සව් පුඩිමක් හදල බලමුද? 

අපේ සිරුර නිමන්න උදව් වෙන ආහාර වර්ග අතර සව් / semolina හරිම ජනප්‍රියයිනෙ. 

අපි අද ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ සව් යොදාගෙන ඉක්මනින් පහසුවෙන් හදාගන්න පුළුවන් රසමරස පුඩිමක් හදන්නෙ කොහොමද කියලයි. 

වයස් භේදයක් නැතුව ගෙදර සාමාජිකයෝ හැමෝම අනිවාර්යයෙන් කැමති වෙන වගේම විශේෂ අවස්ථාවකදි අමුත්තන්‍ට සංග්‍රහ කරන්න වුනත් හරි අපූරුවට ගැළපෙන වෙනස් රසයක් තියෙන මේ සව් පුඩිම අනිවාර්යයෙන්ම හදල බලන්න කියල ඔබට ආරාධනා කරන ගමන්ම අපිට අවශ්‍ය කළමණා මොනවද කියල කියන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. 

බලමු නේද ඒ මොනවද කියල ? 

අවශ්‍ය ද්‍රව්‍ය 

සව් පුඩිම සඳහා

සව් කෝප්ප ¾ ක් 

කිරි 01 L ක් 

සීනි කෝප්ප ½ ක් 

කැරමල් සඳහා 

කෝන් / බඩ ඉරිඟු පිටි මේස හැඳි 01 ½ ක් 

වතුර මේස හැඳි 06 ක් 

සීනි කෝප්ප ¾ ක් 

වතුර මේස හැඳි 02 ක් 

ගාගත් පොල් මේස හැඳි 02 ක් 03 ක් (අත්‍යාවශ්‍ය නැත) 

දැන් අපි බලමු කොහොමද රුලං පුඩිම හදාගන්නෙ කියල?

සාදාගන්නා ආකාරය 

මුලින්ම තරමක් ගැඹුරු භාජනයක් ලිප තබා එයට කිරි, සීනි සහ රුලං එකතු කර හැඳිගාමින් මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ කිරි ටික රත්කරගන්න. 

මිශ්‍රණය උකුවන තුරු කලවම් කරගත යුතුයි. 

මිශ්‍රණය තරමක් උකු වී හැන්දෙන් ගත් විට පෙරෙන තරමට කලවම් කරගෙන ලිප නිවා ගන්න. 

පුඩිම ගබඩා කිරීමට බලාපොරොත්තු වෙන භාජනයට රුලං මිශ්‍රණය දමා භාජනය පුරා යන සේ අතුරා ගන්න.

එම භාජනය පසෙකින් තබා ගන්න.

දැන් කැරමල් මිශ්‍රණය සාදාගමු. 

මුලින්ම නන්ස්ටික් භාජනයක් ලිප තබා එයට සීනි එකතු කර මඳක් හැඳිගාමින් සීනි දියවී කැරමල් වෙන්නට තබාගන්න. 

ඒ අතරතුර වෙනම කුඩා භාජනයක් ගෙන එයට කෝන් පිටි සහ වතුර මේස හැඳි 06 ක් එකතු කර හොඳින් කලවම් කරගෙන පසෙකින් තබාගන්න. 

සීනි කැරමල් වූ පසු එයට වතුර මේස හැඳි 02 ක් එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට සාදාගත් කෝන් පිටි මිශ්‍රණය එකතු ලර උකු වන තුරු හොඳින් හැඳිගා ගන්න. 

මේ සීනි මිශ්‍රණය කලින් සාදාගත් රුලං පුඩිම උඩට දමා එක සමාන ප්‍රමාණයට විහිදී යන සේ අතුරා ගන්න. 

ඔබ කැමති නම් උඩින් ගාගත් පොල් ස්වල්පයක් ඉස ගන්නත් පුළුවන්. 

සාදාගත් රුලං පුඩිම සෙට් වන තුරු ශීතකරණයේ පැයක් පමණ තබා රසවිඳින්න දැන් ඔබට පුළුවන්. 

එහෙනම් මේ රසවත් සව් පුඩිම හදල අපිත් එක්ක රස බෙදාගන්න අමතක කරන්න එපා. 

මේ වගේම රසවත් ලිපියකින් අපි නැවත හමුවෙමු. 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles