“Tumbbad” කියන්නෙ Rahi Anil Barve විසින් අධ්‍යක්ෂණය කරපු 2018 අවුරුද්දෙ රිලීස් වෙච්ච Indian Folk Thriller Story එකක්. ආනන්ද් ගාන්ධි නිර්මාණ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කල මේ චිත්‍රපටයෙ, අදේෂ් ප්‍රසාද් සම අධ්‍යක්ෂකවරයා විදියට වැඩ කලා. ඒ වගේම චිත්‍රපටිය ලිව්වේ Mitesh Shah, Adesh Prasad, Rahi Anil Barve, and Anand Gandhi. එය Sohum Shah, Aanand L. Rai, Mukesh Shah, සහ Amita Shah විසින් නිෂ්පාදනය කරා. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Vinayak Rao ලෙස Sohum Shah රංගනයෙන් දායක වෙනවා. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තුම්බාද් ගම්මානයේ සැඟවුණු නිධානයක් සෙවීමේ කතාවක් තමයි මේ Tumbbad කියන චිත්‍රපටයෙන් ප්‍රේක්ශකයට අරගෙන එන්නෙ.
කතාව ආරම්භ වන්නේ 1947 දී, විනායක් රාඕ එයාගෙ14 හැවිරිදි පුතා පණ්ඩුරංගට සෞභාග්‍යයේ දේවතාවිය ගැන කියන කතාවකින්. මේ දේවතාවිය අසීමිත ධනය (රත්රන්) සහ ආහාර සංකේතවත් කරන දේවතාවියක් බව එයා කියනවා. පෘථිවිය තමයි ගර්භාෂය වෙන්නෙ. විශ්වය නිර්මාණය වූ විට ඇය දෙවිවරුන් මිලියන 160ක් බිහි කල බවත් ඇගේ පළමු සහ වඩාත්ම ආදරණීය පුත් හස්ටාර් ඇගේ සියලු රන් හා ධාන්‍ය වලට කෑදර වුනා කියලත් විනායක් තමන්ගෙ පුත වෙච්ච පණ්ඩුරංගට කියනවා. හස්ටාර් රත්තරන් සොරකම් කිරීමට සමත් වූ නමුත් ආහාර අරගන්නා කලින් අනෙක් දෙවිවරුන්ට එයාව අහුවෙලා එයාට ප්‍රහාර එල්ල වෙනවා. දේවතාවිය එයාව බේරගන්නෙ මිනිස්සු කවදාවත් ඔයාට නමස්කාර කරන එකක් නෑ කියල කියන ගමන්. හස්ටාර් බේරෙන්න හැංගිල ඉන්නෙ එයාගෙ අම්මගෙ ගර්භාෂය වෙච්ච මහ පොලොවෙ. දේවතාවිය “මෙයාට වන්දනාමාන කරන්න එපා” කියල පනවපු නීතිය අමතක කරල දාපු මිනිස්සු තුම්බාද් කියන ප්‍රදේශයේ මේ හස්ටාර් වෙනුවෙන් දේවාලයක් හදනවා. මේකට කෝපවෙච්ච අනෙක් දෙවිවරු ගමට ශාප කරනවා නිමක් නැති වැස්සක් වස්සලා.
1918 දී, විනායක්ගේ අම්මා, ප්‍රාදේශීය පාලකයගෙ අනියම් බිරිඳ විදියට පාලකයව එයාගෙ මන්දිරයේදී එයාව මුණගැසෙනවා. එයා පූජා කර හස්ටාර් පිළිමයෙන් රන් කාසියක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බව මෙතනදි කියනවා. මේ අතර, විනායක් සහ ඔහුගේ බාල සොහොයුරා වන සදාෂිව් කාමරයක දම්වැලකින් බැඳ ඇති සර්කාර්ගේ මුතුන්මිත්තෙකු වන දරුණු මහලු කාන්තාවකට කන්න බොන්න දෙන්න වෙලා තියෙන එක ගැන අවුලෙන් තාමයි ඉන්නෙ. සර්කාර්ගේ මරණයෙන් පස්සෙ, විනායක්ගේ අම්ම තුම්බාද් ගම අත හැරලා පූනේ වලට යන්න තීරණය කරනවා. සැඟවුණු නිධානය සොයා දෙන ලෙස විනායක් අවධාරණය කරල අම්මට කියන්නෙ මෙන්න මෙතනදි. ඒත් අම්ම ඕක විනායක්ට කියන්නැ නෑ. දවසක් සදාශිව් තුවාල වෙලා ඉද්දි විනායක්ගෙ අම්මා සදාශිව්ව බෙහෙත් දාන්න අරගෙන යන්නෙ මහලු කාන්තාවට කන්න දෙන්න කියල විනායක්ට කියන ගමන්.
හදිසියෙ හරි ඔය මහලු කාන්තාව ඇහැරුනොත් එයාට හස්ටාර්ගෙ නම කියන්න කියලත් අම්මා කියල යනව. හැබැයි වෛද්‍යවරයව හම්බෙන්න යන අතරමගදි සදාශිව් මැරෙනවා.
විනායක්ගෙ අම්මා ආපහු වතාවක් සර්කාර්ගෙ (ප්‍රාදේශික පාලකයගෙ) ගෙදරට ගිහිල්ල රත්තරන් කාසියක් ඉල්ලනවා.කොහොමහරි විනායක්ට බැරිවෙනව අර වයසක කාන්තාවට කන්න දෙන්න. ඒ නිසාම ඒ කාන්තාව මේ විනායක්ට පහරදෙන්න පටන් ගන්නව. අම්ම කිව්ව විදියට විනායක් හස්ටාර්ගෙ නම කිව්වම මේ මහලු කාන්තාව ආයෙම නින්දට වැටෙනවා. අම්මා විනායක්ට කියනව “ආයෙ කිසිම දවසක කවදාවත් තුම්බාද් වලට යන්න එපා” කියල. එහෙම කියල දෙන්න එක්කම පූනේ වලට යනව අර මහලු කාන්තාවව තුම්බාද්වලම තියලා.
අවුරුදු පහලවකට පස්සෙ, දැන් විනායක් වැඩිහිටියෙක්. එයා අම්ම කිව්ව දේ අමතක කරල ආපහු තුම්බාද්වලට යනව දුප්පත්කමෙන් බේරෙන්න හිතාගෙන. ඒ අවුරුදු ගානට පස්සෙත් එයාලව අතෑරල දාලා ආව අර වයසක කාන්තාව ජීවත්වෙල ඉන්නව දකින විනායක් පුදුම වෙනව. ඒ කාන්තාවගෙ ඇඟ ඇතුලෙ ගහක් පැලවෙන ගමන් තියෙන්නෙ. ඒ කාන්තව විනායක්ට කියනව “උඹ නිධානෙ වැරදිලාවත් අල්ලන්න තියා හිතන්නවත් එපා, එහෙම උනොත් උඹටත් මං වගේම යකෙක් වෙන්න තමා වෙන්නෙ” කියලා.
මේ කාන්තාව විනායක්ට කියනව හස්ටාර් හැංගිල ඉන්නව කියල පෞරාණික ලිඳක් තියන තැනකට යන පාර. විනායක් දැනගන්නව හස්ටාර් ධාන්‍ය පිටි වලට බයයි කියල. ඒ නිසා එයා පිටි වලින් බෝනික්කො හදනව හස්ටාර්ව බයකරන්න හිතාගෙන.ඒ වගේම එයා ආරක්ෂාව සඳහා ඒ පිටි වලින් හදපු වලල්ලක් ඇතුලට වෙලා තමයි ඉන්නෙ. බෝනික්කන්ට බයවෙලා හස්ටාර් පැනල ගියයින් පස්සෙ විනායක් හස්ටාර් ලඟ තිබුණ රන් කාසි හොරකම් කරල අරගෙන එනවා. එහෙම අරගත්ත කාසිවලින් විනායක් තමන්ගෙ ණය ගෙවල ඉවර කරනව. සල්ලි හදිසියක් එන හැමවෙලාවකම තුම්බාද්වලට එන විනායක් හස්ටාර්ගෙන් සල්ලි මෙහෙම හොරකම් කරගෙන යනවා.
කොහොමහරි මෙයා මෙහෙම ණය බේරන එක මනුස්සයෙක් වෙන්නෙ රාගව්. රාගව්ට හරි ප්‍රශ්නයක් එක පාර දුප්පතෙක් විදියට ඉඳපු මනුස්සයට රන් කාසි ලැබෙන්නෙ කොහෙද කියල. ඉතින් දවසක් විනායක් තුම්බාද්වලට යද්දි රාගව් හොරෙන් විනායක් පස්සෙ යනවා. විනායක් රාගව්ව රවට්ටල එයාව නිරායුධව හස්ටාර් ලඟට යනව. හස්ටාර් අල්ලපු පාර රාගව් අර වයසක කාන්තාව වගේම යකෙක් බවට පත්වෙනවා.
විනායක් රාගව් ව පණ පිටින් පුච්චල දාලා ඉවරයක් කරනවා.
1947 අවුරුද්දෙදි විනායක් එයාගෙ පුතා වෙච්ච පණ්ඩුරංගව පුහුණු කරනව හස්ටාර්ගෙන් ධනය හොරකම් කරන් එක්ක. එයා කියනව පිටි බෝනික්කන්ව කීයටවත් පහලට අරගෙන එන්න එපා කියල. හැබැයි මේ පුතා තාත්තට හොරෙන් ඒක කරනවා. කොහොමහරි ඒ වෙච්ච වරද නිසා හස්ටාර් මෙයාලට පහර දෙන්න එද්දි බොහොම අමරුවෙන් තමා බේරිලා යන්නෙ.පණ්ඩුරංග තාත්තට කියනව අපි හස්ටාර් රන් කාසි හංගල තියෙන්න මල්ල එකපාර හොරකම් කරමු කියල. ඉතින් මෙයාලා හස්ටාර්ව බයකරන්න සෑහෙන ප්‍රමානයක් පිටි බෝනික්කන්ව හදනවා.
හැබැයි වැඩේ පත්තු වෙන්නෙ මෙයාල නොහිතපු විදියට හස්ටාර් එක එක විදියට එක එක තැන්වලින් මතුවෙන්න ගත්තම.
ඇත්තටම හස්ටාර් කවුද කියල හිතාගන්න තාත්තටයි පුතාටයි හිතාගන්න බැරිවෙනව.
ඉතින් මොකද හිතන්නෙ හස්ටාර්ගෙන් බේරිලා, රන් කාසිත් අරන් පණ බේරන් එක්ක තාත්තටයි පුතාටයි පුලුවන් වෙයිද?