සමේ රෝග ගැන මේ දේවල් දැනගෙන හිටියද?

අපේ සමේ ස්වභාවය අපේ ශරීරයේ අභ්‍යන්තර වගේම බාහිර නීරෝගී බව පෙන්වන්න ලොකු බලපෑමක් එල්ල කරනවා.

ඒ නිසා සම ලස්සනට දීප්තිමත්ව තියාගන්න අපි ගොඩක් දෙනෙක් හොඳින්ම සැළකිලිමත් වෙනව.

ඔබේ සමේ ඇතිවෙන විවිධ ගැටළුකාරී තත්වයන් අපිට සමේ රෝග විදිහට සරලවම හඳුන්වන්න පුළුවන්.

මේ සමේ රෝග නිසා දැවීම්, කැසීම්, දද, කුෂ්ඨ වගේ සමේ විවිධ වෙනස්වීම් දැකගන්න පුළුවන්.

අපේ ජීවන රටාවේ සමහර සාධක වගේම ජානමය තත්වයන් වුනත් සමේ රෝග ඇතිවෙන්න හේතු වෙන්න පුළුවන් කියල මේ වෙද්දී හඳුනාගෙන තිබෙනව.

එහෙනම්, smart lady අපි අද කතා කරන්න සූදානම් වෙන්නෙ මේ විදිහට සමේ රෝග ඇතිවෙන්න පුළුවන් හේතු කාරණා මොනවද කියලයි.

මේ හේතු හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම තුළින් මේ ගැටළු මඟහරවා ගෙන නීරෝගී සහ දීප්තිමත් සමක් ලබාගන්න ඔබටත් පුළුවන් කියල අපි විශ්වාස කරනව.

හොඳයි මුලින්ම අපි එහෙනම් බලමු සමේ රෝග කියන්නෙ මොනවද කියල ?

සමේ රෝග කියන්නෙ මොනවද?

සම කියන්නෙ අපේ සිරුර ආවරණය කරන්නත් ආරක්ෂා කරන්නත් නිර්මාණය වෙලා තියෙන විශාලතම අවයවය කියල හඳුන්වන්න පුළුවන්.

ආරක්ෂාව සහ ආවරණය කිරීමට අමතරව සම මඟින්,

ශරීරය විජලනයෙන් ආරක්ෂා කිරීම,

උෂ්ණත්වය සහ වේදනාව වැනි සංවේදන දැනීමට සැළැස්වීම,

බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ආසාදන වලින් ආරක්ෂාව ලබාදීම,

ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම සහ

හිරු එළියට නිරාවරණය වීමේ ප්‍රතිඵල ලෙස විටමින් D සංශ්ලේෂණය කිරීම වගේ තවත් වැදගත් කර්තව්‍යය රාශියක් ඉෂ්ට කරනව කියලත් සඳහන් කළ යුතුමයි.

සමේ රෝග වලට අපේ සම අවහිර කරන, දැවිල්ල සහ කැසීම ඇති කරන සියළුම තත්වයන් ඇතුළත් වෙනව.

දද, කුෂ්ඨ, තුවාල, ඉදිමුම් වගෙ තත්වයන් වලින් මේ වෙනස්වීම් ගැන ඉඟි ලබාදීමත් සිදුකරනව කියල සඳහන් කරන්න පුළුවන්.

දැන් අපි බලමු, සාමාන්‍යයෙන් දකින්න ලැබෙන සමේ රෝග මොනවද කියල ?

සමේ රෝග වර්ග

කුරුළෑ

ඔබේ සමේ විශේෂයෙන්ම මුහුණ ප්‍රදේශය ආශ්‍රිත සමේ සිදුරු තුළ තෙල්, බැක්ටීරියා සහ මියගිය සම ගොඩනැඟීමට හේතු වෙන අවහිර වූ සමේ follicles තත්වයන් කුරුළෑ විදිහට හඳුන්වන්න පුළුවන්.

Alopecia areata

කුඩා පැල්ලම් / හිස් ප්‍රදේශ ඇති කරමින් හිසකෙස් ගැලවීයාම.

Atopic dermatitis

ඉදීමීම්, ඉරිතැලීම් හෝ කොරපොතු ඇතිවීමට බලපාන කසන සුළු, වියළි සහ ඉදිමුණු සම.

Psoriasis

ඉදිමුනු සහ උණුසුම් ස්වභාවයකින් යුතු කොරපොතු සහිත සම

Raynaud’s phenomenon

ඇඟිලි හෝ වෙනත් ශරීර කොටස් වෙත රුධිර ගමනාගමන අක්‍රමවත් වීම නිසා ඇතිවෙන සම හිරිවැටීම සහ සමේ වර්ණය වෙනස්වීම.

Rosacea

මුහුණේ කුරුළෑ සහිත ඝන සහ රතු පැහැයෙන් යුතු සමක් ඇතිවීම.

සමේ පිළිකා

පාලනය කළ නොහැකි ලෙස අසාමාන්‍ය සමේ සෛල වර්ධනය වීම.

Vitiligo

සමේ සාමාන්‍ය පැහැය නැති කර සම මත ඇතිවෙන විවිධ පැල්ලම්.

මීට අමතරව, ඉතාම කලාතුරකිනින් හඳුනාගන්නට ලැබෙන සමේ රෝග වර්ගත් තියෙනවා.

ඒ මොනවද කියල අපි ඊළඟට බලමු.

Actinic prurigo

හිරු එළියට නිරාවරණය වීමේදී ඇතිවෙන කැසීම.

Argyria

සිරුරේ රිදී තැම්පත් වීම නිසා සමේ වර්ණය වෙනස් වීම.

Chromhidrosis

පැහැයෙන් යුතු දහඩිය පිටවීම

Epidermolysis bullosa

පහසුවෙන් බිබිලි සහ ඉරිතැලීම් ඇතිවෙන බිඳෙන සුළු සංවේදී සමක් ඇතිවීමට හේතුවෙන සංයෝජක පටක ආශ්‍රිත ආබාධයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Harlequin ichthyosis

උපතේ සිටම පවතින සම මත ඝන, තද පැල්ලම් ඇතිවීම.

Lamellar ichthyosis

රතු පැහැති, ඉටි වැනි ශ්‍රාවයන් වැහැරෙන කොරපොතු සහිත සමක් ඇතිවීම.

Necrobiosis lipoidica

වණ දක්වා වර්ධනය විය හැකි පාදවල යට කොටසේ ඇතිවෙන කුෂ්ඨ

මේ කලාතුරකින් දක්නට ලැබෙන සමේ රෝග බොහෝවිට ජාන සම්භවය නිසා ඇතිවෙනව කියලත් සොයාගෙන තිබෙනව.

ඊළඟට අපි සමේ රෝග ඇතිවෙන්න බලපාන හේතු මොනවද කියල සොයා බලමු.

සමේ රෝග ඇතිවීමට හේතු

සමේ සිදුරු සහ රෝම කූප වල කුණු දුහුවිලි සහ බැක්ටීරියා රැඳී තිබීම.

තයිරොයිඩ, වකුගඩු හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත ගැටළු.

ආසාත්මිකතා.

වෙනත් ආසාදන සහිත පුද්ගලයන්ගේ සම සමඟ ස්පර්ශ වීම.

ජාන සම්භවය.

සම මත ජීවත් වන දිලීර වැනි විවිධ පරපෝෂිතයන්.

වෛරස්

විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලෙස ලබාගන්නා ඖෂධ.

හිරුඑළිය

දියවැඩියාව

සම මත ඇතිවෙන විවිධ වෙනස්වීම් වලින් සමේ රෝග හඳුනාගන්න හැකියාවක් තියෙනව වුනත් එක් එක් සමේ රෝග සඳහා ඇතිවෙන රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් බවත් ඔබට මතක් කළ යුතුමයි.

ඒ නිසා, ඔබේ සමේ හේතුවක් (අනතුරු, සතුන් දෂ්ඨ කිරීම පිළිස්සීම වැනි) සොයාගත නොහැකි යම් වෙනස්වීමක් දකින්න ලැබෙනවා නම් හැකි ඉක්මණින් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් පැතීම අනිවාර්ය බවත් අපි ඔබට මතක් කරන්න කැමතියි.

සමේ රෝග හඳුනාගත හැකි රෝග ලක්ෂණ

අසාමාන්‍ය ලෙස දුර්වර්ණ වූ සමේ පැල්ලම්

වියළි සම

සුව නොවන විවෘත තුවාල, තුවාල හෝ වණ

කොරපොතු හෝ රළු ස්වභාවයෙන් යුතු සම

කුෂ්ඨ, කැසීම් හෝ වේදනා

රතු, සුදු හෝ සැරව පිරුණු ගැටිති

මෙවැනි රෝග ලක්ෂණ ඇති වීමට හේතු සොයාගැනීමට සමහර වෙලාවල් වලදී ඔබේ වෛද්‍යවරයා,

ආසාදිත ප්‍රදේශවලින් ගත් නිදර්ශකයක් භාවිතයෙන් biopsy පරීක්ෂා සිදුකිරීම,

බැක්ටීරියා, දිලීර හෝ වෛරස් ආසාදන ගැන පරික්ෂා කරන culture පරීක්ෂණ,

ආසාත්මිකතා පිළිබඳ සොයාබලන skin patch test,

සමේ පැල්ලම් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට black light examination හෝ

ලිංගිකව සම්ප්‍රේණය වන රෝග වලට අදාළ රුධිර පරීක්ෂා, diascopy, dermoscopy වැනි පරීක්ෂණ නිර්දේශ කිරීම සිදුකරන්න පුළුවන්.

එම පරීක්ෂාවන්ගේ ප්‍රතිඵල අනුව ඔබට සුදුසු ප්‍රතිකාර නිර්දේශ කිරීමෙන් පසු ඒ ප්‍රතිකාර නියමිත ලෙස ලබාගැනීම අනිවාර්ය බවත් අපි ඔබට මතක් කළ යුතුමයි.

ඔබට ආසාත්මිකතා ඇති කළ හැකි ආහාර හඳුනාගැනීම.

හොඳින් ජලය පානය කිරීම,

යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම.

දත් බුරුසු, තුවා, යට ඇඳුම්, තොල් ආලේපන සහ රූපලාවන්‍ය උපකරණ වෙනත් පුද්ගලයන් සමඟ හවුලේ භාවිත නොකිරීම,

අනාරක්ෂිත ලිංගික සබඳතා පැවැත්වීමේදී ආරක්ෂිත පියවර අනුගමනය කිරීම (කොන්ඩම්),

හිරු එළියට නිරාවරණය වීමේදී ගැළපෙන spf අගයකින් යුතු ආලේපන ගැල්වීම,

රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වීමෙන් වැළකීම සහ ඒවා භාවිත කිරීමේදී ආරක්ෂක ක්‍රමෝපායන් අනුගමනය කිරීම,

ක්‍රමවත් සහ සුවපහසු නින්දක් ලබා ගැනීම වගේම නිතරම දෑත් සෝදා පිරිසිදුව තම පුද්ගලික සනීපාරක්ෂාව පවත්වා ගැනීමත් සමේ රෝග වලින් ආරක්ෂා වීමට ඉතාම වැදගත් කියලත් සඳහන් කළ යුතුමයි.

ඉතිං, අද අපේ ලිපිය ඔබට වැදගත් වන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. මේ වගේම වැදගත් ලිපියකින් නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අදට ඔබෙන් සමුගන්නවා.

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles