දෙමව්පියන් බලු කූඩුවක සිර කළ දරුවෙකුගේ කතාව – DogMan..

වෙනදට ගොඩක් වෙලාවට අපි කතා කලේ මේ ආදරය, විවාහය වගේ දේවල් පෙරදැරි කරගත්ත චිත්‍රපට ගැනනෙ. හැබැයි අද පොඩි වෙනසක් කරන්න මම හිතුවා.

අපි අද අරගෙන එන්නෙ මෙච්චර දවසක් අපි කතා නොකරපු වර්ගයේ හරිම අපූරු චිත්‍රපටයක් ගැන කතාවක්. මේ ච්ත්‍රපටයේ නම Dog Man.

මේ චිත්‍රපටය Release වුනේ 2023 අවුරුද්දෙදි. මේක ඉංග්‍රීසි බාශාවෙන් කරපු ප්‍රංශ චිත්‍රපටයක් කියල හඳුන්වන්න පුලුවන්. ලූක් බෙසන් අධ්‍යක්ශනය කරපු, කේලබ් ලැන්ඩ්‍රි ජෝන්ස්, ජොජෝ ටී ගිබ්ස් සහ ක්‍රිස්ටෝපර් ඩෙන්හැම් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නෙ.

සරලවම කිව්වොත් මේ කතාවෙ වෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්.

මූවි එක පටන් ගනිද්දිම පෙන්නන්නෙ පොලිසිය Dogman කියල හඳුන්වන භයානක අපරාධකාරයෙක්ව අල්ලන්න යන සීන් එකක්. මේ Dogman කියන අපරාධකරයට හැකියාවක් තියෙනවලු බල්ලන් ලව්ව ඕනම දෙයක් කරගන්න. ඉතින් තමන්ට තියෙන ඒ බලේ පාවිච්චි කරල මෙයා එක එක අපරාධ කරනව කියල දැනගන්න ලැබුන ඔත්තුව අනුව තමයි පොලිසිය මෙයාව අල්ලන්න යන්නෙ.

කොහොමහරි මහ රෑ වැස්සෙ පොලිසිය මෙහෙම යද්දි මෙයාලට හම්බුවෙනව ලොකු ට්‍රක් එකක්. ඒ ට්‍රක් එකේ ඩ්‍රයිවර් මහ අමුතු කෙනෙක් බව පොලිසියට තේරෙනව. එයා පිරිමියෙක්. හැබැයි ගෑණියෙක් වගේ ඇඳ පැලඳගෙන, මේකප් දාගෙන තමයි ඉන්නෙ. ඒ ගැන සැක හිතිච්ච හන්දා පොලිසිය කියනවා ට්‍රක් එකේ පිටිපස්සෙ දොර අරින්න කියල.

බලද්දි මේ ට්‍රක් එක පුරවල ඉන්නෙ එක එක ජාතියෙ බල්ලො. ඉතින් ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑනෙ. පොලිසිය දැනගන්නව මේ තමයි Dog Man කියල. ඉතින් අත් අඩංගුවට අරගෙන එක්කරගෙන යනවා පොලිසියට.

පොලිසියෙදි මෙයාව හම්බුවෙන්න එනවා ඩිටෙක්ටිව් කෙනෙක්. ඒ ඩිටෙක්ටිව්ගෙ නම එව්ලින්. එව්ලින් මෙයාගෙන් අහනව “ඔයා කවුද කියල වගේම ඔයා ඇයි ඔහොම ඉන්නෙ? කියල අහනවා.

පොලිසිය තමන්ව අත් අඩංගුවට ගත්තම මිනිස්සු කොච්චරක් බයවෙනවද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. හැබැයි මෙයා ඉන්නෙ කිසිම ගාණක් නෑ වගේ. එයා හිනාවෙලා එව්ලින්ට මෙන්න මෙහෙම කියනව.

“මං කවුද කියල ඔයාට සරලවම කියන්න මටත් අමාරුයි. ඒ නිසා මම මගේ කතාව ඔයාට කියන්නම්”

එහෙම තමයි එව්ලින් මෙයාගෙ කතාව දැනගන්නෙ. මෙයාගෙ නම ඩක්. එයා හරි දුප්පත් පවුලක ලමේක්. ඩක්ගෙ තාත්තා සල්ලිවලට බලු පොර වලට බල්ලො සප්ලයි කරන තරහ යන, නපුරු මනුස්සයෙක්. ඩක්ට ඉන්නව අයියා කෙනෙක්. එයාගෙ නම රිචී. ඩල්ගෙ තාත්තා වෙනා මයික් වගේම අයිය රිචිත් හරිම බිහිසුණු මිනිස්සු කියල කිව්වොතින් හරි.

තාත්තා බලුපොර වලට විකුනන බල්ලන්ට හරියට කෑමවත් දෙන්නෙ නෑ.බලු පොර වලට දෙන බල්ලන්ව දරුණුවට හදන්න ඕන හන්දා මේ තාත්තා බල්ලන්ට හරියට ගහනව කරනව අපිට පෙන්වනවා. ඒ විතරක් නෙවෙයි එයා ඩක්ගෙ අම්මට සලකන්නෙත් ඇත්තටම බල්ලෙක්ට වෆේ. පහරදෙනව හරිම දරුණු විදියට. ඒත් ඩක් එහෙම මනුස්සයෙක් නෙවෙයි. එයා හරිම කරුණාවන්ත කෙනෙක්. එයාට හරි දුකයි තාත්තා මේ බල්ලන්‍ට වගේම අම්මට සලකන නපුරු නරක විදියට.

දවසක් උදේ මෙයාලා උදේ කෑම ගන්න අතරවාරෙ රිචී කිණ්ඩියට වගේ ඩක්ගෙන් අහනව ඔයා බල්ලන්ට ආදරේ නේද කියල. එතනදි ඩක්  කියනවා ඔව් මම බල්ලන්ට ආදරෙයි ඔයාලට වඩා කියල.

ඒකට තරහ යන මයික් ඩක්ව ඇදගෙන ගිහිල්ල එයාව බලු කූඩුවක දානවා. ඩක්ගෙ අම්මත් හරි අසරණයි. අම්මා පුලුවන් වෙලාවට බල්ලන්ට වගේම ඩක්ටත් කෑම ගෙනල්ල දෙනවා. මේක දැනගත්ත මයික් තමන්ගෙ බිරිඳටත් හොඳටම පහර දෙනව.

දවසක් ඩක්ව හිරකරල ඉන්න බලු කූඩුව ලඟට එන ඩක්ගෙ අම්ම එයාට ටින් කෑම ගොඩක් දෙනව. දීල කියන “මට තව දරුවෙක් ලැබෙන්න ඉන්නෙ. ඒ දරුවවත් මේ අපායෙන් ගලවගන්න මම මෙහෙන් නිදහස් වෙලා යනවා” කියල. අම්මා තමන්ව දාලා ගියත් ඩක් සතුටු වෙනවා අම්ම හරි මේ අපායෙන් ගැලවිච්ච එක ගැන.

කොහොමහරි අම්මා ගෙදරින් ගියේ ඩක්ගෙ වරදක් නිසා කියල ඩක්ට දඬුවම් කරන තාත්තයි අයියයි ඩක්ව දිගටම මේ බලු කූඩුව ඇතුලෙම හිර කරල තියෙනව.

කොහොමහරි මෙතනදි අපිට පෙන්වනවා එව්ලින්ට ඩක්ව විමර්ශනය කරන්න දීල තියෙන වෙලාව අවසන් බව. ඉතින් ඩක් කිව්ව කතාව කල්පනා කර කරම එව්ලින් ගෙදර යනව.

චිත්‍රපටය බලන ප්‍රේක්ශකයන්ට හිතෙනව බල්ලන්ට එච්චර ආදරය කල කරුණාවන්ත හිතක් තිබිච්ච කොල්ලෙක් වෙච්ච ඩක් දරුණු අපරාධකාරයෙක් වෙන්න හේතුව වගේම එයා කරපු දරුණු අපරාධ මොනවද කියල.

ඉතින් ඒ ගැන දැනගන්න ඔයාලා මේ චිත්‍රපටය බලන්නම ඕන.

ඉතින් අපි හිතනවට වඩා වෙනස් කතාවක් තමයි මේ චිත්‍රපටයෙ අපිට පෙන්වන්නෙ. තාත්තගෙ ප්‍රචණ්ඩත්වය නිසා දරුණු විදියට ශාරීරිකව වගේම මානසිකව වැටිච්ච දරුවෙක්ගෙ කතාව වුන Dog Man කියන්නෙ ඇත්තටම බලන්න වටින චිත්‍රපටයක්.

Related Articles

Don't Miss


Latest Articles