සඳක් තනියම – 44

0
6800

යුවතිය වේදිකාවට නැගුණේ සිය දෙපා පවා වෙව්ලමින් තිබියදීය.මේ ඇය කිසිසේත්ම අපේක්ෂා නොකළ අවස්ථාවකි. අකලංක පියවර තැබුවේ ඈ පසුපසින්ය.වේදිකාව මතට නැගුණු  යුවතියට බොහෝදුර ඇවිද යාමට හැකිවූයේ නැත.එකවරම පා පැටලුණු ඈ බිම නොවැටී බේරුනේ අකලංකගේ ශක්තිමත් දෑතට මැදි වූ නිසාය.

තත්පර කිහිපයකට පසුව ඇයව කෙලින් සිටවූ ඔහු ඇගේ දෙපා මුල බිමට පහත් වූයේ කිසිවක් නොකියමින්ය.තම අඩි උස සපත්තුවේ එක් පටියක් ගැලවී එය අනිත් පයට පැගී  තිබෙන අයුරු දිනාරා දුටුවේ එවේලෙහිය.ශාලාවේ අත්පොළසන් නාදය නැවතී තිබූ බව දෙදෙනාම දැන සිටියේ නැත.අකලංක ඇගේ අනිත් පයට යටවී තිබූ පටිය ප්‍රවේසමෙන් මුදාගෙන එය නිසි ලෙස සපත්තුවේ රැඳවූයේය.

“ අනේ අම්මා බලන්න මල්ලි කරපු ඒ දේ..එයා දිනා රට හරි ආදරෙයි අම්මා..අනේ ඇයි මේ දරුවා තේරුම් ගන්නේ නැත්තේ අම්මා මේ ආදරේ..”

නර්මදා  එහාපස උන් සිය නැන්දනියගේ දකුණත අල්ලා ගත්තේ දෑස් වලින් කඳුළු බෙරී යද්දීය.ඒ දසුන ශාලාවේ උන් සියල්ලන්ගේම දෑස් වලට කඳුලක් උපද්දවන්නට සමත් විය.කුමක් කියන්නේදැයි තේජාට වැටහුම්  වූයේ නැත එහෙත් ඒ දෑත් පවා වෙව්ලමින් තිබිණ.මින් වසර එකහමාරකට පමණ ඉහතදී සෙල්ලක්කාරයෙකුසේ තමා දුටු  තරුණයා මේ සා ගුණයහපත් සංවේදී සිත් ඇත්තෙක් වී ඇතැයි  ඈ කොහොමටවත් නොසිතුවාය.

“ යමු…..”

අකලංක එසේ පැවසූයේ යුවතියකේ දෙපා අසලින් නැගී සිටියාට පසුවය.ඇගේ දෑස්වල වූ කදුළු ඔහුව රිදවූවත් මේ ඒ ගැන යමක් පවසන්නට වෙලාව නොවේ.යළිත් ශාලාව එකම අත්පොළසන් නාදයකින් ගිගුම් දෙන්නට විය.

දිනාරාට ඒ කදුළු පිසදා ගන්නට අවැසි නොවිණ.විශ්ව සේම මහින්දත් ඔවුන් දෙස බලා සිටියේ සිය දෑස් වල කඳුළක් තබාගෙනය.ඒ සංවේදී මිනිසුන්ගේ හැටිය.

“ ඒ අහම්බය  ඇත්තටම අමතක නොවෙන ලස්සන දර්ශනයක් වේවි.ගැහැනියකට වටිනාකමක් දෙන්න පුළුවන් මහත්මා ගති ඇති පිරිමියෙකුට විතරයි. මං හිතන්නේ අද මේ වේදිකාවේ සිටගෙන ඉන්න පිරිමියෙක් විදිහට මං බොහොම ආඩම්බර වෙනවා අකලංක ගලප්පත්ති මහතා ගැන.

මේ ගැන  මට කියන්න බොහෝමයක් කරුණු කාරණා තිබුණත් මම ඒ සඳහා කාලය මිඩංගු කරන්නේ නැහැ.හැබැයි හෙට දවසේ මේ රටේ මාධ්‍ය,  සමාජ මාධ්‍ය මේ ගැන කතා කරාවි.

ඉතින් මම ගෞරවයෙන්  ආරාධනා කරනවා ඔවුන් වෙනුවෙන් පිරිනැමීමට ඇති සමරු තිළිණ ඔවුන් වෙත පිළිගන්වන ලෙස.

දිනාරා විශ්ව අසලට වී සිටගෙන සිටියදී අකලංක වේදිකාවේ කෙලවරක වූ මයමයික්‍රපෝනය වෙත ඇවිද ගියේ සිය දෑත් කලිසම් සාක්කු තුළ රුවාගෙනය.ඔහු කුමක් කරන්නට සූදානම් වනවාදැයි මහින්ද සේම විශ්වත්  බලා සිටියේ මවිතයෙන්ය.වේදිකාවේ ඉදිරි පෙළක අසුන්ගෙන උන් තේජා උන්නේ තම පපුවට අත තබාගෙනය.නර්මදා දෑස් විසල් කරගෙන බලා උන්නාය.දිනාරා තවමත් ගැහෙන හදවත සන්සුන් කරගන්ට උත්සහ දරනා  ගමන්ය.

“ ඒයි  මූ කියන්නද බං යන්නේ මේ රටක් ඉස්සරහ මූ දිනාරාට  කැමතියි කියලා.”

හේෂාන් පැවසූයේ සිය දකුණත නළලත මත රන්දා ගෙනය.

“ ඒ මූට පිස්සුද බං මූ සිරාවට මොනවද මේ කරන්න යන්නේ?.”

“ මූ ගම කනවා..මහින්ද අංකල්ට මළ පනී බං.මේවා ප්‍රයිවට් විසඳගන්න ඕන කාරණානේ බං..කොච්චර වුණත් දිනාරාත් පහසුතාවයට පත්වෙනවානේ බං මූ එහෙම දෙයක් කලොත්.සප්‍රයිස් කිය කියා හිටියේ මං හිතුවා මූ මොකක්හරි මඟුලක් කරයි කියලා..”

මිතුරන් දෙදෙනා උන්නේ උපරිමයෙන් නොසන්සුන් වී ගෙනය.

එහෙත් අකලංක සිය හඬ අවදි කරද්දී ඔවුන් නිහඬ විය.

“ ස්තුතියි ..ඔබ පැවසුවා මගේ තාත්තා හරි වාසනාවන්ත කෙනෙක් කියලා.හැබැයි ඔබට අමතක උනා ඒ වාසනාව තාත්තට ගෙනාවේ කවුද කියලා කියන්න.අර ඔබ කිව්ව ටීම් වර්ක් එකේ අපිත් කොටස් කාරයෝ.ඉතින් තාත්තත් අයියත් මමත් පාලනය කරන අපේ මේ පවුලේ ව්‍යාපාරය මං දකින්නේ මේ රටේ ලෝකයේ හරි සාර්ථක ව්‍යාපාරයක් විදිහට.

ඉතින් මගේ තාත්තා ගොඩනගපු මේ ව්‍යාපාරයට දිරිය ශක්තිය දීපු කෙනා හිටියේ ඔෆිස් එක ඇතුලේ නෙමෙයි.මගේ ගෙදර..ඉතා කෙටි කාලයක් ඇතුළතදී කෙනෙකුට ව්‍යාපාරයක්තුල දියුණු වෙන්න ව්‍යාපාරික ඥානය සහ මුදල් විතරක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ.ඔහුට තීරණ ගන්න , කල්පනා කරන්න සන්සුන් මනසක් තියෙන්න ඕන.අන්න ඒ සන්සුන් ඔහුට ලැබුණේ ගෙදරට වෙලා ඔහුගේ ශක්තියක් උන  මගේ අම්මා  නිසා.මේ රටේ ඉන්න ගොඩක් අය අපේ පවුලේ ඡායාරූප දැකල ඇති.ඒත් කවදාවත් මේ වේදිකාව උඩට මගේ අම්මා ඇවිල්ල නෑ..හැමදාම ඇය හිටියේ තිරය පසුපස.හැබැයි අදටත් මං දන්නවා තාත්තා මේ ව්‍යපාරයතුල මොන විදිහේ තීරණයක් ගත්තත් මුලින්ම කතා කරන්නේ අම්මා  එක්ක..ඉතින් මං අම්මට ගෞරවයෙන්  ආරාධනා කරනවා..

තේජා නැගී  සිටියේ සිය දෑස් වලට ඉනූ කඳුළු පිස දාගෙනය.ඔහුගේ ආදරය නම් අසමසම වූ එකක් බව විශ්වාසය.

අම්මා වගේම අපේ ගෙදරට ආදරේ අරන් ආපු තවත් කෙනෙක් ඉන්නවා.මම මේ ප්‍රසිද්ධ වේදිකාවේ බොහොම ආඩම්බරයෙන් කියනවා මගේ ජීවිතේ මම දැකපු ආදරණීයම යුවළ තමයි මගේ අයියයි නෑනයි..මං එයාට නෑනා කියලා කියන්නේ ආදරේට.ලස්සනට හදලා තිබුණු අපේ ගෙදර පාට පාටින් වර්ණවත් කලේ  එයා.එයා ආවට පස්සේ අපේ ගෙදර හරි ලස්සන වුණා.මගේ අයියගේ ජීවිතේ ලස්සන වෙන විදිහ මං බලාගෙන හිටියා.එයා තව ලස්සන පුංචි සුරංගනාවියකුත් අපේ ගෙදරට ගෙනාවා. තාත්තයි, අම්මයි , අයියයි මමයි විතරක් හිටගෙන හිටියට මේ වේදිකාව පිරුණු තැනක් වෙන්නේ නෑ.අපේ හිත්වල ලොකු ඉඩක් අයිතිකරගතපු  මගේ අක්කා , නර්මදා ඔයත් මේ වේදිකාවට නගින්නම ඕනේ.අපේ පුංචි සුරංගනාවිත්  එක්ක..”

විශ්ව ඉදිරියට ගියේ අකලංක එසේ පවසද්දීය.දියණිය උන්නේ නිදාගෙනය.නර්මදා  ඇයවත් වඩාගෙන ඉදිරියට පැමිණෙද්දී විශ්ව දරුවා තමා අතට  ගත්තේ ඇගේ උරහිස වටා තම දකුණත යවනා අතරේය.ඈ ඇද උන් සුදුපැහැ දිගු යාන්තමින් ඉදිරියට නෙරා එන කුස පැහැදිලිව පෙනෙන්නට තිබිණ.යළිත් වරක් ශාලාව එකම අත්පොළසන් නාදයකින් ගිගුම් ⁣දෙන්නට විය..නිවේදකයා තවත් මොන මොනවාදෝ පැවසුවත් ඒ කිසිවක් කිසිවෙකුට නොඇසුණු තරම්ය.අකලංක කලින්ම ගැහැණුන්  දෙදෙනා වෙනුවෙන් වෙන් කර තිබූ මල් කළඹවල් වේදිකාව වෙතට ගෙන ආවේ හේෂාන්ය. මුල්ම මල් කළඹ මහින්ද අතට දුන්නේ අකලංකය.ඔහු එය තම බිරිඳට පිළිගන්වා ඇගේ නළලත සිප ගත්තේ වේදිකාව මතදීමය.දෙවන මල් කළඹ විශ්ව අතට දුන්නේත් ඔහුමය.විශ්ව එම මල් කළඹ තම බිරිඳට පිළිගන්වා ඇයව සිපගෙන තම තුරුලට ගත්තේ සිනහමුසුවය.අනිත් මල් කලඹ අකලංක තේජා වෙත දිගු කළේ දිනාරාට දෙන්නයැයි  පවසමින්ය.එහෙත් තේජා එය යළිත් තම පුතණුවන් හට ලබා දී දිනාරා සමීපයට ඔහුව කැඳවාගෙන ගියාය.යුවතියකගේ දෑස් වලින් කඩා වැටුණු කඳුළු පිසඳා ගන්නට ඇයට අමතකව තිබිණ.අවසන අකලංක දිගු කළ මල් කලඹ ඈ විසින් පිළිගත්තේ සිය ගැහෙන  දෑත් ඉදිරියට දිගු කරමින්ය.

 “ මං හිතන්නේ මේක හරි සුන්දර දර්ශනය.ඒ වගේම අකලංක ගලප්පත්ති මහතා ගැන පුංචි ඉඟියකුත් ලබා දුන්නද කියලා මට හිතුනා..කොහොම වුණත් මේ ලස්සන පවුලට ඇස් වහක් කට වහක් නම් වදින්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා..මං හිතන්නේ මේ තමයි අපි රකින සංස්කෘතිය, සභ්‍යත්වය, දකුණු ආසියාතික අපිටම පමණක් උරුම වූ සංවේදීකම.අ මුළු ලෝකයටම ආදර්ශයක්..මුළු ලෝකයටම ලස්සන කතාවක්..”

පිරිස වේදිකාවෙන් බැස ගියේ නිවේදකයා එසේ පවසද්දීය. දිනාරා හිමාෂා අසලට යද්දී ඇය නැගිට දිනාරාව සිප ගත්තේ,

  “ හැම දේම අමතක කරලා ලස්සන ජීවිතයකට යන්න කාලෙ හරි “ යැයි පවසමින්ය.

ඇය යළි   අසුන්ගෙන ගතව ගියේ තත්පර කිහිපයකි.

“ දිනාරා අනේ සොරි..ප්‍රියංකා ආන්ටි  කතා කලා.මල්ලිට ටිකක් උන  වැඩි උනාලු.ගෙවල් ළඟ ඩොක්ටර් ලගට ගෙනිච්චහම ඩොක්ටර් කිව්වලු ලේඩි රිජ්වේ  එකට ගෙනියන්න කියලා..ප්‍රියංකා ආන්ටියි කුමාරි අක්කයි හොස්පිට්ල්  එකට යන ගමන් කිව්වා.ඔයාට කලබල වෙන්න එපා කියලත් කිව්වා.මේ උත්සවය ඉවර වෙලා මමත් එක්ක අපේ ගෙදර යන්න කියලා කිව්වා.”

“අනේ හිමාශා මල්ලි…”

“ කලබල වෙන්න එපා කියලා ප්‍රියංකා ආන්ටි  මගින් මගටම කිව්වා.මට ඔයාට මේක කියන්නත් කියලා කිව්වේ උත්සවය ඉවර උනාට පස්සේ.බය  වෙන්න දෙයක් නෑ ප්‍රියංකා ආන්ටි  මල්ලි එක්ක ඉන්නවනේ.ඔයාට අපේ ගෙදර ගිහිල්ලා හෙට උදේ එන්න කියලා කිව්වේ.”

“ අනේ මගේ මල්ලි.. මට එයා ගැන බයයි..”

“  කලබල වෙන්න එපා. දැන් නර්මදා මිසුත් මේ පැත්ත හැරිලා බලයි..”

“  මට යන්න ඕනේ හිමාෂා අනේ ප්ලීස්..”

“ දැන් රෑ දහයත්  පහුවෙලා .හරි ඔයාට යන්නම ඕනනම් අපි මේක ඉවර වෙලා යමු.මමත් එන්නම්..”

“ හොස්පිට්ල් ගෙනියන්න ඇත්තේ එයාට මොනවා හරි ලොකු අමාරුවක්.. අනේ ප්ලීස් හිමාෂා  මම යනවා..ඔයා මහින්ද සර්ලට කියන්න..”

“ අනේ ඔහොම හිතුවක්කාර වෙන්න එපා..”

“ නෑ… නෑ.. මං හිතුවක්කාර වෙනව නෙමෙයි  මට මල්ලි ඇරෙන්න වෙන කවුරුත් නෑ.මගේ අම්මත් මාව දාලා ගියා..මගේ මල්ලිව බලන්න ඉන්නේ මම විතරයි.එයාට මොනව හරි උනොත්..”

“ අනේ කෙල්ලේ..”

“ මං ගැන බය වෙන්න එපා මට මෙතනින් ට්‍රයි ෂෝ එකක  නැගලා යන්න පුළුවන්..” 

දිනාරා  නැගී සිටියේ එසේ පවසමින්ය.නර්මදාගෙනුත්  තේජාගෙනුත් සමු නොගත් ඈ ආසන පේළිය කෙළවරකින් ඇවිදගොස් ශාලාවෙන් පිටතට පැමිණියාය..ඇය යම් රාජකාරියක් සඳහා නැගී සිටියායැයි සිතූ නර්මදාත් තේජාත් උත්සවයේ අවසන් අදියර දෙස බලා සිටියා මිස ඇය ගැන අවධානය යොමු නොකළහ.

කලබලයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට පැමිණි යුවතිය පාරේ යන ත්‍රීරෝද රථයක් නවතා ගත්තේ ළමා රෝහලට යාමට අවැසියයි පවසමින්ය.

රාත්‍රිය වුවත් හඬා වැලපී ඈ වාට්ටුව තුළට දිව යන්නට අවසර ඉල්ලා ගත්තාය.

යුවතිය මද අඳුරක් වූ කොරිඩෝව  දිගේ දුවගෙන ගිාය්  මීටර් සියය දුවන ක්‍රීඩිකාවක් ලෙසය.

( යළිත් හමුවෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here