පෙඩිකියු එකකින් ලැබෙන වාසි මොනවද?

ස්වයං රැකවරණය එහෙමත් නැත්නම් Self care ගැන කතා කරනකොට අප සම , හිස කෙස්, සහ නියපොතු ගැන වැඩි අවධානයක් යොමු කරනවා. නමුත් ඔබේ ශරීරයේ බර දරා සිටින දෙපා ගැන අප සමහර වෙලාවට එතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. නමුත් දෙපා වලට සත්කාරයන් සිදු කිරීම අතිශයින්ම වැදගත්. දිගු කාලයක් පුරාවට ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම නිසා සමහරවිට ඔබට සෞඛ්‍යමය ගැටලු පවා ඇතිවීමේ ඉඩ කඩ තිබෙනවා. එම නිසා ඔබේ දෙපාවලට හොඳ රැකවරණයක් ලබාදෙන පෙඩිකිව් සත්කාර මගින් ලැබෙන වාසි ගැන අද ලිපියෙන් අපි ඔබට කරුණු ගෙන එනවා.

මැරුණු සම සහ කැළැල් ඉවත් කරයි 

ඔබේ පාදවල ඇති මැරුණු සම ඉවත් කිරීම වැදගත් වන අතර එමගින් නීරෝගී නව සමක් පුනර්ජීවනය කිරීමට සෛල වලට ඉඩ කඩ සැලසෙනවා.විශේෂයෙන්ම මැරුණු සම එකතු වී තිබෙන විට පාද වලට වේදනාවක් දැනීම සිදු වෙන නිසා මේ තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා නිසි කලට පාද වල මැරුණු සම ඉවත් කර ගැනීම වැදගත්. සෞඛ්‍ය සම්පන්න සමක් පවත්වාගෙන යාම සඳහා පාද වලට පෙඩ්කිව් සත්කාර කිරීමේ ප්‍රධානම වාසිය එයයි.

පාදවල සෞඛ්‍ය වැඩි දියුණු කරයි 

නියපොතු කළු වීම , විළුඹ පැලීම , සපත්තු සහ සෙරෙප්පු නිසා කැලැල් ඇතිවීම , ආසාදන සහ බිබිලි හට ගැනීම වැනි තත්ත්වයන් දෙපා වල ඇති විය හැකියි. මේ තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා මාසයකට වතාවක් හොඳ තත්වයේ Pedicure සත්කාරයක් සිදු කර ගැනීම සුදුසුයි.  

ආතතිය අඩු කරයි 

Pedicure සත්කාරයක් , ආතතිය පාලනය කර ගැනීම සඳහා විශිෂ්ට ක්‍රමයක් ලෙස සැලකෙනවා .පාද සන්සුන් කර ගැනීම , සම්බාහනය කිරීම සහ සමස්ත පෙඩිකිව් ක්‍රියාවලිය තුලදී ඔබේ මාංශ පේශීන් ලිහිල් කරන නිසා ආතතිය ලිහිල් කිරීමටද එමගින් හැකියාව ලැබෙනවා.

රුධිර සංසරණය වැඩි දියුණු කරයි 

Pedicure සත්කාරය අතරතුර සිදුකරන ක්‍රියාවලියේදී සම්බාහනයට වැඩි වේලාවක් යොමු කරන අතර එහිදී එම සම්බාහන ක්‍රියාවලිය නිසා ඔබේ රුධිර සංසරණ ක්‍රියාවලිය ඉතා හොඳින් සිදුවෙනවා. රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදුවීමේදී සන්ධි , කකුල් සහ විලුඹේ වේදනාව සහ තද ගතිය අඩු කරන අතර ආතරයිටිස් නිසා ඇතිවන වේදනාවද බොහෝ දුරට පාලනය කරනවා. ඒ වගේම රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩි දියුණු වීම මගින් තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ බොහොමයක් ලැබෙන අතර ඒ අතරින් අධි රුධිර පීඩනය පාලනය කිරීම සහ හෘදයාබාධ ඇතිවීම අවම කිරීම ප්‍රධාන තැනක් ගන්නවා.

නියපොතු නීරෝගි කරයි

නියපොතු වල දිලීර ඇති වීම බොහෝ දෙනෙකුට බලපාන කාරණාවක්. විශේෂයෙන්ම දිනපතා පළදින සපත්තු වර්ග නිසා වගේම තවත් විවිධ හේතූන් නිසා මෙම දිලීර තත්ත්වයන් ඇති වීමේ හැකියාව තියෙනවාදමනය තෙතමනය හේතුවෙන් මෙම දිලීර හට ගැනීම සිදුවන අතර මෙවැනි ආසාදන ඇතිවීම වළක්වා ගැනීම සඳහා නියපොතු නිරෝගීව තබා ගැනීම වැදගත් වනවා. ඒ සඳහා Pedicure සත්කාරයක් සිදු කර ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා.

දෙපාවල තෙතමනය ආරක්ෂා කිරීම 

සාමාන්‍යයෙන් පෙඩිකිව් සත්කාරයකදී දෙපා සඳහා නිෂ්පාදන කිහිපයක් භාවිතා කරනවා. මෙහිදී භාවිතා කරන නිෂ්පාදන වර්ග වල ඉතා හොඳ තෙතමනකාරකයන් අඩංගු වනවා. මගින් ඔබේ දෙපා වල වියළි බව නැති කර තෙතමනය ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබෙන අතර එම අමුද්‍රව්‍ය සමයේ ගැඹුරට කාවදී සම සජලීයව තබා ගැනීමට උපකාරී වනවා.

දෙපා වල පෙනුම වැඩි කිරීම

Pedicure සත්කාරයකට පියවර ගණනාවක් ඇතුළත් වන අතර එහිදී ඔබේ මැරුණු සම ඉවත් කිරීමේ සිට ඔබේ නියපොතු අලංකාර කිරීම දක්වා ක්‍රියාවලිය සිදු කෙරෙනවා. සත්කාරය අවසානයේදී බොහෝ වේලාවට රූපලාවන්‍ය ශිල්පියා මගින් ඔබේ නියපොතු වර්ණ ගැන්වීම පවා සිදු කරනවා. මෙමගින් ඔබේ දෙපා වලට හොඳ පෙනුමක් ලබා දෙන අතර සත්කාරය මගින් ඔබේ දෙපා මෘදු සහ සිනිඳු කර ඉතා දීප්තිමත් පෙනුමක්ද ලබා දෙනවා. 

කාන්තාවකගේ සුන්දරත්වය වැඩි දියුණු කර පෙන්වන දෙපා පිරිසිදුව තිබීම අතිශයින්ම වැදගත්. මේ සඳහා කළ යුතුම සත්කාරයක් වන Pedicure සත්කාරයකින් ලැබෙන වාසි ගැනයි අද අපි මේ ලිපියෙන් ඔබට කරුණු ගෙන ආවේ. 

Related Articles

Don't Miss


Latest Articles