කම්මැලියි කියා නිතරම වැඩ පසුවට කල් දමනවාද?

කම්මැලිකම කියන්නෙ මහ හෙණයක් බව ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනෙ.කම්මැලිකම ජීවිතයට ආවොත් අපිට වැඩකරගන්න අමාරුවෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. වැස්ස දවසක උදේට ඇඳෙන් නැගිටින්න වගේ කම්මැලිකම් තියෙන එක නම් සාමාන්‍ය දෙයක් උනත් ඕනවට වඩා කම්මැලිවෙන එක නම් නතර කරගත්තෙ නැතොත් ජීවිතයට  ඉස්සරහට යන්න අමාරු බව අපි දන්නවා.

ඉතින් ඔයත් කම්මැලිකම නිසා වැඩ මග නතර කරලා දානවද?

අන්න එහෙම කෙනෙක්නම් මේ ලිපිය අපි අරගෙන එන්නෙ ඔයා වෙනුවෙන්.

සමහරවෙලාවට කොච්චර වැඩට දක්ශ කෙනෙක්ට උනත් මේ “අනේ මට වැඩ කරන්න බෑ අප්පා, කම්මැලියි” කියන හැඟීම එන්න පුලුවන්. ඉතින් වැඩ කරන වෙලාවක එන කම්මැලිකම නතරකරගන්න අපිට මොනවද කරන්න පුලුවන් කියල තමයි මේ ලිපියෙන් අපි අද ඔයාලා එක්ක බෙදාගන්න යන්නෙ.

ඉඳල හිටල වැඩක් කරන්න කම්මැලි හිතෙන එක සාමාන්‍ය දෙයක් බව කියල තියෙනවා. ඕනම කෙනෙක්ට තමන්ගෙ අවධානය වෙන තැනකට යන, කම්මැලි හිතෙන දවස් ජීවිතේ අනන්තවත් තියෙනවා.

හැබැයි හැමදාම නිකන් “වස කම්මැලියා” වගේ ඉන්න හිතෙනවනම්, ඔයා නැති තැන්වල කට්ටිය ඔයාට කතා කරන්නෙ අන්න ඒ ලේබල් එක දාලානම් ඔයාගෙ චර්‍යාව ගැන ආයෙ වරක් හිතන්න වෙනවා පුතේ.

කෙනෙක්ට තමන්ගෙ කරන වැඩක් එපා වෙන්න හේතුවෙන මේ කම්මැලිකමට බලපාන කරුණු මොනවද?

ඔයා ගොඩක් කාලයක් පුරාවට එකම දේ කරගෙන ආව කෙනෙක් උනොත් දෙයකට අපි කම්මැලිවෙන එක අපේ ස්වභාවයක්.ගොඩක් වෙලාවට වෙන්නෙ අපි කරන වැඩක් එක්ක හරි, වැඩ කරන තැන හරි, වැඩ කරන අය එක්ක හරි Comfortable උනාම අපි අපේ තියෙන Energy එක, Potential එක Shutdown කරන්න හදන එක. කම්මැලිකම විදියට එලියට එන්නෙ අන්න ඒක.

කොච්චර උනන්දු වුණත් ඔයාට ලැබිල තියෙන්නෙ ඔයා කරන්න ආස වැඩක් නොවුණමත් මේ කම්මැලිකම ඇතිවෙන්න පුලුවන්. සමහර මිනිස්සු ඉන්නව තමන් හීන දකින රස්සාවම කරන්න ලැබිච්ච. එහෙම අය  හැමදවසකම වගේ වැඩ පටන් ගන්නෙ පුදුම උනන්දුවකින්. හැබැයි හැමෝටම එහෙම වෙන්නෙ නෑනෙ. අපි කොච්චර දක්ශ උනත්, වැඩ්ඩො උනත් අපි නතරවෙලා ඉන්නෙ අපි අකමැති තැනකනම් කම්මැලිකම අපිව වහගන්න තියෙන ඉඩ සෑහෙන වැඩියි.

දියුණු වෙන්න, Grow වෙන්න ඉඩක් නැතිඋනාමත් අපිට කම්මැලි හිතෙනව. අපිට කම්මැලි බව දැනෙන ප්‍රධාන තැනක් වෙන්නෙ අපි කොතනක හරි හිරවෙලා එකම විදියට දිග කාලයක් ඉන්න වෙන එකනෙ. මෙහෙම හිතන්නකො ගලාගෙන යන්න ඕන වතුර ටිකක් එකම තැන ගොඩක් කල් රැඳුණම පල් වෙනව. ඒ වගේ අපේ ජීවිතයත් හැමදාම මූණ දෙන්නෙ එකම වගේ සිදුවීම් මාලාවකට නම් දිගු කාලයක් තිස්සෙ ඒක වීම අපිව සහ අපේ මනස කම්මැලි කරන්න හේතුවක් වෙනවා.

ජීවිතේට අරමුණක් නැතුව වැඩ කරන්න ගියාමත් අපිට කම්මැලි හිතෙනව. ජීවිතයට අරමුණක් තියෙද්දි අපි උත්සහ කරන්නෙ ඒ දේ කොහොමහරි ඉටු කරගන්නනෙ. හිතන්නකො ඔන්න ඔයාට අද හවස පාටි එකක් තියෙනව. ඔයා ආසාවෙන් ඉන්නෙ යන්න. ඉතින් උදේ වරුවෙම ඔයා මාර උනන්දුවෙන් සතුටෙන් වැඩ ටික ඉවරකරනව මොකද ඔයාගෙ අරමුන තමයි පරක්කු නොවී පාටි එකට යන එක. ඒ වගේම තමා ජීවිතයට දිගුකාලීන ඉලක්ක තියෙන්න ඕන. ඒ ඉලක්ක තමයි කම්මැලිකම ඔයාගෙ ඇඟෙන් අයින් කරල ඔයාව උනන්දුවෙන් වැඩ කරන කෙනෙක්ව කරන්නෙ.

ඉතින් මේ වගේ අවස්තාවලදි ඔයාට මොනවද මේ කම්මැලිකම දුරු කරන්න පුලුවන් ක්‍රම?

ඔයා ඉස්සෙල්ලම කල්පනා කරන්න ඕන දෙයක් තමයි ඇයි ඔයාට කම්මැලි හිතෙන්නෙ කියන එක. ඔයාට කම්මැලි හිතෙන බව ඔයාම තේරුම්ගත්ත මොහොතක ඔයා කරන්න ඕන දෙයක් තමයි ඔයා ඔයාටම Challenge කරගන්න එක.

දිගු කාලයක් එකම විදියට වැඩ කරද්දි කම්මැලි හිතෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒ කම්මැලිකමෙන් මිදෙන්න වෙනස් වෙන්න ඕන මොන විදියටද කියල තීරණය කරන්න ඕන ඔයා. ඔෆිස් එකේ වැඩ කම්මැලි වගෙ හිතෙනවනම් එක්කො නිවාඩුවක් දාලා ට්‍රිප් එකක් යන්න පුලුවන්, එහෙම නැත්තම් වෙන ඔෆිස් එකකට යන්න පුලුවන්. ඔයාට සුදුසුම ඔප්ශන් එක මොකද්ද කියල බලන්න ඕන ඔයාම තමයි.

ඔයාට පුලුවන් වැඩි වගකීම් ඉල්ලගන්න. ඔයා කම්මැලිවෙලා තියෙන්නෙ ඔයාගෙ සම්පූර්ණ Energy එකෙන් හෝ Potential එකෙන් ඔයාට වැඩක් ගන්න බැරිනිසානම් ඔයාගෙ සම්පූර්න ශක්තියම යොදවල කරන්න පුලුවන් වැඩක් භාරගන්න. එතකොට නිරතුරුවම වැඩක යෙදෙන්න වෙන නිසා ඔයාට කම්මැලි දැනෙන එක අඩු කරගන්න පුලුවන්.

අලුත් දෙයක් ඉගෙනගන්න එකත් කම්මැලිකම දුරුකරගන්න උදව්වක්.එකම දේ කරන නිසා නම් කම්මැලිකමක් දැනෙන්නෙ, අලුත් දෙයක් කරන්න පටන්ගන්න. චිත්‍රයක් අඳින්න, කෑමක් හදන්න, මහන්න, ලියන්න ඕනම දෙයක් කරල ඔයාගෙ ජීවිතේ තියෙන අර Monotonous ගතිය මග හැරවාගන්න උත්සහ කරන්න.

ජීවිතේට අරමුණක් තියාගන්න. මේ අරමුණ පොඩි එකක් වෙන්න පුලුවන්, ලොකු එකක් වෙන්න පුලුවන්. හැබැයි අරමුනක් තියාගන්න. එතකොට ඒ අරමුණට යන්න, ඒ ටාගට් එක Achieve කරගන්න ඔයාට වැඩ කරන්නම වෙන නිසා කම්මැලිකම නැතිකරගන්න ඔයාට ඒක උදව්වක් වෙයි.

ඒ වගේම තමයි මෙන්න මේක අමතක කරන්න එපා. සමහරවෙලාවට ඔයාගෙ ඇඟට කම්මැලිකමක් වගේ දැනෙන්නෙ ඔයා ඕනවට වඩා මහන්සි වෙන නිසා වෙන්නත් පුලුවන්. එහෙම වෙලාවක ඔක්කොටම කලින් හොඳ නිවාඩුවක් ගන්න, හොඳ නින්දක් දාන්න ඕන බව මතක තියාගන්න!

Related Articles

Don't Miss


Latest Articles