පනස්වැනි නෙත් සැරිය
අයත්මා ඇහැරුනේ නිමලා අම්මා කිහිප වතාවක් ඇයව ඇහැරවන්නට උත්සාහ කිරීමෙන් පසුවය. ඕ යහනේ වැතිරී හිඳගෙනම එහෙ මෙහෙ බැලුවාය. යම්ක සිදුවූ බව මතකය. එහෙත් ඒ කුමක්දැයි එක්වරම කල්පනා වූයේ නැත. ඕ එහෙමම හිඳගෙනම ජංගම දුරකතනය වූයේ ක්‍රියා විරහිතව. ඒ ඇයිදැයි කල්පනා කල විට ඇයට සියල්ල සිහිපත් විය. චත්‍ර උදෑසනම මෙහි පැමිණියේය.
දෙවියනේ , තමා ඔහු එලවාගත්තාද? අයත්මා වහා යහනෙන් බිමට පැන්නාය. ජංගම දුරකතනය ක්‍රියාත්මක කරන අතරේ, වෙලාව කීයදැයි බැලුවාය.
” දෙයියනේ එකයි ….”
ඕ ජංගම දුරකතනය ක්‍රියාත්මක වනතුරු උන්නේ අසීමාන්තික ඉවසීමකිනි. චත්‍ර ඔහු කොහේකද?.
ඕ වහා චත්‍රට ඇමතුමක් ගත්තාය. එහෙත් ජංගම දුරකතනය වූයේ ක්‍රියා විරහිතවය. ඕ වහාම සිහිනි ඇමතුවාය. අයත්මාගේ ඇමතුම සිහිනි පිළිගත්තේ තත්පරයක්වත් පමා නොකරය.
” සිහිනි .. අයියා .. අයියා කෝ …”
” මොකද වුනේ අයත්මා ?…”
” අයියා කෝ .. එයා ගෙදරද?..”
” නෑ .. එයා උදේ ඇවිල්ලා කෑ ගහලා, කාමරේම අනෙක් පැත්ත ගහලා, කපිල එක්ක එලියට ගියා.. දැන් කපිල ගෙදර ආවා.. අයියා මඟින් බැස්සලු .. කොහෙද යන්නේ කියලා බලන්න පස්සෙන් ආවොත් මැරෙනවා කිව්වලු … ඒත් කපිල පස්සෙන් ගිහින් … අයියා එහෙමම මාතර බස් එකක නැගලා… කපිල පස්සෙන් යනකොට කෝල් කරලා ආවොත් එහෙම ආයේ හොයන්න හම්බවෙන්නේ නෑ කියලා… පස්සේ කපිල යාලුවෙක්ට කියලා .. අයියා ඒ බස් එකෙනුත් බැහැලා.. මඟින් නවත්තලා බලනකොට අයියා බස් එකේ නෑලු …”
සිහිනි හුස්ම ගන්නටවත් නැවතෙන්නේ නැතුව කියාගෙන ගියාය. අයත්මා හඬාගෙනම කාමරයෙන් පිටතට ආවාය. අවිශ්ක ඒ හඬ ඇසී සාලයට ආවේය. අයත්මා ඉකි ගසමින්, අසීරුවෙන් හුස්ම අල්ලමින් සිදුව ඇත්තේ කුමක්දැයි කීවාය. ඉන් පසුව අසුනකට වැටී ඉකි ගසමින් හැඬුවාය.
” නාඬා ඉන්නවා .. ඌ අන්න මගේ කාමරේ…”
අවිශ්ක ඇය අසලින් සිට ගනිමින් කීවේය. අයත්මා එය විශ්වාස නැතිවාක් මෙන් ඔහු දෙස බලා උන්නේය.
” උගේ කකුල කැපිලා වීදුරුවකට … අඩිය බර කරලා ඇවිදපු හින්දා වෙන්නැති කකුල ඉදිමිලා.. මම නර්සින් හෝම් එකෙන් නර්ස් එකෙන් ඉල්ලුවා.. දැන් ඒවි .. එතකල් කතා කරලා ලෑස්ති කරගන්න ….”
අයත්මා අයියා පවසන්නේ කුමක්දැයි විශ්වාස නැතිව මෙන් ටහ්ත්ව බල උන්නාය.
” සිහියෙන් ජීවත් වෙනවා චූටි.. එවෙලෙට කලබල වෙලා නාඩගම් නැටුවම ඔහොම තක්කු මුක්කු ගැහෙන්න වෙනවා.. ඇඳුමක් දාගෙන යනවා…..”
එහෙත් අයත්මාට අන් කිසිවක සිහියක් වුයේ නැත. ඕ වහා අවිශ්කගේ කාමරයට් දිව්වාය. අඩිය පැටලි පැටලීම දිව්වාය. කාමරයේ දොර වූයේ අඩවන්වය. අයත්මා වහා දොර සම්පූර්ණයෙන්ම විවෘත කරගෙන කාමරයට දිව්වාය. චත්‍ර උන්නේ උඩුබැලිව වැතිරී අවදියෙන් ය. අයත්මා යහන අසල ගල් වූවාය. චත්‍ර උන්නේ සියල්ල අහිමිව ගිය පරාජිත ශරීර සෙයියාවකිනි. ඇයට තමාගේ වචනමය ද්‍රෝහීත්වය ඉක්මවා ඔහු වෙතට ලං වෙන්නට හැකි වූයේ නැත.
අයත්මා දුටු චත්‍ර කලින්වී හිඳගන්නට උත්සාහ කලේය. එහෙත් පාදය යම් තරමකින් ආසාධනය වෙමින් තිබූනි. එනිසා ඔහු උන්නේ ශරීර අපහසුවකය. අයත්මා වහා නැවී ඔහු ට කෙලින් වී , ඇඳ වියලට වාරු වී හිඳ ගන්නට උපකාර කලාය. සිනිඳු සේල සලුවකින් වැසුණු පියයුරු තුඩු ඔහුගේ කොපුලේ ගැටී උස්ව නැඟුණේය. අයත්මා උන්නේ සිහියෙන් ඉවතට යමිනි. එහෙත් ඕ සිහියේ රැඳෙන්නට උත්සාහ කලාය. ‘
“උගේ කකුල කැපිලා වීදුරුවකට … අඩිය බර කරලා ඇවිදපු හින්දා වෙන්නැති කකුල ඉදිමිලා.. මම නර්සින් හෝම් එකෙන් නර්ස් එකෙන් ඉල්ලුවා.. දැන් ඒවි .. එතකල් කතා කරලා ලෑස්ති කරගන්න ….”
අයියාගේ හඬ යළි හිස තුළින් ඇසුණි. ඕ වහා චත්‍රගේ පාදය දෙස බැලුවාය. චත්‍ර උන්නේ ඇගේ රුව සම්පූර්නයෙන්ම උරා ගනිමිනි.
” චත්‍ර ….”
ඇය විනාඩි කිහිපයකට පසු යහනේ පසෙක ඔහුට ගෑවෙන්නට හිඳ ගත්තාය. දෑස් තෙමී යමින් තිබුනි. අයත්මා චත්‍රගේ දෑතින්ම අල්ලා ගත්තාය. දෑත් ඉම්බාය.
” අනේ මට සමාවෙනවද?.. මං දන්නේ නෑ ඇයි මං එහෙම කිව්වේ කියලා …. මං .. මං .. ඇත්තටම හිටියේ ඔලුව කුරුවල් වෙලා ..කියන්නම් මම ඔක්කොම …ප්ලීස් ..ප්ලීස් ….”
අයත්මා ඉන් එහා කිසිවක් කියා ගන්නට නොහැකිව ඉකි බින්දාය. චත්‍ර කිසිවක් කීවේ නැත. වචන යනු කෙතරම් ප්‍රබල අවියක්දැයි චත්‍ර තරම් දන්නා කෙනෙක් නැත. එක් වචනයකින්, ජීවිතයක් මරණීය තරමේ වන අත්දැකීමකට පවා හෙලිය හැක. අනෙක් අතට එක් වචනයකට ජීවිතයක් ප්‍රේමණීය වන තටාකයක ගිල්විය හැක.
” චත්‍ර .. රිදෙනවද කකුල …..”
අයත්මා එවර ආපසු හැරී චත්‍රගේ පාදය දෙස බලන අතරේ විමසුවාය. චත්‍ර හිස සලනවා අය්ත්මා දුටුවේ යන්තමින් ය. ඕ වහා හැරී ඔහුගේ පාදය යන්තමින් පිරිමැද්දේය. විළුබ හරියෙන් යම් ඉහල උණුසුමක් දැනෙන්නේය.
” රිදෙනවා කකුල නෙවෙයි .. මගේ පපුව ….”
චත්‍ර කීවේ එපමණකි. අයත්මා තමා විසින්ම අවුලවා ගත් ගින්නක දැවුනාය.
සිහිනි අවිශ්කට ඇමතුමක් ගත්තේ සෑහෙන්න සිතා බලා අවසානයේය. මෙවෙලෙහි සරනක් ඉල්ලන්නට ඇයට අන් කිසිවෙකුත් උන්නේ නැත. අවිශ්ක දෙවරක් සිතා ඇමතුම පිළිගත්තේය.
” අයියා ටිකකට කලින් මෙහෙ ආවා සිහිනි .. කකුල චුට්ටක් ඉන්ෆෙක්ට් වෙලා වගේ.. මූ ඇවිදලා ඔහේ…බෙහෙත් දාලා කරලා, මෙහෙම ටිකක් ඉන්න දීලා මම හවස එක්කන් එන්නම්.. එහෙම නැත්නම්, ඔයා අම්මලා එක්ක මෙහෙ ආවත් කමක් ණෑ…”
අවිශ්ක සිහිනි විමසන්නට පෙරම කීවේය. සිහිනි ඇමතුම විසන්ධි කලේ ද්විත්ව සැනසීමක් විඳිමිනි. එකම කාරනයකින් එහෙම ලැබෙන සැනසීමේ ප්‍රමාණය ජීවිතයක් තුල ලැබෙන්නටම ඕනෑ දේවල් ය.
සිහිනි වහා කපිලටද, අම්මා සහ අප්පච්චිටද කීවාය. වහා එහි යන්නට සියලු දෙනා තීරනය කලෝය.
| අපේක්ෂා ගුණරත්න |