බෙඩ් ටයිම් ස්ටෝරි 1

කේක් ගෙඩියක් කළ හදියක්!

ඔන්න කතන්දර අහන්න ආසා පොඩිත්තන්ගේ අම්මලාව අමාරුවේ වැටෙන අවස්ථාවෙන් බේරා ගන්න ස්මාට් ලේඩි උදව් කරනවාඅප දන්නවා ඔබේ කාර්යබහුල බව එක්ක කතන්දර සොයමින් කියවන්නට අපහසු බවඒ නිසා අප ඔබට කතන්දර රැසක් කියා දෙන්නටයි යන්නේඔබ ඔන්ලයින් එන මවක් නිසා විනාඩි කිහිපයක සුළු කාලයකින් ඔබට කියවන්නට පුළුවන් කතාවක් සති පතා අප ඉදිරිපත් කරනවාමීට පෙර අප ඔබට ලියු කතා අපගේ වෙබ් අඩවියේ තිබෙනවාඉතින් ඔන්න මේ ත්‍යාගය ඔබට පමණක් නෙවේ ඔබේ සිඟිත්තාටත් අයිතියිඑපමණක් නොවෙයි ඔබ කාර්ය බහුල වුනත් පොත පත ඔබට හුරු නැති වුවත් ඔබේ දරුවා රසවින්දනයෙන් පොහොසතෙකුගේ කිරීමේ කාර්යයද අම්මා කෙනෙක් ලෙස ඔබට තිබෙන බව අමතක කරන්න එපා.

ඔන්න එක ගෙදරක ඉන්නවා අක්කා කෙනෙක් සහ මල්ලි කෙනෙක් .අක්කට අපි ක්ලාරා කියමුකෝඔන්න දවසක් ක්ලාරා එයාගේ මල්ලිව හොයන් ඇවිත් අහනවාඔයා දන්නවද කුස්සියේ තියෙන්නේ මොනවද කියලාකුස්සියේ තියෙන්නේ කේක් ගෙඩියක්ගොඩක් ලොකු ලස්සනම ලස්සන කේක් ගෙඩියක්උඩින් ක්‍රීම් තවරලා චොක්ලට් කුඩු ඉහපු එකක්ඉතින් ඔන්න දෙන්නා එක්කම කුස්සියට යනවාගිහින් ෆ්‍රිජ් එක අරිනවාඇත්ත නේන්නම්රසම රස පාට කේක් එකක් තියෙනවා ෆ්‍රිජ් එක ඇතුළේ.

ඉතින් ඔන්න ඒ වෙලාවේම අම්මා එනවාඅම්මා කියනවා අක්කටයි මල්ලිටයි ඒ කේක් ගෙඩිය හැදුවේ එමා නැන්දටයිග්‍රේටා නැන්දටයි කියලාඑයාලා හවස එනවලු තේ බොන්නඑහෙම කියලා අම්මා ගමනක් ගියාඅක්කයි මල්ලියි සෙල්ලම් කාමරේ සෙල්ලම් කරන්න ගියා.

ඔන්න ඔහොම සෙල්ලම් කරද්දී ක්ලාරට මතක් වෙනවා කේක් ගෙඩියඑයාට දැනගන්න ඕන ඒක තියෙනවද එහෙම නැත්නම් හොරු ගෙනිහිල්ලද කියලාඉතින් එයා මල්ලිවත් ඇදගෙන යනවා කුස් සියටකේක් එකනම් තියෙනවාඒත් ක්ලාරට තවත් දෙයක් මතක් වෙනවාකේක් ගෙඩිය හොද තත්වයේ තියෙනවද කියලා බලන්නමොකද එන්නේ එයාලගේ නැන්දලා දෙන්නාකේක් එක විස වුණොත් කාලා මැරෙන්නේ ඒ දෙන්නා .ඒ නිසා මල්ලිවත් කැමති කරගෙන ඔන්න එයා කේක් එක පරික්ෂා කරනවාකේක් එකේ හැම පැත්තෙන්ම ටික ටික කාලා බලනවාඒ විතරක් නෙවේඋඩිනුයිත් යටිනුයිත්.

ඔන්න ඔය අතරේ අම්මා ආවාඅම්මා පුදුම වෙලා බලන් හිටියාඑයා කිව්වා කේක් ගෙඩියෙන් දැන් කාටවත්ම සංග්‍රහ කරන්න බැරි නිසා ඒ දෙන්නට කන්න කියලාහැබැයි එක කෑල්ලක්වත් ඉතුරු කරන්න නම් බැහැත් කිව්වාඒක ඉතින් එක්තරා විදියක දඬුවමක්.

ක්ලාරයි මල්ලියි මුළු කේක් ගෙඩියම කෑවාදෙන්නගේ බඩවල් දෙක බෝලයක් වගේ පිම්බිලා ආවාඊට පස්සේ දෙන්නටම බඩේ අමාරුවකුත් හැදුණාදන්නවනේ ඉතින් බඩේ අමාරුවට හේතුව ?

මේ කතාව මේ විදියටම කියන්න පුළුවන්එයා කැමති නම් පහුවෙනිදා ක්ලාරවයි මල්ලිවයි අඳින්නත් දෙන්නමේ කතාව මීට වඩා ලස්සනට කියවන්න ඕනනම් ක්ලාරගෙයි මල්ලිගෙයි වැඩ ගැන දැනගන්න ඕනනම් දේවිකා වඩිගමන්ගාව විසින් පරිවර්තනය කල මමයි මගේ අක්කා ක්ලාරයි පොත පැටියාට කියවන්න පුළුවන්මේ තියෙන්නේ බෙඩ් ටයිම් ස්ටෝරි එකක් විදියට කෙටිකල එහි අඩංගු කතාවක්.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles