නිවාඩු දවසට වෙනස් විදියේ රසවත් උදෑසන ආහාර වේලක්..

උදෑසන ආහාරය සඳහා ඉතාම පහසුවෙන් සකස් කරගන්න පුළුවන් පෝශණයෙන් සපිරි නිර්මාංශ ආහාර වේල් කිහිපයකුයි අපි අද ඔබට ගෙන ආවේ. 

Roasted carrots 

අවශ්‍ය ද්‍රව්‍ය 

සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් 3 – 4

ඔලිව් තෙල් ස්වල්පයක් 

මී පැණි ස්වල්පයක් 

ලුණු සහ ගම්මිරිස් රස අනුව

චොප් කරගත් පාස්ලි 

හදන්නේ මෙහෙමයි

කැරට් හොඳින් සෝදා පිරිසිදු කරගෙන තීරු ලෙස කපා ගන්න

එයට ලුණු සහ ගම්මිරිස් රස අනුව , ඔලිව් තෙල් ස්වල්පයක් සහ මී පැණි ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න 

සූදානම් කර ගත් කැරට් පාච්මන්ට් කොළයක් ඇතිරූ තැටියට අතුරා ෆැරන්හයිට් අංශක 425 ට රත් කර ගත් අවන් එකක විනාඩි 15 ක් පමණ රෝස්ට් කර ගන්න 

පිළිගන්වන විට චොප් කර ගත් පාස්ලි එකතු කර ගන්න

Cheese spread  & Berries Toast

අවශ්‍ය ද්‍රව්‍ය 

දුඹුරු පාන් පෙති 1 

චීස් ස්ප්‍රෙඩ් මේස හැඳි 2 

චොප් කරන ලද බ්ලූබෙරි ,රාස්ප්බෙරි , ස්ට්‍රෝබෙරි කෝප්ප බාගයක්

මින්ට් කොල කිහිපයක්

හදන්නේ මෙහෙමයි

මුලින්ම දුඹුරු පාන් පෙත්ත ටෝස්ට් පෙත්ත කර ගන්න

එය මතට චීස් ස්ප්‍රෙඩ් එක ගල්වා කපා ගත් පලතුරු අතුරන්න 

අවසානයට මින්ට් කොළ එකතු කර පිළිගන්වන්න

Super green smoothie bowl

අවශ්‍ය ද්‍රව්‍ය 

ශීත කල කෙසෙල් ගෙඩි 2 

කිවි ගෙඩි 2 

නිවිති 50 g

ගොටුකොල 20g

ආමන්ඩ් බටර් තේ හැඳි 1

චියා බීජ තේ හැඳි 1

ආමන්ඩ් කිරි කෝප්ප 2 

කැමති බෙරි වර්ග දෙකක් හෝ තුනක කෝප්ප බාගයක්

ඩෙසිකේටඩ් පොල් 

හදන්නෙ මෙහෙමයි

කෙසෙල් , කිවි , නිවිති ,ගොටුකොල , ආමන්ඩ් බටර්, චියා බීජ සහ ආමන්ඩ් කිරි හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න

වීදුරු බෝල් දෙකකට ස්මූති පිලිගන්වන්න.පිලිගැන්වීමට පෙර බෙරි වර්ග සහ ඩෙසිකේටඩ් පොල්, කිවි උඩින් අතුරන්න 

Raita with Pomegranat

අවශ්‍ය ද්‍රව්‍ය 

සාමාන්‍ය යෝගට් හෝ මුදවපු කිරි කෝප්ප 1 පිපිඤ්ඤා ගෙඩි 1

කුඩාවට කපා ගත් ළූණු ගෙඩි 1

කුඩාවට කපා ගත් අමු මිරිස් කරල් 2

සූදුරු කුඩු තේ හැඳි ½ 

ගම්මිරිස් තේ හැඳි ½ t

දෙළුම් ගෙඩියක ඇට 

දෙහි යුෂ ස්වල්පයක් 

අවශ්‍ය ප්‍රමාණයට ලුණු

හදන්නේ මෙහෙමයි

පිපිඤ්ඤා ගෙන හොඳින් සෝදා, පොතු හැර මදය ඉවත් කර කැබලි වලට කපා ගන්න

ඉන්පසුව භාජනයක් ගෙන යෝගට් හෝ මුදවපු කිරි , ලුණු, ගම්මිරිස්, ළුණු, අමු මිරිස් සහ පිපිඤ්ඤා එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.

දෙහි යුෂ සහ සූදුරු කුඩු එකතු කර මිශ්‍ර කරන්න 

අවසානයට දෙළුම් එකතු කර ශීතකරණයේ තබා පිළිගන්වන්න.

Related Articles

Don't Miss


Latest Articles