දා හත් වැනි නෙතු සැරිය
නාට්‍ය තරඟය දවසේ උදෑසන පාසැල තුළ වූයේ අමුතුම උනන්දුවකි. සිසුන් සියලු දෙනාම තරඟාවලිය වෙනුවෙන් හම්බන්තොට සුචී ජාතික පාසැල් පරිශ්‍රය වෙත යෑමට නියමිතව තිබුණි.
තරඟයට අදාල සිසුන් වෑන් රියකින් පිටත්ව ගියේ කලණ සහ තවත් ගුරුවරියන් දෙදෙනක්ද සමඟය. විදුහල්පතිතුමාගේ මැදිහත්වීම මත සැලසුම් කරගත් බස් රියකින් අනෙක් සිසුන් පිරිස සහ ගුරුවරියන් කිහිප දෙනෙක් පිටත් විය. පසුතල නිර්මාන අංග පටවාගත් සිසුවෙකුගේ පියාට අයත් ඩිමෝ බට්ටා වර්ගයේ කුඩා ලොරි රතයේ නැඟී ගුරුවරුන් දෙදෙනා සහ විදුහල්පතිතුමා පිටත් වූහ. පාසැලේ ඉතිරි වූයේ සිහිනි සහ අයත්මා පමණි. අයත්මාද නාට්‍ය කණ්ඩායමේ දරුවන් සමඟ පිටත්ව යෑමට නියමිතව තිබුනද ඇය අන් රාජකාරි කිහිපයක් නිසා ප්‍රමාද වූවාය.
සිහිනිට ප්‍රවාහන පහසුකම් ඇති බව දන්නා නිසාම විදුහල්පතිතුමා අයත්මාවද කැටුව එන ලෙස පවසා පිටත් වූයේ සිහිනිගේ හිස මත ගිණි කන්දක් තබමිනි. ඕ කපිලට ඇමතුමක් ගත්තාය. ඔහු ජංගම දුරකතනයට පිළිතුරු ලබා නොදුන්නේ සිහිනි තවත් කලබලයකට හෙලමිනි. අයියාට ඇමතීමෙන් කෙලෙසකවත් පලක් නැති වග ඕ දනී.
” අපි වීල් එකක්වත් දා ගනිමුද සිහිනි ටීචර් ..”
” ඒත් මේ වෙලාවේ වීල් එකක් ගන්න නම් පාරට යන්න වෙනවා නේ…”
” අව්වත් නෑනේ.. වීල් එකක් මුන ගැහෙනකල් අපි පාරට යමු …. එතනින් කෙලින්ම හම්බන්තොට බස් එක ගමු නේද…? අපිට පරක්කු වේවි නැත්නම්…”
සිහිනි කිසිවෙකු අමතමින් වාහනයක් ගෙන්වා ගැනීමට උත්සාහ කරන බව බලා උන් අයත්මා කිවාය. එහෙත් යටි හිතේ යම් කිතියක් වූ බව ඇයට වැටහුණි. සිහිනිගේ අයියා…, ඔහු පැමිණිය යුතු නොවේද?
දෙදෙනා ගුරු පාරේ ඉදිරියට ඇවිදිමින් උන්හ. එක්වරම කැබ් රියක් නැවතුණි. දෙදෙනා වෙන් වෙන්ව එය හඳුනා ගථ. ඉදිරිපස අසුනේ උන් චත්‍ර සිහිනි දෙස පමණක් බල සිටින්නට උත්සාහ කලේය. කිසිවෙකුත් කිසිවක් කීවේ නැත.
” කොහෙද සුදු බබා පයින් යන්නේ..?”
කපිල වහා තත්වය වටහ ගෙන අවස්තාවේ පාලනය ඔහු අතට ගත්තේය.
“ඔයාට කොච්චර කෝල් කලාද අනේ…?”
සිහිනිද වහා පියවි සිහියට එලැඹුනාය.
“අප්පා ..දැක්කෙ නෑනේ .. කොහේ ද යන්නේ මේ ?…”
” අද අපේ ඩ්‍රාමා කම්පිටිශන් එක… කට්ටියම හම්බන්තොට ගියා… අපි දෙන්නාට යන්න විදියක් තිබ්බේ නෑ.. පාරට ගිහින් බස් එකේ යනවා…”
” මේ පයින් යන්නේ පාරට යනකල්ද?..”
කපිල යළි ඇසුවේය. සිහිනි හිස සැළුවාය. අයත්මා උන්නේ චත්‍ර දෙස බලන්නට සවියක් නැතිවය. හදවත අසාමාන්‍ය ගැස්මක් සමඟින් වග ඇයට වැටහේ. ඒ ගැස්ම පවසන්නේම චත්‍ර දෙස එක්වරක් හෝ විමසිල්ලෙන් බලන්නයැයි කියා වගද ඇයට වැටහේ. එහෙත් ඕ ඉවතම බලා උන්නාය.
“නඟින්න … පාරෙන් දාන්නම්…”
වෙනදා නම් ගමනාන්තය දක්වාම ඇරලවා ගන්නට රණ්ඩු අල්ලන සිහිනි, එයට එක්ව අයත්මාවද කැටුව කැබ් රියට නැග්ගාය. දැණ් අවැසි ඉතා ඉක්මනින් ඉන් බැස ගැනීමය. චත්‍ර ඉදිරිපස කණ්ණ්ඩියෙන් පිටුපස අසුනට එබුනේය. කිසිවෙකුට නොදැනෙන්නට කපිල එය අයත්මා පෙනෙන ලෙස සකසා ත්බුණි. එය වූයේ කොයි වෙලාවක්දැයි චත්‍රටද අදහසක් වූයේ නැත.
කපිල ගුවන්විදුලියේ හඬ වැඩි කලේය.
මොහොතක සුව දෙන චංචල ලෝකයේ
රූපිකාවන් සොයා මා ගියේ නෑ
සෙනෙහසේ සුව සොයා
ඔබ පතා එන්නේමී මා ප්‍රියේ..
සිත දුක්වේවී විටකදි ඔබගේ
සැලෙනු එපා මගෙ රන්තරුවේ
ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයී
තැවෙනු එපා මගෙ සුඳූ මැණිකේ
සැනසිලා -අපි ඉමූ- ලංවෙලා………..
ගලන රුහිරු මෙන් දැනෙනා හැඟුමන්
ඔබගෙයි මාගෙයි එක වාගේ
ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයී
හඩනු එපා මගෙ සුඳූ මැණිකේ
සැනසිලා – අපි ඉමූ – ලංවෙලා……………
සිව් දෙනාම වූයේ එකිනෙකා හා වෙන්ස් වන එහෙත්, එක් පොදු ලක්ශයකදී අතිපිහිත වන හැඟීම් සමුදායක් සමඟය. සිහිනි අයත්මා දෙස බැලුවාය. ඕ උන්නේ සාරි පොට දෑතින්ම මිරිකගෙන එය උකුල මත තරයේ තෙරපවාගෙනය. ඒ දසුනම චත්‍රද දකිමින් උන්නේය,. කපිල චත්‍ර දෙස බැලුවේය. ඔහු ගේ දෑත් නොසන්සුන්ව සිටින වග ඔහුටද පෙනෙයි.
අයත්මා උන්නේ එක්වරම සිදුවූ මුන ගැසීමට මුහුණ දෙන්නට නොහැකිවය. සිහිනි සහ කපිල තමා දෙස බලන්නේ අනුකම්පාවක් සමඟ බව නොදැන උන් නිසා ඇය යම් සැහැල්ලුවක උන්නාය. ඇය දැණ උන්නේ සියල්ලෝ දන්නේ තමා පැවසූ කතාව බවය. එහෙත්, චත්‍රට මුහූන දීම ඇය නොසිතූ තරම් අපහසු විය. ඕ දෑස් වසා ගත්තාය. ඒ සැනින් යළි දෑස් හැරියාය. චත්‍රගේ ආවේගශීලි, ඔඉවසිලිමත් දෑස් සමඟ තනි වෙන්නට ඇයට සවියක් වූයේ නැත. දෑස් හැරි විගසම ඕ ඉදිරිපස බැළුවේ ඉබේටමය. ඉදිරි කණ්ණ්ඩියේ වූ චත්‍රගේ නිවුණු දෑස් වෙත තත්පරයකට ඇලුණූ බැඳීම ගලවා ගන්නට ඇයට හැකි වුනේ නැත. ඕ වහා ඉන් මිදුණේ චත්‍රද කැබ් රියෙන් ඉවතම බලන්නට හිස සම්පූර්ණයෙන්ම හරවාගන්නා අතරේය.
“මෙතනින් බහින්නම් එහෙනම් …
මේ සියලල් දෙස නිහඬවම බලා උන් සිහිනි ප්‍රධාන මාර්ගය අසලදී කීවාය.
“නෑ යං .. මට වෙලා තියෙනවා… හම්බන්තොටින් දාන්නම් …”
“එපා අයියේ .. බස් එකේ යන්නම් … නේද අයත්මා ටීචර් ..”
අයත්මා කිසිත් නොපවසා හිස සැළුවාය. එහෙත් කැබ් රියෙන් නොබැස සිටීම සඳහා වන ඉල්ලීම ඇගේ හදවතින් නැඟෙමින් තිබුණි.
” යං කපිල….”
කැබ් රිය නැවතුනේ නැත. සිහිනි කරගන්නට දෙයක් නැතිව මෙන් නිහඬ වූවාය.
“තමුසේ උදේට කාලා ද ආවේ ?..”
චත්‍ර එක්වරම සිහිවූ යමක් සිහිනිගෙන් විමසුවාය.
“නෑ ..”
“ඊයේ රෑට කාලත් නෑ කියලා අම්මා බැණ බැණ හිටියා… නොකා නොබී වැඩකරන්නේ කොහොමද?..”
චත්‍ර ආදරය මුසු, එහෙත් කෝපය තවරා ගත් හඬකින් ඇණුම් පද කීවේය. සිහිනි එයට කිසිත් කීවේ නැත. අයත්මාටද කුසගිනි දැනෙන්නට ගත්තේය.
” කපිල වැලිගත්තෙන් නවත්තපං … කාලා යමු …”
චත්‍ර අවස්තාවේ පාලනය තමා වෙත හරවා ගත්තේය. ඇය මෙතරම් ළඟින් සජීවීව දකින්නේ මාසයකට පසුවය. ත්‍රී රෝද රත වල නැගී ඇය හඹා ගියා වුවද හරි හැටි දකින්නට ලැබුන එක් දිනයක්වත් නොවූ වග චත්‍ර මතකය. අද ලැබුණු අවස්තාවෙන් මාසයක් සඳහාම වන සේලයින් තත්පර පුරවාගත යුතුයැයි ඔහු සිතුවේ හිතුවක්කාර ලෙසිනි. මෙතෙක් කල් පුරමින් උන් සියළු පාරමිතා අයත්මාගේ රුව හමුවේ ක්ශය වෙමින් යන්නට ගෙන තිබුනි. බැඳගෙන උන් වැට කඬොලු එකින් එක විසි වෙමින් කැඩී යමින් තිබුණි.
“පිස්සුද අයියේ … දැන් හතයි .. අපේ සෙෂන් එක එකොළහට.. ලමයින්ට අන්දලා කරලා ඔක්කොම කරන්න අයත්මා ටීචර් ඉන්න ඕනි …”
“හරි හරි … පැය භාගෙන් ගිහින් දාන්නම් …. එකොලහට තව පැය කීයක් තියෙනවද?..”
“අනේ විකාර ..ඔන්න ඕහොම යමු කපිල අයියේ …”
සිහිනි අයත්මා දෙස බලන්නටවත් ඉස්සර නොවී කීවාය. එහෙත් අයත්ම ඉස්සර විය
“කලණ සර් මේක් අප් බලාගන්නවනේ.. ඔයා කාල එන්න සිහිනි.. විනාඩි දහයක් නේ යන්නේ …”
සිහිනි , චත්‍ර, සේම කපිලද මොහොතකට ගල් වූහ. මෙහෙම වෙලාවක එතරම් ස්තාවර හඬකින් ඇය කතා කරාවියැයි සිතා තිබුනේ හෝ නැත. චත්‍රට ආපසු හැරි පිටිපස අසුන දෙස බැලීම නවතාගන්නට හැකි වුනේම නැත. ඇයගේ හඬින් ඔහු දමනය කර සඟවා උන් සියළු ඉඳුරන් යළි පන ගසන්නට පටන් ගෙන තිබුණි.
” නාට්‍ය අයිතිකාරිත් එහෙම කියනවා නම් තමුසේට මොකද?… “
චත්‍ර වහා සිහිනිට ඇණුම් පදයක් කියා තමා පෙන්වූ ක්‍රියාව සාධාරිණීකරණය කර ගත්තේය. සිහිනි එයට පිළිතුරු නොදී මුනිවත රැක්කාය. අයත්මා චත්‍රට නොපෙනෙන්නට සිනාසුනාය. එහෙත් චත්‍ර ඒ සිනාවෙ සාරය ඉතා ඉක්මනින් උරාගෙන තමා සතු කරගත්තේය.
අයත්මා ද උදෑසන ආහාරයට ඉඳගත්තාය. බිල ගෙවා දැම්මේ චත්‍රය. සිහිනිගේ අතින් අල්ලාගත් අයත්මා ඔහු බ්ල ගෙවා දමා ආපසු මොනවාදෝ ඔසවාගෙන යළි පැමිණෙන තුරු බලා උන්නාය.
ආයතනයේ සේවකයෙකු තවත් පෙට්ටියක්ද ඔසවාගෙන ආවේ සිහිනි සහ අයත්මා දෙදෙනාම ඒ දෙස පුදුමයෙන් බලා සිටියදීය.
“මොනවද මේ ?..”
“කට්ලට් එකසිය විස්සකුයි, සැන්විචස් නුයි … මං එහෙන් කිරි පැකට් ටිකක් සෙට් කරන්නම් …”
සිහිනි අයියාගේ හැසිරීම වටහා ගන්නට නොහැකිව බලා උන්නාය. අයත්මා ඉදිරිපත් වී චත්‍රට ස්තුතිවන්ත වෙද්දී අයත්මාගේ හැසිරීමද වටහා ගන්නට නොහැකිව බලා උන්නාය.
කපිල චත්‍රගේ සැහැල්ලූ හැසිරීම දෙස බලා පසෙකට හිනැහුනේය. ඉදිරියට කුමක් වනවා වුවද අයත්ම චත්‍ර ඉදිරියේ මෙතරම් සැහ්ල්ලුවක් පෙන්වීම ගැන කපිලටද යම් වටහා ගත නොහැකි හැඟීමක් දැණුනි. සැබැවින්ම චත්‍ර පැවසූ පරිද්දෙන් යමක් සිදු වුනා නම් ඇය මෙතරම් ශක්තිමත් ලෙසින් ඔහු ඉදිරියේ සිටීම ලේසියෙන් ගත යුතු නැත.