අපේ ලස්සනට බාධාවක් වෙන ඉන්නන් ඉවත් කරන ක්‍රම

ඉන්නන් කියන්නේ කාන්තා පාර්ශවයට වගේම පිරිමි පාර්ශ්වයටත් බොහෝ වෙලාවට ඇති වන ගැටලුවක්. ඉන්නන් ලෙස හඳුන්වන්නේ මානව පැපිලෝමා වෛරසයේ ( Human papilloma virus – HPV ) වික්‍රියා හේතුවෙන් වර්ධනය වන පිළිකා නොවන සමේ වර්ධනයකි. ඉන්නන් වර්ග කිහිපයක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඒවා හානිකර නොවන අතර සමහරවිට ඒවා කරදරකාරී සහ වේදනාකාරී විය හැකි වනවා. කෙසේ වෙතත් නවීන තාක්ෂණ ක්‍රම වලට අනුව දැන් ඉන්නන් ඉවත් කළ හැකියි. 

ඉන්නන් වර්ග මොනවද ? 

සාමාන්‍ය ඉන්නන් 

මෙම ඉන්නන් වර්ගය සාමාන්‍යයෙන් හට ගන්නේ ඔබේ අත් වලයි.ඒවා බොහෝ විට රළු ගැටිති මෙන් දැනෙන අතර බීජ මෙන් පෙනෙන කළු තිත් ලෙස දිස්විය හැකියි. ඒවා කුඩා තුඩක ප්‍රමාණයේ සිට කඩල ඇටයක ප්‍රමාණය දක්වා වර්ධනය වීමේ හැකියාව තිබෙනවා. 

ප්ලාන්ටාර් ඉන්නන්

මෙම ඉන්නන් වර්ගය සාමාන්‍යයෙන් ඔබේ පාද වල ඇති වෙනවා. ඒවා බොහෝවිට පැතලි විය හැකි අතර තරමක් විශාල විය හැකියි. ඒ වගේම ඔබ සිටගෙන සිටින විට හෝ ඇවිදින විට වේදනාව ඇති කිරීමට බොහෝ විට ඉඩ තිබෙනවා.

මොසෙයික් ඉන්නන්

මෙම ඉන්නන් සුදු පැහැ වන අතර කුඩා තුඩක ප්‍රමාණයකින් යුක්ත වෙනවා.ඒවා සාමාන්‍යයෙන් ඔබේ පාදවල සහ ඇගිලි යට හට ගැනීමට හැකියාව ඇති අතර ඔබේ පාදවල විශාල ප්‍රදේශයක් දක්වා පැතිරී ආවරණය කළ හැකියි. මෙය ප්ලාන්ටාර් ඉන්නන්ට වඩා පැතලි වන අතර ඔබ ඇවිදින විට කලාතුරකින් වේදනාවක් හට ගැනීම සිදුවීමේ හැකියාව තිබෙනවා .

පැතලි ඉන්නන්

මෙම ඉන්නන් වර්ගය ඔබේ ශරීරයේ ඕනෑම ස්ථානයක වර්ධනය විය හැකියි.ඒවා අනෙකුත් ඉන්නන් වර්ග වලට වඩා කුඩා සහ සිනිදු වන අතර වරකට ඉන්නන් 20 – 100 දක්වා විශාල ලෙස වර්ධනය වීමට හැකියාව තියෙනවා

ලිංගික ඉන්නන්

මෙම ඉන්නන් වර්ගය ඔබේ ලිංගික අවයව සහ ගුද මාර්ගය අවට ඇති වේ. මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන හරහා සිදු වන අතර සමෙන් සමට සම්බන්ධ වීම හරහා ආසාධනය වීම සිදුවනවා. ලිංගික ඉන්නන් රළු මතුපිටක් සහිත කුඩා දෘඩ ගැටිති ලෙස දිස්වන අතර HPV වර්ග 6 සහ 11 මගින් ලිංගික ඉන්නන් 90 %  පමණ ඇති කරයි.

ඉන්නන් සඳහා තිබෙන ප්‍රතිකාර මොනවාද ?

ඉන්නන් 65 % පමණ බොහෝ විට ස්වාභාවිකවම පහව යන නමුත් එයට වසර ගණනාවක් ගත වීමේ හැකියාව තියෙනවා. නමුත් සමහර ඉන්නන් වර්ග පැතිරීම සහ වේදනාකාරී වීම මත ඒවා ඉවත් කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වනවා. ඉන්නන් වර්ගය, ඒවා පැතිරීමේ වේගය සහ වේදනාකාරී වීම මත ඒවාට අදාළ ප්‍රතිකාර ක්‍රමය වෛද්‍යවරයකු ලවා නිර්දේශ කර ගෙන ඉවත් කිරීම කළ යුතුයි. 

Over the counter ( OTC ) products 

OTC ඉන්නන් ඉවත් කිරීමේ ඖෂධ වල ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ Salicylic අම්ලය යි. මෙම ඖෂධය මගින් ඉන්නන්ව  එක් ස්තරයකින් දියකර හරිනවා. මෙවැනි නිෂ්පාදන දියර , ජෙල් සහ පැච් ආකාරයෙන් ලබාගත හැකි අතර ඉන්නන් සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා ඔබට මාස කිහිපයක් දිනපතා ඖෂධ යෙදීමට සිදු විය හැකියි. සාමාන්‍යයෙන් Salicylic අම්ලයට ඉන්නන් 50 % සිට 70 % දක්වා සුව කිරීමේ හැකියාව තිබෙනවා.

Medical freezing 

Cryotherapy ලෙස හඳුන්වන මෙම ප්‍රතිකාර ක්‍රමයේදී වෛද්‍යවරයා විසින් දියරමය නයිට්‍රජන් ඉන්නන් මත යොදන අතර ප්‍රතිකාර වාර කිහිපයකදී ඉන්නන් ස්වාභාවිකවම ඉවත්වීම සිදු වනවා.

ප්‍රතිශක්තිකරන චිකිත්සාව

ප්‍රතිශක්තිකරන චිකිත්සාව මගින් ඔබේ ප්‍රතිශක්තිකරන පද්ධතියට ඉන්නන් ඇති කරන වෛරසයට එරෙහිව සටන් කිරීමට උපකාරී වනවා.මෙහිදී භාවිතා වන්නේ දේශීය රසායනික ද්‍රව්‍යයයි.මෘදු ආසාත්මිකතා ප්‍රතික්‍රියාවක් මෙහිදී ඇති කරන අතර එමගින් ඉන්නා ඉවත්වීම සිදුවනවා.

ශල්‍යකර්ම 

සමහර ඉන්නන් වර්ග සහ ඒවායේ තත්ත්වය අනුව ඒවා කපා ඉවත් කිරීමට වෛද්‍යවරයා නිර්දේශ කළ හැකියි. එවිට සුළු ශල්‍යකර්මයක් මගින් ඉන්නන් කපා ඉවත් කිරීම සිදු කෙරෙනවා.

ලේසර් ප්‍රතිකාරය 

ඉන්නන් තුළ ඇති කුඩා රුධිර නාල රත් කිරීමට සහ විනාශ කිරීමට ලේසර් ආලෝකය භාවිතා කිරීම මෙම ප්‍රතිකාර ක්‍රමයේදී සිදු කරනවා.මෙම ක්‍රියාවලියේදී රුධිර සැපයුම කපා ඉන්නන් මරා දමන අතර ඉතා කුඩා කැළලක් ඉතිරි වීමේ හැකියාව තිබෙනවා. 

ඉන්නන් බහුලව දක්නට ලැබෙන අතර ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් 10% කට පමණ මෙවැනි තත්ත්වයන් ඇති වෙනවා. නමුත් එය හානිකර තත්ත්වයක් නොවන අතර මෙවැනි ප්‍රතිකාර ක්‍රම මගින් ඔබට ඉතා පහසුවෙන් ඒවා ඉවත් කර ගත හැකියි. අද අපි මේ ලිපියෙන් ඔබට තොරතුරු ගෙන ආවේ ඉන්නන් වර්ග කිහිපයක් සහ ඒවාට තිබෙන ප්‍රතිකාර ක්‍රම කිහිපයක් ගැනයි 

Related Articles

Don't Miss


Latest Articles