නුඹ තරම් ප්‍රේමයක් – 49

හතලි නව වැනි නෙත් සැරිය.

අයත්මා අවිශ්කටද මුහුණ නොදීම කාමරයට වැදුණාය. ජංගම දුරකතනයද විසන්ධි කර දමා යහනේ වැතිරුනාය. ඇගේ හිස පැලෙන තරමේ වේදනාවක් විය. වැඩි වෙලාවක් යන්නට පෙර ඇය නින්දට වැටුනාය. අවිශ්ක චත්‍රට ඇමතුමක් ගන්නට උත්සාහ කලේය. එහෙත් ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිතව තිබුනි.

” එක අතකට නංගී  මෙහෙම තීරනයක් ගන්න එක හොඳයි ….  පස්සේ විඳවන්න දේවල් ඉතුරු කරගන්නේ නැතුව…”

ඔහු අවසානයේ එලෙස සිතුවේය. එහෙත් ඔහුට නොතේරෙන, එලෙසත් නැතිනම් තේරුනා වුවද පිළිගන්නට අකමැති රිදුම හදවත පුරා ඉදිකටු තුඩු අණිමින් තිබූනි. අවිශ්ක අයත්මාගේ කාමරය දෙස බලාගෙන යළි යළි එයම සිතන්නට උත්සාහ කලේය.

චත්‍ර නිවෙසට විත් කාමරයට වැදුනේ කිසිවෙකුට මුහුණ නොදීමය. ඔහු  කාමරයම පෙරලා දැම්මේය. කෝපයෙන් කෑ ගසමින් සියල්ල විසි කර දැම්මේය.  අතුකෝරල මහතා කපිල සමඟින් එක්ව දොර කඩා දමා ඇතුලු වන  විට චත්‍ර උන්නේ කාමරයේ කොනක ගුලිවී හිස කේ ඇද දමා ගනිමිනි. සිහිනි සහ සන්ධ්‍යාද හඬමින්ම කාමරය තුලට දිව ආවෝය.

චත්‍ර ඔවුන්ට  කාමරයෙන් පිටව යන මෙන් පවසා  කෑ ගැසුවේ උමතුවෙන් මෙන්‍ ය.

” ලොකූ …”

අතුකෝරල මහතා උස් හඬින්  පවසද්දී පවා චත්‍ර නිසොල්මන් නොවීම උන්නේය.

” මට ඉන්න දීපං යකෝ …”

ඔහු එපමණක් පවසමින් ඛෑ ගැසුවේය.

” ලොකු සර් .. එලියට යංකෝ.. මං බලන්නම් .. මං බලන්නම් ,….”

කපිල වහා ඉදිරිපත් වූයේය. ඊයේ රැයේ පටන්ම යම් වෙනසක් දැනුනද, ඒ කුමක්දැයි කපිලටද සිතාගන්නට නොහැක. එහෙත් මේ අයත්මා සම්බන්ද දෙයක් විය හැකිය යන ඉඟිය ඔහුට නිකමට මෙන් දැනෙමින් තිබුනි.

” එන්න අප්පච්චී  .. අපි එලියෙන් ඉමු …”

සිහිනිද වහා ඉදිරිපත් වුවාය.  බිඳී ගිය වීදුරුවකට චත්‍රගේ පාදය කැපී ඇති බව කපිල දුටුවේ ඒ අතරේය. ඔහු  ඒ බව පවසමින්ම ආපසු හැරුණේය.

” ඕන් නෑ  බෙහෙත් දාන්න .. මෙහෙම ලේ ගිහින් මැරිච්ච දෙන් මාව … උබ බෙහෙත් ගෙනාවොත් එහෙම කවනවා ඔක්කොම උබට මම …”

” මේ තුවාලෙන් ලේ ගියාට මැරෙන්නේ නෑ පොඩි සර් … නිකන් විකාර කියවන්නෙපා….”

කපිල කුඩා වීදුරු කැබැල්ල ඉවත් කර යන්තමින් තුවාලය වෙලා දැම්මේය. කාමරය  අසල සිටගෙන සිටින චත්‍රගේ පවුලේ අය නිසා ඉවසීම ප්‍රඟුණ කරමින් පහත් හඬින් කහ්ත්‍ර ඇමතුවේය.

” මොකද්ද වුනේ පොඩි සර් ?….”

” මුකුත් නෑ…”

චත්‍ර උස් හඬින් පැවසුවේය. කපිල ඔහු වෙටහ් නොසන්සුන් බැල්මක් හෙලා ඉවත බැලුවේය. චත්‍රගේ සිත තුළ තවමත් දෝකාර දෙන්නේ  අයත්මාගේ ආවේගශීලී වචනය.

 ඔහුගේ දෑස් අභියස මැවෙන්නේ ඇගේ පුපුරා හැලුණු දෑස් ය. එවන් පුපුරා හැලීමකට තරමේ වන කිසිවක් තමා අතින් සිදු නොවූ බව චත්‍රට විශ්වාසය. ඒ නැතත්, කුමක් සිදු වුනත් එය තමා සමඟ කතා බහ කිරීමට නොහැකි තරමේ දුරස් බවක් තමන් දෙදෙනා අතරේ නොවූ බවද චත්‍ර දනී. අනෙක් අතට අවිශ්ක උත්සාහ කලේ සියල්ල අග්ගිසන්නටය. කෝපය අවශ්‍ය වූයේ ඇයටම පමණි.

 අවිශ්ක පවා විමතියෙන් බලා උන් බව චත්‍රට මතකය. ඇයට එතරමට හැසිරෙන්නටතරම් දෙයක් වන්නට නම් තමා කන පිට ගැසී යම් සිදුවීමක් විය යුතුය.

චත්‍ර දෙපා අස්සේ හිස රුවා ගත්තේය. කපිල උහුගේ ඉදිරියේ බිම ලේ වැකී තිබූ පොලව මතම හිඳ ගත්තේය. චත්‍රගේ දෙ වුරහිස් මදක් සම්බාහනය කලේය.

” එලියට යමුද පොඩි සර් ?…”

” ඕන් නෑ…”

” ලොකු මැඩම්ලා මෙතන දොර ළඟ පොඩි සර්… අසනීප වෙයි ඔහොම බයේ බලන් ඉඳලා….”

” බය වෙන්න දෙයක් නෑ කියහං .. මට තරහ ගිහින් කියහං …”

චත්‍ර මදක් පහත් හඬකින් කීවේය.  කපිල එය සෑහීමකට පත් විය හැකි පිළිතුරක් ලෙසින් බාර නොගෙන  මද වේලාවක් නිහඬව උන්නේය.

සැනෙකින් චත්‍රට යමක් සිහි විය. කපිල සහ සිහිනි පුන පුනා කිව් කතාවක් මතකයට ආවේය.

” අයත්මා ඔයාගෙන් පලිගන්නවා වෙන්න පුලුවන් අයියේ .. ඒ නිසා කල්පනාවෙන් ….”

සැබැවින්ම ඇය එලෙසින්ම එය සිදු කලේද? තමාට දරාගන්නට නොහැකි ප්‍රේමයක් පෙන්වා , එකී ප්‍රේමය  තම හදවත තුළ බිඳෙන් බිඳ එක් කර පුරවා, එක්වරම ඕ ඒ ප්‍රේමය්ද රැගෙනම අතුරුදන් වන්නට යන්නේද? නැත ඇය එලෙස වන්නේ නැත. එහෙත් එලෙස නොවේනම්, ඇය සූදානම් වන්නේ කුමකටද? …

අවසානයේ චත්‍ර වටහා ගත්තේය. බහුතරයක් ගැහැණුන් තම සැලසුම් වෙනුවෙන් ආදරණීය පිරිමින් භාවිතා කරන බව යළි අවධාරනය කර  ගත්තේය. තමා සිතා මතා අමතක කර උන්නාට, කිසිවෙකුට නොකීවාට, කල්පනා කලේද එයය. දැන් අයත්මා .. ඇයද වෙනසක් නැත.

” උඹ හරි .. ඒකි ගේම ගැහුවා….”

චත්‍ර හිස කෙලින් කරගත්තේය. දහඩියෙන් වැකුණ මුහුණ ට ඇලී තිබූ හිසකේ අතරින් කපිල දෙස  බැලුවේය. දෑස් රත් පැහැ ගැන්වී ඇති තරම කපිල දුටුවේ එවෙලෙහිය . කපිල කිසිවක් වටහා ගන්නට නොහැඛිව මෙන් බලා උන්නේය.

” උඹ කිව්වා හරි බං .. අයූ … අයූ .. ඒකි කිව්වා මම ඒකිගේ ජීවිතේ කවුරුවත්ම නෙවෙයි කියලා… ඒකිට මාව ඕනි නැහැ කියලා.. ඒකිගේ සාමකාමී ජීවිතේට බාධා කරන්න එපා කියලා….”

කපිලට දැණුනේ තමා අභ්‍යන්තරයෙන්ම අප්‍රාණිකව ගිය බවය. පඔහු යළි ඒ ඇසුණු වැකියම සිතේ වාදනය වෙන්නට දී ඇහුම්කන් දුන්නේය. එහි වෙනසක් නැත. වැටහී ඇත්තේ නිවැරදිවය. එය සැබැවින්ම එලෙස නම් චත්‍ර මෙලෙසින් හෝ ඉවසා සිටීම ගැන කපිල සෑහීමකට පත් වූයේය.

” පොඩි සර් ….”

චත්‍ර ඔහුගේ දෑතින්ම අල්ලාගෙන හිස සැලුවේය.

” කල්පනා වගේම මේකිත් ….. උන් ඔක්කොම මාව නැටෙව්වා විතරයි බං …..”

චත්‍ර සම්පූර්ණයෙන්ම බිඳී ගොසින් තිබුණි. ඔහුගේ දෙතොල් වෙවුලමින් තිබුනි. ඔහු නොහඬා උන්නේඑ අසීරුවෙනි.

” නැගිටින්න පොඩි සර් .. එන්න..”

කපිල සිහිනිගේ කාමරයට චත්‍රව කැටුව ගියේය. ඔහු යහනේ වැතිරෙන තෙක් බලා උන්නේය.

” අයත්මා මිස් එක්ක ප්‍රශ්නයක් .. ඔහොම ඉන්න දෙමු …”

ඔහු අනෙක් පිරිසට යෝජනා කලේය. සිහිනි බියෙන් ගුලි වූවාය. තමා සිතූ පරිදි, සහන් පැවසූ පරිදි ඕ අයියාගෙන් පලිගන්නට යම් සැලැස්මක් සකසා ඇතිද?… 

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles