විටමින් E කියන්නේ Skin care වල ප්‍රධාන අමුද්‍රව්‍යයක්. පැහැපත් සහ තරුණ පෙනුමක් ලබා ගැනීම සඳහා ඔබට භාවිතා කළ හැකි විශිෂ්ට අමුද්‍රව්‍ය වලින් එකක් ලෙස විටමින් E හඳුන්වන්නට පුළුවන්.මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ විටමින් E මගින් ඔබේ සමට ලැබෙන ප්රතිලාභ සහ ඔබේ රූපලාවන්‍ය වැඩි දියුණු කර ගැනීම සඳහා විටමින් E භාවිතා කළ හැකි ක්‍රම ගැනයි.
ඔබේ සමට විටමින් e වලින් ලැබෙන ප්රතිලාභ මොනවද ?
Skin barrier එක ශක්තිමත් කරයි
ශක්තිමත් skin barrier එකක් මගින් ඔබේ සමට ජලය රඳවා තබා ගැනීමට සහ සජලනය වීමට ඉඩ සලසනවා. එය සමේ සංවේදීතාවය අවම කර ගැනීමටත් උපකාරී වනවා.විටමින් E නිසි ආකාරව ඔබේ සමට ලබා දීම මගින් මේ skin barrier එක වඩාත් ශක්තිමත් කරනවා.
සමේ තෙතමනය ආරක්ෂා කරයි
ඔබේ Skin barrier එක ශක්තිමත් වන විට ඔබේ සමට වැඩි තෙතමනයක් රඳවා ගැනීමට හැකි වනවා. විශේෂයෙන්ම වියළි සමක් සහිත අයට , අධික සීතල හෝ වියළි කාල වලදී සංවේදී වන සමක් ඇති අයට විටමින් E භාවිතා කිරීම මගින් සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට හැකි වනවා .
ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතයි
විටමින් E සහිත නිෂ්පාදන මගින් ඔබේ සමට ප්‍රතිඔක්සිකාරක විශාල මාත්‍රාවක් සපයනවා. එය ඔබේ සමට විවිධ ආකාර වලින් හානි වීම වළක්වනවා. ප්‍රතිඔක්සිකාරක මගින් ඔබේ සමේ දීප්තිය වැඩි කිරීමට උපකාරී වන අතර , ඔබේ මුහුණේ තෙල් ඔක්සිකරණය වීම වළක්වනවා. එමගින් මුහුණේ කළු ලප ඇති වීම පාලනය කරනවා. විටමින් E සහිත නිෂ්පාදන මගින් ඔබේ සම ආරක්ෂා කළ හැකි අතර සම මත ඇති විය හැකි සියුම් රේඛා සුමට කිරීමට පවා උපකාරී වෙනවා.
Pigmentation වලට ප්‍රතිකාර කරයි
සම මත ඇතිවිය හැකි පිග්මන්ටේෂන් තත්ත්ව වලට ප්‍රතිකාර කිරීම සඳහා විටමින් E සහ විටමින් E අඩංගු නිෂ්පාදන බොහෝ වේලාවට භාවිතා කරනවා. වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සමහර අවස්ථාවලදී විටමින් C සමඟ මිශ්‍ර කරද විටමින් E භාවිතා කිරීමේ හැකියාව තියෙනවා.
කුරුලෑ කැළැල් මකා දමයි
විටමින් E වල අඩංගු වන මොයිස්චරයිසින් ගුණාංග මගින් සමේ බාධක අලුත් වැඩියා කිරීම සහ ආරක්ෂා කිරීම සිදුකරන අතර විටමින් E අඩංගු නිෂ්පාදන බොහෝ විට කුරුලෑ කැළැල් මැකී යාම සඳහා උපකාරී වනවා.සැහැල්ලු කැලැල් සඳහා එය වඩාත් ඵලදායි වන අතර විටමින් E අඛණ්ඩව භාවිතා කිරීම මගින් කැලල් ඇතිවීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.
සෛල වර්ධනය වේගවත් කරයි
විටමින් E මගින් නව සෛල සම මතුපිටට ගෙන ඒම වේගවත් කරන අතර දුර්වල වූ සෛල සුවකිරීම , නව සෛල නිපදවීම සහ සෛල නිපදවීම වේගවත් කිරීම සිදු කරනවා. ඒ වගේම හානියට පත් වූ දෙතොල් සුව කිරීමට සහ ආරක්ෂා කිරීමටද විටමින් E වලට හැකියාව තිබෙන නිසා තොල් ආරක්ෂණ නිෂ්පාදන සමග විටමින් E භාවිතා කිරීම වඩාත් හොඳ ප්‍රතිඵල ගෙන දෙනවා.
ලස්සන වෙන්න විටමින් E භාවිතා කරන්නේ කොහොමද ?
පිරිසිදු විටමින් E තෙල් භාවිතා කරන්න
වියලි සහ හානියට පත් සමක් සහිත අයට පිරිසිදු විටමින් E තෙල් කෙලින්ම සම මතට භාවිතා කිරීමට පුළුවන්. ඇඟිලි තුඩු වලට විටමින් ඊ තෙල් ගෙන ඉතා මෘදුව සම සම්බාහනය කිරීම මගින් ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කර ගනිමින් හානියට පත් සම සුවපත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ආකාරයට විටමින් E තෙල් භාවිතා කිරීමේදී එය සමේ විනිවිද යමින් සමේ ඉහළ සහ මැද ස්ථර ආරක්ෂා කරනවා.
ඔබට තෙල් සහිත සහ කුරුලෑ සහිත සමක් තිබෙනවා නම් ඔබට අමතරව විටමින් E තෙල් භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ.
විටමින් E අඩංගු නිෂ්පාදනයක් භාවිතා කරන්න
විටමින් E අඩංගු මොයිස්චරයිසර් භාවිතා කිරීමෙන් සමේ සෛල නොවෙනස්ව තබා ගැනීම සහ සෛල නිෂ්පාදනයට වඩා හොඳින් ක්‍රියා කිරීමට උපකාර කිරීම සිදු වෙනවා. ඔබ ඔබේ සම සඳහා නිෂ්පාදන වර්ග ( ක්‍රීම් සහ සීරම් වර්ග ) තෝරා ගන්නා විට ඒවායේ ලේබල් පරීක්ෂා කරන්න. නිෂ්පාදනයේ අඩංගු අමු ද්‍රව්‍යවල විටමින් E අඩංගු වනවාද , එසේනම් කොපමණ ප්‍රමාණයක් අඩංගු වනවාද කියා නිෂ්පාදන මිලදී ගැනීමට පෙර සොයා බලන්න.
පරිභෝජනය කරන්න
ඔබ ඔබේ දෛනික ආහාර වේලට ප්‍රමාණවත් තරම් විටමින් E අඩංගු ආහාර ඇතුළත් කරගත යුතු වනවා.ශරීර අභ්‍යන්තරයෙන් ඇතිවිය හැකි සමහර හානිකර තත්ත්වයන් පාලනය කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා.
විටමින් E බහුල ආහාර ලෙස ,
සූරියකාන්ත බීජ සහ තෙල්
ඇට වර්ග
ඉරිඟු තෙල්
නිවිති
බ්‍රොකලි
කිවි
අඹ
යන ආහාර හඳුන්වන්නට පුළුවන් .
රාත්‍රී කාලයේදී විටමින් E භාවිතා කරන්න
ඔබේ Night skin care routine එක සඳහා විටමින් E භාවිතා කිරීම විශේෂයෙන් ඵලදායි වනවා.විටමින් E තෙල් හෝ විටමින් E අඩංගු නිෂ්පාදන භාවිතා කිරීම මගින් නින්දේදී සිදු වන සමේ අලුත් වැඩියා කිරීමේ ක්‍රියාවලින් වඩාත් ක්‍රියාකාරී වනවා.ඒ වගේම සම සුව කිරීමේ ක්රියාවලියද වේගවත් කරනවා.
විටමින් E කියන්නේ රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කෙරෙන ඉතා විශේෂ අමුද්‍රව්‍යයක් බව ඔබ දැනටමත් දන්නවා. කොහොම වුණත් මෙය පමණට වඩා භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ. ඒ නිසා මෙය ඔබේ භාවිතයට එකතු කර ගැනීමට පෙර රූපලාවණ්යවේදියෙකුගේ නිසි උපදෙස් ලබා ගන්නා ලෙස අපි ඔබට මතක් කරනවා