ඉක්මණින් ලේසියෙන් ඕට්ස් පෑන් කේක් හදමු

ෆයිබර්, ප්‍රෝටීන්, විටමින් සහ තවත් වැදගත් පෝෂක ගණනාවක් අඩංගු සම්පූර්ණ ධාන්‍යයක් වෙන ඕට්ස් කියන්නෙ ආහාර පාලනය කරන ඔබට කොතරම් වැදගත් ආහාරයක්ද කියල ඔබ දන්නවා.

ඉක්මණින් බඩපිරී ඇති ස්වභාවයක් සහ තවදුරටත් කුසගිනි නොමැති බවක් හඟවන්න ඕට්ස් වලට තියෙන හැකියාව නිසාම ගන්නා ආහාර ප්‍රමාණය සීමා වෙනව වගේම නිතරම ආහාර ගැනීමේ අවශ්‍යතාවයක් ඇතිවෙන්නෙත් නෑ.

ඕට්ස් කියන්නෙ කැලරි ප්‍රමාණය අඩු ආහාරයක් වීමත් තවත් අමතර වගේම සුළුකොට සළකන්න බැරිතරම් වටින තවත් ප්‍රතිලාභයක්.

එහෙනම් අපි අද බලමු, ඕට්ස් පාවිච්චි කරල ඉක්මණින් ලේසියෙන් පෑන් කේක් හදාගන්නෙ කොහොමද කියල? 

අවශ්‍ය ද්‍රව්‍ය 

ඕට්ස් කෝප්ප 02 ක් 

කිරි කොප්ප 01 ½ ක් (අවශ්‍ය වුවහොත් සිතා තවත් කිරි ටිකක් සූදානම් කර තබන්න)

පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැඳි 01 ක් 

පැණි මේස හැඳි 02 ක් 

අවශ්‍ය නම් බේකින් පවුඩර් තේ හැඳි 01 ක් සහ වැනිලා තේ හැඳි 01 ක් එකතු කරගන්න පුළුවන්.

සාදාගන්නා ආකාරය

මුලින්ම, අවශ්‍ය සියළුම ද්‍රව්‍ය බ්ලෙන්ඩර් කෝප්පයට දමා කෑලි නොසිටින තරමක් උකු මෘදු මිශ්‍රණයක් ලැබෙන සේ හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

හැන්දෙන් ගත්විට වැක් නොකෙරෙන තරමට මිශ්‍රණය උකු වැඩි නම් තවත් කිරි ටිකක් එකතු කරගන්න ඔබට පුළුවන්.

දැන් පැතලි භාජනයක් ලිප තබ එහි තෙල් ආලේප කර තෙල් රත්වූ විට සාදාගත් මිශ්‍රණයෙන් කොටස බැගින් දමා අඩු ගින්දරේ පිසගන්න.

උඩ පැත්තේ බුබුළු මතුවන විට ප්‍රවේශමෙන් අනෙක් පැත්ත හරවා ඒ පැත්තත් එලෙසම පිසගන්න.

දෙපැත්තම රන්වන් පාට වූ පසු ලිපෙන් ඉවත් කර බ්ලූබෙරි, ඇපල්, පැණි, ජෑම්, චොකලට් හෝ ස්ට්‍රෝබෙරි සිරප්, රටකජු තැවරුම, කෙසෙල් වගේ ඔබ කැමති ඕනෑම දෙයක් සමඟ පිළිඟන්වන්න ඔන්න රසවත් පෑන් කේක් පිළියෙල කරගෙන අවසන්.

එහෙනම්, හදල බලමු නේද? 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyReply allForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles