රසකරමින් දොඩම් බොන්න අපි හැමෝම කැමතියි. ගොඩක් අය ගුණයි කියල කනව. සමහර අය මූණෙ ගාන ක්‍රීම් එකෙත් දොඩම් හොයනව. ඇත්තටම දොඩම්වලින් මොනවද අපිට ලැබෙන්නෙ?
- දෙඩම්වල තිබෙන අධි විටමින් C සංචිතය අහිතකර බැක්ටීරියා සහ වෛරස ඔබේ සිරුරෙන් ඈත් කර තබන අතර ප්‍රතිශක්තිකරණය වර්ධනයකරයි. නිතර දොඩම් භාවිතා කළොත් කන් අමාරු, සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි රෝග නිතර හැදෙන එක ඉබේම නතර වෙයි.
- විෂ අපද්‍රව්‍ය පෙරා වකුගඩුවල ගල් ඇතිවීම වළක්වා දෙයි.
- එහි ඇති Limonin රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ඉවත්කරන්න උපකාරී වෙනවා.
- දොඩම් වල අඩංගු කෙඳි සහිත / තන්තුමය (Fiber) ආහාර දිරවීම පහසුකර සෞඛ්‍ය සම්පන්න ආහාර ජීර්ණ පද්ධතියක් ලබාදෙනවා වගේම බඩවැළේ පිළිකා සෑදීමේ අවදානම අවම කරයි.
- Herperidin රුධිර පීඩනය අවම කරන අතර හදවත් රෝගවලට එරෙහිව සටන් කරයි.
- Carotenoids අඩංගු නිසා රාත්‍රී අන්ධතාවය වැනි අක්ෂි රෝග වැළඳීම වළක්වයි.
- එහි තිබෙන අම්ලය Alkaline ශරීරයේ ඇති PH අගය පාලනය කිරීමට සහය වෙයි.
ආහාර වේලට වැඩියෙන් දොඩම් එකතු කරගෙන ලස්සන වගේම සෞඛ්‍යයත් වර්ධනය කරගන්න.
– කල්හාරී –