ශරීරයේ බර අඩුකර ගැනීම තරම් ජනප්‍රිය මාතෘකාවක් තවත් තියෙනවද කියලා හිතෙන තරමටම ජනප්‍රිය මාතෘකාවක්. ඒ සදහාම සැකසුණු ආහාර පාලන විධික්‍රමත් ඕනෑ තරම්.. නමුත් ගැටලුව පටන් ගත්තට මේ දේවල් අවසන් වන තෙක් ක්‍රමානුකූලව නොකීරීම. මේ නිසාම අපි හිතුව සෞඛ්‍යමත් ජීවන රටාවක් සදහා වැදගත් වන මූලික සංකල්ප කිහිපයක් ඔබට හදුනවා දීමට. මේ මුලික සංකල්පයන් දෛනික ජීවන රටාවට එක් වන විට ඔබේ ශරීියේ අනවශ්‍ය බරත් අඩු වෙන්නේ නොදැනුවත්මයි…
අපි හිතුවා මේ සියල්ලම විස්තර කරන්නේ නැතිව ඒවා මොනවාද කියලා ඔබට කියන්න. සමහර විට මින් කිහිපයක් හෝ ක්‍රියාවට නංවන්නට ඔබට හැකියාව තියෙනවා. මේ සටහන ඔබේ සටහන් පොතට රැගෙන නිතරම කියවන්න. හැකිතරම් කෙටියෙන් ලියාගන්න. ඔබ ක්‍රමක්‍රමයෙන් ක්‍රියාත්මක කරන දේවල් සලකුණු කරන්න. වඩාත්ම ඔබට පහසු යැයි හැඟෙන දෙය පළමුව ක්‍රියාත්මක කරන්න. ක්‍රම ක්‍රමයෙන් ඔබ එකින් එක වැඩි කරන්න. මසකට වරක් බර බලමින් ජයග්‍රහණය සමරන්න.
අමතක කරන්න එපා. මෙය ඉතාමත්ම ප්‍රතිපලදායක් ක්‍රමයක් ලෙසට පිළිගෙන ඇති බවත්.
- නිතර ජලය පානය කරන්න. පරිවෘතිය ක්‍රියා වේගවත් වන නිසා අමතර කැලරි දහනය වනවා .
- බිත්තර ආහාරයට ගැනීම
- කළු කෝපි බොන්න
- හරිත තේ බොන්න .
- පොල්තෙල් වලින් කෑම පිසින්න .
- සීනි අවම කරන්න .
- කබෝහයිඩ්රේට් සීමා කරන්න .
- අවට සෞඛ්‍ය සම්පන්න ආහාර නිතරම අවට ගබඩා කර තබාගන්න
- මිරිස් සහිත සැර ආහාර වේලක් ලබාගන්න .
- ස්වායු ව්‍යායාම් වල නියැලෙන්න .උදාහරණ ඇරබික්ස් ව්‍යායාම
- බර එසවීමේ ව්‍යායාම කරන්න .
- තන්තු අඩංගු ආහාර වැඩිපුර ගන්න .
- වැඩිපුර එළවලු සහ පළතුරු ආහාරයට ගන්න .
- සෙමෙන් සපන්න .ආහාර වේගයෙන් ,ඉක්මනින් අනුභව නොකරන්න .
- ප්‍රමාණවත් නින්දක් ලබාගන්න .
- කෑම පාලනය වෙනුවට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගන්න .මනස නිරෝගිව තබාගන්න .
- ආතතිය පාලනය කරගන්න .ඒ ගැන නිරතුරුව අවධානයෙන් සිටින්න .නින්දට පෙර නින්දට සුදුසු සංගීතයකට සවන් දෙන්න .
අමතක කරන්න එපා. ඔබේ දියුණුව සටහන් පොතක සටහන් කර ගන්න. ඔබේ හැකියාව ගැන ආඩම්බර වන්න.
– ඉරේෂා –