නුඹ තරම් ප්‍රේමයක් – 8

අට වන නෙත් සේයාව

චත්‍ර තමා වෙතට එත්ම අයත්මා ආපසු හැරි කාමරයට යන්නට උත්සාහ කලාය. නිමලා අම්මා සිටින්නේ උඩු මහලේ කාමරය තුළ දොර වසාගෙන විය යුතුය. වැස්සේ හඬ නිසා ඇයට මේ කිසිවක් නෑසෙනා බවට සැක නැත. චත්‍ර සිටින්නේ බීමතිනි. වහා ඔහුගෙන් දුරස් ව කාමරය තුළට වැදී දොර වසා ගැනීම කල යුතු බව අයත්මාගේ ස්ත්‍රී මොලයට වැටහුණි. එහෙත් චත්‍ර ඉක්මන් විය. 

ඔහු අයත්මා සමඟම කාමරය තුලට පැන්නේය. අයත්මාගේ මුව සිර වෙන්නට අල්ලා ගත්තේය. ඔහුට එවෙලෙහි වූයේ සිහියත්, අසිහියත් අතර වන ශක්තියකි. ඒ ශක්තිය සමඟ ගැටෙන්නට අයත්මාට කෙලෙසකවත් හැකි වූයේ නැත.

එහෙත් අයත්මා නිසොල්මන් වූයේ නැත. ඕ දඟලමින් මිදෙන්නට උත්සාහ දැරුවාය. චත්‍රගේ එක් අතක් පමණක් ඇය මෙල්ල කරන්නට යෙදී තිබීම ඇයට වාසියක් වුවද, චත්‍ර උන්නේ කොහොමටත් ඇයට පැරදවිය නොහැකි හයියක් එක්කය.

ඔහු ඕ කරකවා තමා සමීපයට වන සේ හරවා ගත්තේය. ඇය ඉන්නේ චත්‍රට පිටුපා ඔහුගේ ගතට තදවීගෙනය.  ඇගේ මුව මත වූ අත බුරුල් නොකරම උන්නේය. කුස මතින් වූ දකුණත වූයේ ඇගේ දෑත් දෙකම සිර කරගෙනය. දෙපා දෙපා අතරට සිර කරගෙන ඔහු බිත්තියට හේත්තු වූයේය. අයත්මා මුවින් හඬ නඟන්නට උත්සාහ කලාය. එහෙත් කිසිවක් හඬක් ලෙසින් පිට වූයේ නැත.

“අයූ …. ඇයි මාව තේරෙන්නේ නැත්තේ…? මම ඔයාට කොච්චර ආදරේද කියලා ඇයි නොතේරෙන්නේ ළමයෝ ..?…”

ඔහු ඇගේ උරිස්ස මතින් මුහුණට එබුනේය. මුවින් වහනය වූ මත්පැන් ගන්ධය අයත්මා ඉවසූයේ අසීරුවෙනි. එය ඉක්මවන බියක් ඇය තුළ නොවූවා නොවේ, එහෙත් ඕ ඒ බිය බිඳකුඳු නොපෙන්වා සිටින්නට තරම්  දක්ශ වූවාය.

“අයූ ?..කෑ ගහන්න එපා ප්ලීස් ..මට කතා කරන්නයි ඕනි … මට කියන්න ඇයි ඔයා අරූ එක්ක බයික් එකේ යන්නේ ?  කියන්න බබා ඇයි ? …”

අයත්මා දඟලන්නට උත්සාහ කලාය. එහෙත් චත්‍ර එවෙලෙහිත් වඩා සවිමත් විය. ලැබුණ එක් අවස්තාවකින්,  එක්වරම ඕ  චත්‍රගේ අත සපා කෑවාය. චත්‍ර වහා අත දමා ගසා ගත්තේය.  ඉන් ඔහු  කෝපයට පත් වූයේය. ඉන් පසුව එලැබුණේ චත්‍රගේ යක්ශයා අවදිවන තත්පර කිහිපයක් ය.

ඔහු වහා ඇය යහන මතට තල්ලු කලේය. මත් පැන් වල අසිහියත්, කලණ සහ අයත්මාගේ යතුරු පැදි සවාරි සිහිවීමේ වේදනාවත්, අයත්මා තමා මායිම් නොකිරීමේ ලැජ්ජාවත් චත්‍රගේ පිරිමි හිතට ඉතා තදින් දැනෙන්නට ගෙන තිබුණි. 

අයත්මා කෑ ගැසුවාය. චත්‍ර ඇගේ කට යලි වැසුවේය. ඒ අතරේ අනෙක් අතින් ඇඟේ උඩුකයෙහි සලු පිළි ලෙහී ගියේය. ලෙහී ගියාය කීවාට, චත්‍රගේ නොසන්සුන් කෝපාග්නි දෑත් ඒවා ඉරා දැම්මේය. අර්ධව ලෙහී යන සලු අස්සෙන් චත්‍ර ඕ තුළට රිංගා ගත්තේ ඇය හඬා වැටෙද්දීය. නෙළුම් මල් පොහොට්ටු පොඩිවිය. අයත්මාට රිඳුණි. එහෙත්, ඔහුට සිහියක් වූයේම නැත. කරන්නේ කුමක්දැයි වැටහුනේද නැත.

“මං ආදරෙයි අයූ .. මං ආදරෙයි ..”

අයත්මා පිළිකුලෙන් කෑ ගසද්දී චත්‍ර කීවේ එපමණකි. අසිහියෙන් වුව යළි යළි කීවේ එපමනකි. චත්‍ර ඔහු හැඳ උන් කමිසය ගලවා දමද්දී අයත්මා උන්නේ භීතිය නිසාත් කම්පනය  නිසාත් අඩපණවය. ඇයට හඬ නැඟුණේ නැත. ඇය පෙරලා දගලමින් සටන් වදින්නට උත්සාහ කලේද නැත.

 චත්‍ර කමිසය ගලවා දමා ඇය දෙස බැලුවේය. ඔහුට අවැසි කුමක්දැයි සැබැවින්ම චත්‍ර  මෙවෙලෙහි නොදන්නේය. 

ඔහු මොහොතකට සසලවූයේය. ඇය උන්නේ අසීරුවෙන් හුස්ම අල්ලමිනි. ඔහුගෙන් ජීවිතය අයදිමිනි. චත්‍ර පියවි සිහියට එලැඹුනේ එවෙලෙහිය. ඔහු වහා  ගලවා දැමූ   කමිසය ඇඳ ගත්තේය. බොත්තම් එකක්වත් නොවැටුණි. ඇඟිලි වෙවුලමින් තිබුණි, ජීවිත කාලය පුරා නුරාවෙන්ද, ප්‍රේමණීය බවින්ද අඩුවක් නැතිව ලයේ තබා උන් ගැහැණිය ජීවිතය යදින්නීය.  තමා කල නොපහත්කමකින් විඳවමින් තමාගෙන්ම ජීවිතය යදින්නීය. ඔහුට කල යුත්තේ කුමක්දැයි වැටහුනේ නැත.

මත් බවක් කොහෙවත් නැති තරමේ සිහියකට චත්‍ර පත් විනි. අයත්මාගේ උඩු කය වැසී තිබුනේ ඉරී ගිය රාත්‍රී ඇඳුමකිනි. චත්‍ර වහා වටපිට බැලුවේය. අල්මාරිය අසලට ගියේය. එය විවෘත කර ටී ශර්ටයක් ගත්තේය. අයත්මාගේ ඉරී තිබූ ඇඳුම ගලවා ඉවත් කලේය.  ටී ශර්ටය හිසෙන් දමා ඉතා ඉක්මනින් එය ඇයට ඇන්දවූවේය. යළි කිසිවක් සිහි වූවාක් මෙන් අල්මාරිය වසා දැම්මේය. ඉන් පසුව  ඉරී ගිය ඇඳුම්ද සමඟම ඇය ඔසවා ගත්තේය. 

අයත්මා කැබ් රියේ තැබූ චත්‍ර අඩියට දෙකට නිවෙසට ආවේය. පොඩිවූ තිබූ ඇඳ ඇතිරිල්ල සැකසුවේය. යළි කැබ් රියට පැන්නේය. ඇද හැලෙමින් තිබූ මහ වැස්ස වගකට නොවීය

වාහනයේ රෝද සලකුණු  මිදුලේ විශාල කාණු දෙකක් වන තරමෙ වේගයකින් ඔහු කැබ් රිය හරවා ගත්තේය. ඕ වේගවත් ගැඹුරු හුස්ම අල්ලනීය. දෑස් දොබ ගෙඩි තරමට වීගෙනය. දෑත් දරදඬුව බව චත්‍රට දැනුණි.

“අයූ … ප්ලීස් … ප්ලීස් … හෝල්ඩ් ඔන් … ප්ලීස් …”

විනාඩි තුනක් ඉක්ම යන්නට පෙර වාහනය ප්‍රධාන මාර්ගයට වැටුණි. චත්‍ර නැවතුනේ තිස්ස නගරයේ වූ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකය.

“මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් .. මම එයාව බලන්න  යනකොට එයා සාලේ ෆේන්ට් වෙලා හිටියා….”

ඔහු වචන පැටලෙමින් කීවේය. වෛද්‍යවරුන්ට ඒ පැටලීම එතරමට අරුමයක් වූයෙ නැත. මෙහෙම වෙලාවක කිනම් හයිකාරයෙකු වුනත් කලබල වන බව වෛද්‍යවරුන් දන්නේ අත්දැකීමෙනි.

“ඕකේ…  කලබල නොවී ඉන්න මිස්ටර් … ඩොක්ටර්ස්ලා පේශන්ව බලාවි ..”

කලබලයෙන් හුස්ම අල්ලමින්, එහෙ මෙහෙ ඇවිදමින් උන්   චත්‍ර ට හෙදියක් යෝජනා  කලාය. එහෙත් චත්‍ර ඒ යෝජනා වගක් වූයේ නැත. තවත් විනාඩියක පමාවක් වූවා නම්…

චත්‍ර හිස  බඳාගෙන රෝහල් කොරිඩෝවේ වූ සැප අසුනකට වැටුනේය. ඇය සදාකාලිකව අහිමි ව ගොස් හමාරය. ඇය මේ සියල්ල අවිශ්කට පැවසූ පසු තමාගේ ජීවිතය කනපිට ගැසෙනු ඇත. අප්පච්චීගේ ප්‍රතිචාරය සිතාගන්නට නොහැක. කම් නැත.. … කම් නැත…. කම් නැතැයි චත්‍ර සිතුවේය. වඩා වැදගත් වන්නේ, ඇය සුවපත් වීමය. ඇය මේ සියල්ල අමතක කරන්නට හැකි තරමින්  ශක්තිමත්ව සුවපත් වීමය.

චත්‍ර යළි හිස බඳා ගත්තේය, මිතුරවන්ගෙන් අඩුවක් නැති වුවද මෙවෙලෙහි ගෙන්වාගත හැකි  කිසිවෙකුත් නැති වග චත්‍ර සිතුවේය. කවුරුන් පැමිණියද  ඉන් අයත්මාට නපුරක් විය හැක.

“පේශන් චුට්ටක් නර්වර්ස් වෙලා .. දැන් හරි …. රූම් එකට ගිහින් කතා කරන්න පුලුවන් ටිකකින්…”

විනාඩි පහළොවකට පසු එළියේ වැටෙමින් තිබූ මහා වැස්සේ සිසිලසෙන් බිඳක් චත්‍රට දැනුණි.

ඔහු වහා අවිශ්කට ඇමතුමක් ගත්තේය.

“කියපං..”

“කොහෙද බං ඉන්නේ?…”

“පොඩි පාර්ටියකට එලියට ආවා බං …..”

“උබ කොහේද කියහංකෝ ….”

” මම මේ වැව පැත්තේ යාලුවෙක්ගේ කොටේජ් එකක ….”

” හරි … මං උබව ගන්න එන්නම් ..”

“ඒ මොන එකකටද බං ?…”

“ලොකේශන් එවල තියහං .. මං එන්නම් …”

“මොකද වෙලා තියෙන්නේ කියහං…..”

අවිශ්ක ඉක්මවා යන්නට නොහැකි විය.

“උබ කලබල නොවී වරෙන් .. මං දැන් ටිකකට කලින් උඹළෑ ගෙදර ගියා… අයත්මා විතරයි හිටියේ… එයා මට යන්න කිව්වා  උඹ නෑ කියලා… ඊට පස්සේ මම කිව්වා උබ එනකල් ඉන්නම් කියලා.. පස්සේ මේකි බං මට බැන බැන කෑ ගහන්න ගත්තා… ඊට පස්සේ එකපාරටම මචං ෆේන්ට් වුනා.. මම බං දැන් එයාව නර්සින් හෝම් ගෙනල්ලා තියෙන්නේ… දැන් අවුලක් නෑ බං … ප්‍රෙශර් වැඩි වුන සීන් එකක් ඩොක්ටර්ස්ලා කිව්වේ..”

අනෙක් පසින් ඇමතුම විසන්ධි විය.  විනාඩි දයක් ඉක්ම ගියේ නැත. අවිශ්ක සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක් කොරිඩෝව දිගේ පැමිණෙමින් උන් හ.

“කෝ නංගී?…”

චත්‍ර වහා ඇය සිටින බවට හෙදියන් පෙන්වූ කාමර පේලිය පෙන්වූවාය, අවිශ්ක ඒ දෙසට ඇවිද ගියේ චත්‍ර පිළිබඳව වගක්වත් නැතිවය.

 ඔවුන් පිටව ගිය පසු චත්‍ර හෙදියක වෙත ගියේය. රෝහල් බිල්පත් ගෙවීම සඳහා සියලු තොරතුරු තමාට යොමු කරන මෙන් පවසා වට්සැප් අංකය ලබා දුන්නේය. අවිශ්ක ආපසු එන්නට පෙර එතැනින් යෑම එව්ලෙහි මතුවන තත්වය පාලනය කර ගැනීමට වඩා සුදුසු දෙය බව සිතුවේය.

චත්‍ර කැබ් රියට ගොඩ වූයේ මද දුරක් වැස්සේ තෙමි ඇවිද ආවාට පසුවය. ඔහු තෙත හිසකේ පිටින්ම අසුනේ පිටුපසට හේත්තු වූයේය. දෑස් පියා ගත්තේය. ඇස් විසල්ව ගොස්, මුව විතව ගොස් වේගවත් හුස්ම අල්ලමින් උන් අයත්මාගේ රුව සැනින් මැවුණි. අඩ නිරුවත් ඇගේ තළෙලු  ගත මැද්දෑවේ වූ සනීප නෙළුම් පොහොට්ටු ඔහුගේ ගත සීතල කර දැම්මේය.

‘……………”

චත්‍ර උස් හඬින්  කෑ ගසා කුණුහරුප පද වැලක්ම කීවේය. ඇය ඇත්තේ බිඳී ගොසින් බවට සැක නැත.  තමා ඇය බිඳ දමන්නට උත්සාහ කලා නොවේදැයි ඔහු ඊළඟට කල්පනා කලේය. චත්‍ර කැබ් රිය හරවා ගත්තේ, යන්නෙ කොහිදැයි නොදැනය. අම්මාද, අන්ංගීද දිගින් දිගටම ජංගම දුරකතනයට අමතයි. කපිලද ඒ අතරේ ඇමතුම් ගන්නේය. චත්‍ර එක් අතකින් සුක්කානම පාලනය කරන අතරේ, අනෙක් අතින් ජංගම දුරකතනය ක්‍රියා විරහිත කලේය. 

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles