කොලජන් සපිරි ආහාර ගැන ඔබ දැනුවත්ද?

කොලජන් කියන්නේ ඔබේ ශරීරයේ පටකවල ව්‍යුහයට ආධාරකයක් ලබාදෙන ඉතා හොඳ ප්‍රෝටීනයක්.එමගින් සම, හිස කෙස් සහ සන්ධිවල සෞඛ්‍යමත් බව ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. අපගේ ශරීරය ස්වාභාවිකවම කොලජන් නිපදවන අතර වයස්ගත වීමත් සමඟ කොලජන් නිෂ්පාදනය ක්‍රමයෙන් අඩාල වනවා.  

මේ නිසා බොහෝ දෙනා කොලජන් අතිරේකයක් ලෙස ලබා ගැනීමට හුරු වී සිටින අතර කොලජන් බහුල ආහාර ලබා ගැනීමද සිදු කරනවා. කොලජන් අතිරේක මගින් ශරීරයට කොලිජන් ලබා ගැනීම කොතරම් දුරට ආරක්ෂිත දැයි සනාථ වී නොමැති නිසා වඩාත් ආරක්ෂිත වන්නේ කොලජන් වලින් පොහොසත් ආහාර ලබා ගැනීමයි  මේ ලිපියෙන් ඔබට කියන්නේ කොලජන් වලින් පොහොසත් ආහාර කිහිපයක් ගැනයි.

පැඟිරි සහිත පලතුරු 

දොඩම් , දෙහි, ලෙමන් සහ නාරං වැනි පලතුරු වල විටමින් සී වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වන අතර එය ශරීරය තුළ කොලජන් නිපදවීම වේගවත් කරනවා. එය ප්‍රතිශක්තිකරන පද්ධතිය පවා වැඩිදියුණු කරන අතර සම පැහැපත් කිරීම , සමේ පැහැය ඒකාකාරී කිරීම සහ සම මත ඇති ලප මකා දැමීමට සිදු කරනවා.

බෙරි වර්ග

පැඟිරි පලතුරු වලට සමානවම බෙරි වර්ග වලද විටමින් සී බහුල ලෙස අඩංගු වනවා.ශරීරයේ කොලජන් නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා බෙහෙවින් උපකාරී වන අතර ශරීරයට අත්‍යවශ්‍ය වන තවත් පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා දෙනවා. 

කුකුල් මස් 

කුකුල් මස් ,විශේෂයෙන්ම කුකුල්මස් කාටිලේජය කොලජන් සපිරි ස්වාභාවික ප්‍රභවයක් ලෙස සැලකෙනවා.එය දෙවන වර්ගයේ කොලජන් වලින් පොහොසත් වන අතර සන්ධිවල සෞඛ්‍ය වැඩි දියුණු කරමින් ආතරයිටීස් රෝග ලක්ෂණ සමනය කිරීමට ද උපකාරී වනවා. 

හරක් මස් 

හරක් මස් සහ අස්ථි විශාල ලෙස කොලජන් වලින් පොහොසත් වෙනවා.මේවා මූලික වශයෙන් පලවන වර්ගයේ සහ දෙවන වර්ගයේ කොලජන් වලින් සපිරි අතර සම , අස්ථි ,  දත්වල සෞඛ්‍ය සහ පටක වල ශක්තිය සඳහා ප්‍රයෝජනවත් වනවා.

බිත්තර සුදු මද 

බිත්තර සුදු මද ප්‍රෝලීන් ප්‍රභවයක් වන අතර එය කොලජන් නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන ඇමයිනෝ අම්ල වලින් එකකි. කහ මදයේ විශේෂයෙන් කොලජන් අඩංගු නොවුනත් එහි ශරීරයේ කොලජන් නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. 

සුදුළූනු 

සුදුළූනු වල කොලජන් අඩංගු නොවන නමුත් එය සල්ෆර් වලින් පොහොසත් නිසා එමගින් ඔබේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කරන අතර ස්වාභාවික කොලජන් නිෂ්පාදනය බිඳ වැටීම වළක්වනවා.

කිරි නිෂ්පාදන 

කිරි ,චීස් සහ යෝගට් වැනි කිරි නිෂ්පාදන ඔබේ ශරීරයේ කොලජන් නිෂ්පාදනයට වක්‍රව සහයෝගය ලබා දෙනවා. කිරි නිෂ්පාදන වල කොලජන් අඩංගු නොවන අතර කොලජන් අනුවල ප්‍රධාන සංරචක වන ප්‍රෝලීන් සහ ග්ලයිසීන් යන අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල දෙකකින් ඒවා පොහොසත් වනවා. මෙම ඇමයිනෝ අම්ල වර්ග දෙක මගින් කොලජන් නිෂ්පාදනය සඳහා වැදගත් කාර්ය භාරයක් ඉටු කරන අතර සමේ නම්‍යතාවය පවත්වා ගැනීමට , අස්ථි ශක්තිමත් කිරීමට, සන්ධි වල සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනවා 

බ්‍රොකලි 

ඔබේ ශරීරයට විටමින් සී එකතු කරගැනීමට හැකි තවත් ප්‍රභවයක් ලෙස බ්‍රොකලි සැලකෙනවා. විටමින් සී මඟින් කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කරන අතර පිසූ හෝ අමු බ්‍රොකලි කෝප්පයක් දිනකට ලබා ගැනීම ප්‍රමාණවත් වනවා. එමගින් සම්පූර්ණ විටමින් සී මාත්‍රාවක් ඔබේ ශරීරයට ලබා දෙන අතර එමගින් ශරීරය තුළ කොලජන් නිෂ්පාදනය වේගවත් කරනවා. 

මෙවැනි ආහාර ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගැනීම මගින් ඔබේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කර ගැනීමට වගේම වයසට යාමත් සමඟ ස්වාභාවික කොලජන් නිෂ්පාදනය බිඳ වැටීම වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles