එදත් අදත් ඉන්නෙ අපිමයි. ඒ කාන්තාවමයි. ඒ වගේම මේ කල්ප ගණනාවක් පුරාවටම පැතිර ගෙන ඇවිත් තියෙන්නෙ එකම විදියක සටනක්. ඒ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වන ඒ සටන තාමත් අවසන් වෙලා නැති බව Heeramandi අපිට අපූරුවට මතක් කරල දෙනවා.
කාන්තාවන් තවදුරටත් සම්ප්රදායේ සහ පුරුෂාධිපත්‍යයේ දම්වැල්වලින් බඳිල නැති බවත් Heeramandi වල Tawaif ල වගේම අපිත් ඒ සටන ජයගන්න උපරිම ශක්තිමත් බවත් Heeramandi අපිට මතක් කරලා දෙනවා.
Heeramandi අපිට මේ කතා මාලාව ඇතුලෙ කියලා දෙන වැදගත්ම පණිවිඩේ වෙන්න මෙන්න මේක.
“ හැම ගැහැණියකටම එයාව සුන්දර කරන දියමන්ති වගේ බැබළෙන්න අයිතියක්, නිදහසක් තියෙනවා. ඒ නිදහස සහ අයිතිය තියෙන ලෝකය ගොඩනගන්න පළවෙනි පස්පිඩැල්ල කපන්න ඕනත් ඒ කාන්තාවම තමයි”