යළි ඉපදීම ඇත්තක් කල ඉන්දියාවෙන් ඇහෙන අමුතු කතාව

යළි ඉපදීම, එහෙම නැත්තම් Reincarnation කියන්නෙ අපේ හිත් කොහොමත් තිගැස්සීමකට, කුතුහලයකට ලක්කරන මාතෘකාවක්. විවිධ ආගම් අනුව මේ යළි ඉපදීම විවිධාකාරයෙන් විග්‍රහ කරල තිබුණට ඒ ඔස්සේ ගොඩනැගුණ සාහිත්‍ය කෘති, මතවාදයන් ඔස්සේ යළි ඉපදීම කියන කාරණාව අපේ හිත් ඇතුලෙ ගැඹුරුම තැනක පිහිටල තියෙන්නෙ කුතුහලය ඕනවටත් වඩා මතුකරලමින්.

ඉතින් මේ කතාවත් ඒ වගේ එකක්. ඇහෙන්නෙ ඉන්දියාවෙන්.

සුමිත්‍රාගේ කතාව

ඒ 1984 අවුරුද්ද. සුමිත්‍රා ජීවත්වුනේ ඉන්දියාවෙ හිමාල කඳුකරයට දකුණු පැත්තෙ තිබ්බ දුශ්කර ගම්මානයක. සුමිත්‍රා දෙසැම්බර් මාසෙ පුංචි පුතෙක්ව මේ ලෝකෙට අරගෙන එනව. සුමිත්‍රා ඉස්සර ඉඳල හරිම ආසාවෙන් හිටියෙ තමන්ගෙ දරුවෙක් නලවන්න. ඒ නිසාම එයා මේ පොඩි දරුවට හරිම ආදරේ කරා. යන හැම තැනකම ගියේ ඒ දරුවව පපුවට බැඳගෙන. ගෙදර වැඩ අඩු වෙලාවට කොහොමහරි වෙලාව අරගෙන දරුවා එක්ක සෙල්ලම් කරන්න, දරුවව හුරතල් කරන්න සුමිත්‍රා අමතක කලේ නෑ.

සුමිත්‍රලා ජීවත් උනේ සැප පහසුකම් එක්ක නෙවෙයි. එයාලගෙ ගමේ මිනිස්සුන්ට හරියට විදුලිය තිබුනෙ නෑ. විධිමත් අධ්‍යාපනය කියන දේ සුමිත්‍රලා දැක්කෙ හීනයක් විදියට.ජීවත් උනේ පිදුරු හෙවිල්ලපු මැටි ගෙවල් වල. සාපේක්ශව අනිත් අයටත් වඩා සුමිත්‍රගෙ ජීවිතේ දුක්බර උනේ එයා පොඩි කාලෙම අම්මා නැතිවෙලා නෑයො ළඟ හැදෙන්න උන නිසා.

කසාද බැන්ද උනත් සුමිත්‍රගෙ සැමියා වැඩ කලේ දුර පලාතක. ඉතින් සැමියගෙ මව් දෙමව්පියො එක්ක එක ගෙදර ඉන්න සුමිත්‍රට සිදු උනාට එයාගෙ පාලුව තනිකම ඒකෙන් මැකුනෙ නෑ. ජීවිතේ පලවෙනි වතාවට දරුවා හන්දා තමා සුමිත්‍රාට තමන්ගෙ සතුට, සැනසීම හොයාගන්න පුලුවන් උනේ.

හැමදේම වෙනස් වුණේ 1985 දි

දරුවා එක්ක සන්තෝසෙන් සුමිත්‍රා ගෙවමින් උන්න ජීවිතේ වෙනස් උනේ 1985 අවුරුද්දෙදි. දවසක් දරුවවත් පපුවට බැඳගෙන වතුර අරගෙන එන්න බාල්දියකුත් අරගෙන යන ගමන් උන්නු සුමිත්‍රා එක පාර පාරෙ මැද ගල් ගැහිල වගේ නතර උනා. වටේ හිටිය මිනිස්සු හැමෝම බැලුවෙ බාල්දිය අතෑරෙන සද්දෙට. පාරෙ මැද්දෙ ගල් ගිලල වගේ හිටගෙන ඉන්න සුමිත්‍රා ලඟට ඇවිත් කට්ටිය කතා කරලා ඇහුවා “සුමිත්‍රා ඇයි?” කියල.

ඒත් සුමිත්‍රා නෙවෙයි උත්තර දුන්නෙ. එයා දිගටම හිටියෙ සද්ද නැතුව.

ඒ විතරක් නෙවෙයි සුමිත්‍රගෙ අතේ ඇඟිලි තිබ්බෙ පිටිපස්සට නැමිලා. කැඩිල යන්න ඔන්න මෙන්න වගේ. ඇස් අනිත් පැත්ත හැරිලා. දත් මිටිකාගෙන උන්නු සුමිත්‍රාව දැක්ක ගමේ මිනිස්සුන්ට මෙතන මොකක් හරි ප්‍රශ්නයක් බව තේරුණා. කටස් කටස් ගගා දත් මිටි කන ගමන් හක්ක දෙපැත්තට කර කර උන්නු සුමිත්‍රාගෙ අතේ උන්නු දරුවා මහ හයියෙන් කෑගහ ගහ ඇඬුවෙ හරියට තමන්ගෙ අම්මට උන කරදරේ අඳුරගත්තා වගේ.

සුමිත්‍රා වටේ මිනිස්සු සෑහෙන්න පිරිලා උන්නෙ “මේ මොකද්ද වෙන්නෙ?” කියල හිතාගන්න බැරුව.

විනාඩි ගාණකට පස්සෙ ආයෙ සිහිය ආව සුමිත්‍රාට හිතාගන්න බැරිඋනා ඇයි දරුවා අඬන්නෙ, ඇයි තමන් මග නතරවෙලා ඉන්නෙ සහ ඇයි මිනිස්සු වටවෙලා ඉන්නෙ කියල. ලැජ්ජාව නිසාම හනික බාල්දිය අතට ගත්ත සුමිත්‍රා සෙනග අස්සෙන් ආපහු ගෙදර ආවා.

සුමිත්‍රා මේ කතාව ගෙදර කාටවත් කිව්වෙ නෑ. කියන්නවත් අඩුම තරමෙ උනේ මොකද්ද කියලා සුමිත්‍රා දැනගෙන උන්නෙ නෑ. එයා හිතුවෙ දරුවෙක් ලැබුන මහන්සිය, ගෙදර වැඩ නිසා වෙච්ච මහන්සිය නිසා දෙයක් උනා කියල විතරයි.

හැබැයි ඒ ආයෙමත් දවසක එහෙම දෙයක් වෙනකම් විතරයි. ඊලඟ වතාවෙ මේ අද්භූත සිදුවීම වෙද්දි සුමිත්‍රා හිටියෙ ගෙදර. මේ වතාවෙ මේ සිදුවීම කලින්ට වඩා වැඩි වෙලාවක් තිබුනා. ඒ සිදුවීම දැක්කෙ සුමිත්‍රාගේ මාමණ්ඩි. කුස්සියට යද්දි ඇස් අනිත් පැත්ත හැරිලා, ඇඟිලි කැඩෙන්න ඔන්න මෙන්න අනිත් පැත්ත හැරුණ සුමිත්‍රාව දැකපු ඒ මනුස්සය මුලින් බය උනා. විනාඩි දහයක් විතර හොලවල සුමිත්‍රාව ඇහැරවන්න උත්සහ කරත් ඒක හරිගියේ නැති තැන මාමණ්ඩි උන්නෙ හරිම බයෙන්.

සිහිය ආවට පස්සෙත් සුමිත්‍රාට මතක තිබුණේ නෑ මොකද උනේ කියලා.

නිතර නිතර එහෙම දේවල් උනා

1985 අවුරුද්දෙ මැයි මාසෙ පටන් ගත්තා මේ සිදුවීම එක්ක ඉන්පස්සෙ සුමිත්‍රාට සතියකට වතාවක් වගේ මේ වගේ දේකට මුහුණ දුන්නා. හැබැයි ඒ මොකද්ද කියල පැහැදිලි කරන්න සුමිත්‍රාටවත් වෙන කෙනෙක්ටවත් තේරුණේ නෑ. ඒ වගේම පස්සෙ පස්සෙ මේ වගේ ට්‍රාන්ස් අතරවාරයෙදි සුමිත්‍රා කෑගහන්න පටන් ගත්තා. උදව් ඉල්ලන්න පටන් ගත්තා.ඔලුව පොඩි වෙලා තියෙන බවත්, උදව් කරන්න කෙනෙක් ඕන බවත් කියන්න සුමිත්‍රා පටන් ගත්තා.

“මට පේන හැමදේම අඳුරුයි” කියලා සුමිත්‍රා කිව්වා.

සුමිත්‍රව දේශීය වෛද්‍යවරුන්ට පෙන්නුවට මොකද්ද මේ වෙලා තියෙන්නෙ කියල කියන්න එයාට තේරුනේ නෑ.මෝහනය උනත් සුමිත්‍රා උන්නෙ හොඳ සුවෙන්.  මේ මෝහනය අතරවාරෙ කතාකරපු සුමිත්‍රා කිව්ව දේකින් තමයි මිනිස්සු හැමෝම කලබල උනේ.

“දවස් තුනකින් මම මැරෙනවා” සුමිත්‍රා දවසක් එහෙම කිව්වා.

මේ හැමදේම නිසාම සුමිත්‍රා වගේම ගෙදර අය හිටියෙත් පිස්සු හැදිල ඔලුව විකාර වෙලා වගේ. තමන් මෝහනය වෙන එකෙන් දරුවට කරදරයක් වෙයි කියන බය හන්දා සුමිත්‍රා හිටියෙ දරුවවත් තමන්ගෙන් ඈත් කරලා. දරුවව බලාගන්න උනේ නැන්දම්මට. ඒ විතරක් නෙවෙයි මේ හැමදේම නිසා සුමිත්‍රාගෙ සැමියට රස්සාවට නොයා ගෙදර නතර වෙලා ඉන්න උන හන්දා ගෙදර හැමෝම උන්නෙ ප්‍රශ්න ගොඩක.

මැරෙන්න තිබුන දවස

තමන් දින තුනකින් මැරෙන බව කියපු දවස ආවම සුමිත්‍ර පරිස්සම් උනේ පුදුම විදියට.එයා ලිප ලඟට ගියේ නැ පිච්චිල මැරේවි කියල හිතලා. කැඩෙන්න පූලුවන් බැමි, වැටෙන්න පුලුවන් උස් බැමි ලඟට ගියෙත් නෑ.දරුවගෙනුත් ඈත්වෙලා සුමිත්‍රා උන්නෙ.

හවස් වෙද්දිත් සුමිත්‍රා හොඳට උන්නු හන්දා කට්ටිය රෑ සාමාන්‍ය විදියට ඉන්න ගත්ත. අන්න ඒ වෙලාවෙ තමා නොහිතුව දේ උනේ. සුමිත්‍රා ටිකක් එලියට ගිහින් එන්නම් කියල එලියට ගියාම දකිනව යාලුවෙක් ඉන්නවා. යාලුව එක්ක කතා කරන්න හිතාගෙන ඒ පැත්තට යද්දි තමයි සුමිත්‍රාට ආයෙ ඇටෑක් එකක් එන්නෙ. සුමිත්‍රා වෙනදටත් මෝහනය වෙනව දැකල තියෙන නිසා යාලුවා ඒක වෙනසක් වගේ නොදැක්කත් වෙනදට වඩා වෙනසක් සුමිත්‍රාගෙ තිබ්බා. එකපාර අත්දෙක උඩට උස්ස ගත්ත සුමිත්‍රා ඔලුවට ගහගෙන ගහගෙන ගියා. ඇස් අනිත් පැත්තට ගියා. කටෙන් පිටවුණේ බයානක සද්දයක්. ඔලුවට ගහගෙන ගහගෙන ගිය සුමිත්‍රා එකපාර හුස්ම ගන්න එක නතර කරලා නිසොල්මන් උනා.

එයාගේ යාලුවගෙ කෑගැහිල්ලට තමා ගෙදර අය දුවගෙන ආවෙ. ඒ වෙද්දිත් සුමිත්‍රා උන්නෙ ගලක් වගේ වෙලා, හුස්ම ගන්නෙ නැතුව. හරියට මැරිලා වගේ.

දොස්තර කෙනෙක්ව අරගෙන එන්න ගිය ගෙදර අය දොස්තර කියන්නෙ මොකද්ද කියල බලන්න පුදුමාකාර කම්පනයකින් උන්නේ.

“එයා මැරිලා” ඒ වචන දොස්තරගෙ කටෙන් පිට වුනත් එක්කම සුමිත්‍රාගෙ පවුලෙ හැමෝම අඬා වැලපෙන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි හරියටම මෙන්න මෙදාට තමන් මැරෙනව කියන කිව්ව එක ගැන මිනිස්සු පුදුම වගේම බය උනා.

සුමිත්‍රාගේ මරණය

ඉන්පස්සෙ මුලු ගමම ලෑස්ති උනේ සුමිත්‍රාගෙ මරණයට. මල සිරුරු නිසි පරිදි භූමදානය කරන පහසුකම් තිබ්බෙ නැති හන්දා ගමේ මිනිස්සුම තමා මේ වැඩේට ආවෙ. එයාලගෙ චාරිත්‍ර අනුව ඇඟේ තෙල් එහෙම ගාලා, සෝදල කරල සුමිත්‍රව එයාගෙ අවසන් ගමනට සූදානම් කරන්න මිනිස්සු ලෑස්ති උනා.

ඒත් වුනේ නොහිතුව දෙයක්.

බිම වැතිරිල පන නැතුව උන්නු සුමිත්‍රාගෙ ඇඟේ සුගන්ධ තෙල් ගගා උන්නු කාන්තාවක් දකිනව ඇස් වහගෙන හිටියත් සුමිත්‍රාගෙ ඇස් ඇතුලෙන් කලු ඉංගිරියාව එහෙ මෙහෙ කරන චලනයක්.

බයවෙන්න මහවෙලාවක් යන්නෙ නෑ. “සුමිත්‍රා මරණයෙන් නැගිටලා” කතාව ගම පුරා යන්නෙ හුලඟට වඩා වේගයෙන්.

මරණයෙන් නැගිට්ටෙ සුමිත්‍රාමද?

සුමිත්‍රා මරණයෙන් නැගිට්ට බව දැනගත්තම සතුටු වෙච්ච සුමිත්‍රගෙ සැමියා ඉස්සරහට එනවා සුමිත්‍රව බදාගන්න. ඒත් සුමිත්‍රා රඟපාන්නෙ එයා තමන්ගෙ සැමියව අඳුරගත්තෙ නෑ වගේ. සුමිත්‍රව පරීක්ශා කරන්න ආව දොස්තර කියනවා සුමිත්‍රා කම්පනයක ඉන්නෙ, ඒකයි ඔයාලට බයෙන් ඉන්නෙ එයාලට විවේක ගන්න දෙන්න කියලා.

ඒ විදියට නින්දට යන පස්සෙන්දා උදේ ඇහැරෙන සුමිත්‍රා තමන් ඉන්න තැන සහ වටේ ඉන්න මිනිස්සු දැකල බයවෙනවා. “ඔයා මගේ සැමියා නෙවෙයි, ඔයා මගේ නැන්දම්මා නෙවෙයි” කියන සුමිත්‍රා ගෙදරින් පැනල යනවා. ඒත් ගෙදර අයට පුලුවන් වෙනවා පස්සෙන් ගිහින් සුමිත්‍රව අල්ලගෙන විස්තර අහන්න.

“මේ මගේ ගෙදර නෙවෙයි, මම ඔයාලව දන්නෙ නෑ” කියල සුමිත්‍රා කියන කතාවෙ තේරුම කාටවත් තේරුම්ගන්න පුලුවන් වෙන්නෙ නැ.

මාස තුනකට පස්සෙ

මේ සිදුවීම්වලින් පස්සෙ, මාස තුනකින් සුමිත්‍රාගෙ ගෙදරට මනුස්සයෙක් එනවා. එයාගෙ නම රාම් ත්‍රිපාති. සුමිත්‍රගෙ ගෙදර අයගෙන් ඇවිත් මෙයා වෙච්ච හැමදේම ගැන විස්තර අහනවා. මිනිස්සු පුදුම වෙනවා මේ මනුස්සය සුමිත්‍රව දන්නෙ කොහොමද කියලා. මෙහෙම කෙනෙක් ඇවිත් කියල දැනගත්ත ගමන් සුමිත්‍රා දුවගෙන එනවා.

අන්න එතනදි තමා “වෙන්න පුලුවන්ද?” කියල සැක හිතෙන අන්දමේ කතාවක් ගැන හැමෝටම විස්තර එළිවෙන්නෙ.

රාම් ත්‍රිපාති ලඟට යන සුමිත්‍රා රාම්ට කතාකරන්නෙ තාත්තෙ කියලා. රාම් අඳුරගන්නවා මේ ඉන්නෙ සුමිත්‍රා නෙවෙයි තමන්ගෙ දුව උන ශිවා  බවත්. ශිවාව මීට ටික කාලෙකට කලින් එයාගෙ නෑන විසින් මරල දාල තියෙන බව රාම් කියනවා.

එතකොට මේක පුනරුප්පත්තියක්ද? පුනරුප්පත්තිය කියන්නෙ වෙන්නා පුලුවන් දෙයක්ද කියල කට්ටියටම හිතෙන්නෙ මෙන්න මේ වෙලාවෙ.

ශිවාගෙ මරණය සැකසහිත බවත්, ඒකට සැක කරුවන් විදියට එයාගෙ පවුලෙ අයවත් සැක කරන බවත් මෙතනින් පස්සෙ එළිවෙනවා. ඒ වගේම කවදාවත් ශිවාව නොදැක්ක සුමිත්‍රා හරියටම කියන දේවල් එක්ක සුමිත්‍රගෙ ඇඟ ඇතුලෙ ජීවත්වෙන්නෙ ශිවා බව හැමෝටම තේරුම් යනවා.

ඉන්පස්සෙ මැරෙන දවස වෙනකම්ම සුමිත්‍රා ජීවත්වෙන්නෙ ශිවා වෙලා.

වර්ජිනියා විශ්ව විද්‍යාලයේ පරීක්ශක කණ්ඩායමක් මේ සිදුවීම ගැන පරීක්ෂණ කරල “දැනට වඩාත්ම පිළිගන්න පුලුවන් පුනරුප්පත්ති කතාව” විදියට මේ ශිවා – සුමිත්‍රා කතාව ප්‍රසිද්ධ වෙනවා.

Related Articles

Don't Miss


Latest Articles