මේ දවස්වල ලංකාව පුරාම අතිශයින් ජනප්‍රිය වෙමින් පවතින චීන, ජපන්, කොරියන් ආහාර වර්ග හදද්දී චිලි ඔයිල් නිතරම භාවිත කරනව ඔබ දැකල ඇතිනෙ.
චිලි ඔයිල් කියන්නේ නූඩ්ලස්, ෆ්‍රයිඩ් රයිස් හදද්දී බිත්තර බුල්සායි කරද්දි, කෘතිම රසකාරක වෙනුවට භාවිත කරන්න පුළුවන් රස වගේම අපිට පුරුදු සැර පිරුණු අමුද්‍රව්‍යයක්.
වෙළඳපොළෙන් චිලි ඔයිල් මිලදී ගන්නවට වඩා නිවසේදීම සෞඛ්‍යාරක්ෂිතව වගේම පිරිසිදුව චිලි ඔයිල් හදාගන්න පුළුවන් නම් smart ඔබ ගොඩක් කැමතියි කියල අපි දන්නවනේ.
අන්න ඒ නිසාම ගෙදරදිම ඉතාම පහසුවෙන් චිලි ඔයිල් හදාගන්න විදිහ කියල දෙන්නයි අපි මේ සූදානම් වෙන්නෙ.
මුලින්ම අපි බලමු අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල?
අවශ්‍ය ද්‍රව්‍ය
කෑලි මිරිස් මේස හැඳි 08 ක්
කුඩා කැබලි වලට කපාගත් සුදුලූණු මේස හැඳි 02 ක්
සෝයා සෝස් මේස හැඳි 01 ක්
තෙල් කෝප්ප 01 ½ ක් (එලවළු තෙල්, කැනෝලා තෙල් හෝ රටකජු තෙල් නම් වඩා හොඳයි)
ලුණු කුඩු තේ හැඳි ½ ක්
ගබඩා කරගැනීමට, හොඳින් සෝදා වතුර ඉවත්වන තුරු වියළාගත් වීදුරු බෝතලයක්
සාදාගන්නා ආකාරය
මුලින්ම, වීදුරු, සෙරමික් හෝ රස්නයට ඔරොත්තු දෙන භාජනයක් ගෙන එයට කෑලි මිරිස්, සුදුලූණු සහ සෝයා සෝස් එක්කර හොඳින් කලවම් කරගන්න.
ඉන්පසු භාජනයක් ලිප තබා එයට තෙල් එකතු කරගන්න.
පොල්කටු හැන්ඳක මිට කොටස වැනි ලී දන්ඩක් තෙල් තුළට දැමූ විට කුඩා බුබුළු නඟන උෂ්ණත්වයට පත්වන තෙක් තෙල් ටික රත්කර ගන්න.
දැන්, ඒ රත්වූ තෙල් ටික කලවම් කරගෙන තබාගත් කෑලි මිරිස් මිශ්‍රණයට දමා එසැණින් හොඳින් කලවම් කරගන්න.
(එවිට කෑලි මිරිස් පිළිස්සෙන්නේ නැත)
ඔබේ රස අනුව ලුණු කුඩු එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.
නිමුණු පසු තෙල් සහ කෑලි මිරිස් මිශ්‍රණයත් සමඟම බෝතලයට දමා වාතය ඇතුළු නොවන සේ පියන හොඳින් වසා තබාගන්න.
කෑලි මිරිස් සහ සුදුලූණු මිශ්‍රණය හොඳින් වැසෙන සේ තෙල් තිබිය යුතුයි.
චිලි ඔයිල් ඉවතට ගැනීමේදී පිරිසිදු වියළි හැන්ඳක් භාවිතා කර යුතුයි.
මේ විදිහට සාදාගත් චිලි ඔයිල් මාස 02 ත් 03 ත් අතර කාලයක් දක්වා තබාගන්න ඔබට පුළුවන්.
එහෙමනම්, මේ විදිහට චිලි ඔයිල් හදල බලල අපිත් එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.
සටහන – දුලානි නවෝද්‍යා