මුස්ලිම් ක්‍රමයට උම්බලකඩ සම්බෝලය – maasi poriyal හදමු 

ශ්‍රී ලාංකීය අපේ ආහාර සංස්කෘතිය විවිධ රටවල් වල, විවිධ ජාතීන්ගේ කුළුබඩු, ඉවුම් පිහුම් ක්‍රම, රස රහස් සම්මිශ්‍රණයත් එක්ක රසවත් වෙලා තියනව කියල අපි කවුරුත් දන්නවනේ.

ඒ නිසා, කිරිබත් වගේම බිරියානි, පාස්තා, ඉට්ලි, තෝසේ වගේ ආහාර දැන් අපිට ගොඩක් හුරුපුරුදුයි. 

Smart lady අපි අද ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන maasi poriyal එහෙමත් නැත්නම් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය මුස්ලිම් ක්‍රමයට හදන උම්බලකඩ සම්බෝලෙත් ඒ වගේම අපිට හුරුපුරුදු රසකින් හදන වෙනස් කෑමක්. 

එහෙනම් මුලින්ම බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

සිහින්ව ලියාගත් රතු ලූණු 300g ක් 

සිහින්ව ලියාගත් උම්බලකඩ / උම්බලකඩ කුඩු 150g ක් 

සිහින්ව ලියාගත් සුදූළූණු බික් 05 ක් 06 ක් 

කරපිංචා ඉති 04 ක 05 ක කොළ

අඟලක පමණ රම්පා කැබලි 02 ක් 

කෑලි මිරිස් 30g ක් 

දෙහි ගෙඩියක යුෂ

ලුණු කුඩු

තෙල්

සාදාගන්නා ආකාරය

මුලින්ම, තෙල් තාච්චියක් ලිප තබා එයට ගැඹුරු තෙලේ බැඳීමට අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරගන්න. 

තෙල් රත්වූ විට සිහින්ව ලියාගත් ලූණු එයට එකතු කර රන්වන් පාට වනතුරු බැඳගන්න. 

රන්වන් පැහැ ලූණු තෙලෙන් ඉවතට ගෙන සිහින්ව ලියාගත් සුදුළූණු තෙලට දමා සුදුළූණුත් රන්වන් පාට වනතුරු බැඳගන්න.

බැඳගත් සුදුළූණු තාච්චියෙන් ඉවතට ගෙන ගින්දර නිවා එයට කරපිංචා සහ රම්පෙ කොළ දමා තදකොළ පාට වනතුරු බැඳගෙන ලිපෙන් ඉවත් කරගන්න. 

දැන් තරමක් විශාල භාජනයක් ගෙන එයට බැදගත් ලූණු, සුදුළූණු, රම්පෙ, කරපිංචා, උම්බලකඩ, කෑලි මිරිස්, රස අනුව ලුණු කුඩු සහ දෙහි යුෂ එකතු කර අතින් හොඳින් කලවම් කරගන්න. 

ඔන්න දැන් අපි maasi poriyal හදාගෙන ඉවරයි.

එහෙනම්, මේ විදිහට උම්බලකඩ සම්බෝල හදල බලමු නේද?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles